Health
ලෙඩට දුකට ගමේ වෙදමහත්තයා ළඟට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිකාරත් කරලා බලන්න
මීගොඩ ආයුර්වේද රෝහලේ
වෛද්‍ය රුවන් රත්නායක
අතිතයේදී ගැමියා විසින් හදිසි රෝගාබාධ සඳහා අවශ්‍ය වන ඉඟුරුල කරපිංචාල ඉරිවේරියල කහල ආඩතෝඩාල මුරුංගාල දෙහිල සස්සඳල වැනි බෙහෙත් පැලෑටි වර්ග තම ගෙවත්තේ වවා හදිසි අවස්ථාවකදී ගමේ වෙද මහත්තයා ළඟට යාමට පෙර ඔවුහු ඒවායින් ප්‍රථමාධාර ලබාගන්නා ලදීග බොහෝ විට රෝගියා ඉන් සුවය ලබන වාර අනන්තයග එදා අපට සුවය සලසාදුන් එවැනි පැලෑටි වර්ග මෙන්ම අනේකවත් බෙහෙත් ගස් අද ඉන්නා බොහෝ පිරිස් හඳුනන්නේ නැතග අමු ඉඟුරු කැබැල්ලකට පවා අද කඩපිලට යාමට සිදුව ඇතග එසේ නම් අද අපගේ මේ හඳුනාගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනවා මෙන්ම ගෙවත්තේ හෝ ගොවිපළක සිටුවීමට යම් රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේග
බෙලි
ඉතාම සුගන්ධවත් බෙලි ඖෂධීය පලතුරකිග කහ පැහැති ඵලය ඉතාම රසවත්යග බෙලි ශාකයේ මුල්ල කොළල මල්ල පොතුල ඇටල පමණක් නොව මදයද ඖෂධ සඳහා භාවිතා වේග පැසුණු බෙලි මලබද්දය නසයිග
බෙලි මල් තම්බා ඖෂධීය පානයක් ලෙස තේ වෙනුවට භාවිතා කළ හැකියිග එසේම
මෙය වමනය ද පාලනය කිරීමට යොදා ගැනේග බෙලි මුල් වා පිත් සෙම් සමනයට සුදුසුයිග බෙලි ඇට හොඳ විරේකයකිග හදවත් රෝගවලින් පීඩා විඳින්නන්ට බෙලි මුලේ පොතු තම්බා බීම හොඳ ප්‍රතිකාරයක් වේග අත්දුටු ප්‍රතිකාරයක් ලෙස ඉදිමුමට බෙලි කොළ වතුරේ තම්බා තැබීම සුදුසුයිග අධික ලෙස දුගඳ ඇති විට බෙලි කොළ අඹරා ගෑමෙන් එම තත්ත්වය මඟහැරිය හැකියිග
අජීර්ණය මඟහරවයිග ඉදුණු බෙලි මද ඇට ඉවත්කර සීනි දමා තලපයක් ලෙස හෝ ජලය දමා පානයක් ලෙස ගත හැකි අතර පිපාසය සංසිඳුවීමටත් බඩේ අජීර්ණයක් මඟහරවා ගැනීමටත් මලබද්ධයට ප්‍රතිකාරයක් ලෙසත් උපකාරී වේග බෙලි කොළ පවනේ වේලා කුඩු කර තේ මෙන් වක්කර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගයට සුදුසුයග
අරළු
අරළු වයසට යාම වළක්වන ඖෂධයකිග වාල පිත්ල සෙම් යන තුන් දොසම සමනය කරයිග අරළු සපා කෑමෙන් කුසගිනි වැඩේග මෙහි පංචරසය පවතීග
වියලි කලාපයේ හොඳින් වැඩෙතත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ වැඩීමේ හැකියාව ඇතග අරළු ඵලයේ ඵල ආවරණය ඖෂධ පිණිස ලබා ගනීග
බුද්ධි වර්ධනය කරයි ස්මරණ ශක්තිය වර්ධනය කරයිග රුධිරය පිරිසුදු කිරීමේ හැකියාව ඇතග
ආයුර්වේදයේදී ශරීරයේ අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන රෝග සඳහා ඒකීයව ප්‍රයෝජනයට ගතහැකි ඖෂධයකිග
අරළු චූර්ණය:කුඩු- භාවිතා කිරීමෙන් මලබද්ධය දුරුවේග ඒ අතර ආහාර ජීරණය හා ශක්තිය වර්ධනය කරයිග අරළු කුඩු සමේ ආලේප කිරීමෙන් සම පැහැපත්වේග
අරළුල බුළුල නෙල්ලි අඩංගු ඖෂධ භාවිතා කිරීමෙන් දියමැටියා කෑම හා කොලෙස්ටරෝල් නමැති බෝ නොවන රෝගවලට හිතකරයිග මෙහි ශෝධන ගුණය ඇතග ත්‍රිදෝෂ සමන ගුණ පවතින නිසා ඕනෑම රෝගයක් සුවවනු ඇතග
හික්කාල පිපාසාල බඩපිපුමල ඇස් රෝගයල සෛල නැවත සකස් කිරීමේ ශක්තියල මළ හොඳින් පහවීමල හෘදය ශක්තිමත් කිරීම මුත්‍රකාරක බවල චර්ම රෝගල අර්ශස්ල පීනසල සුදයාමල උදර රෝග යන රෝගාබාධයන් සුව කිරීමට යොදා ගනීග මෙය දිව්‍ය ඔසුවක් වන්නේ ඒ නිසායග
දිවුල්
දිවුල්ගසේ කොළල මල්ල ගෙඩිල මැලියම්ල මුලේ පොතු ඖෂධ ලෙස භාවිතා කෙරේග විශේෂයෙන් දිවුල් ප්‍රසිද්ධ වී ඇත්තේ හොඳ පලතුරක් ලෙසයිග දිවුල් රසවත් මෙන්ම ගුණවත් පලතුරක් නිසා අද බොහෝ දෙනා මෙය භාවිතා කරයිග එමෙන්ම ඖෂධයක් ලෙසට භාවිතා වෙයිග ගෙඩියේ මදය මෙහි පලතුරයිග ඉදුණු දිවුල් ශීත ගුණයෙන් යුක්තයිග නමුත් මෙය අමුවෙන් උෂ්ණයිග මන්ද යත් එහි ආම්ලික බව නිසයිග
වියලි කාලයේ බහුලව වැඩෙන මෙම ගස උස ගසකිග මෙහි ඉදුණු ගෙඩිවල අමුතුම සුවඳක් පවතීග
කුඩා ළමුන්ගේ වර්ධනයට දිවුල් උපකාරී වෙයිග
අතීසාරයල වමනයල පෙනහළු ආබාධ සඳහා ඖෂධයක් වශයෙන් යොදා ගනීග
මී විෂට ඇති ප්‍රධානම ඖෂධයද දිවුල්යග ඊට අමතරව දිවුල් කොළයේ යුෂ සර්ප විෂට භාවිතා කරයිග ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළදී දිවුල් රසායන ඖෂධ සඳහා භාවිතා වෙයිග දිවුල් කොළ යුෂට කළු හීනැටි හාල් කැඳ සාදා දීමෙන් මී විෂ නැතිවේග
වර්තමානයේ ජෑම් සහ කෝඩියල් වර්ග වැනි නිෂ්පාදන සකසයි
curtesy :
dinamina.lk