Beauty
ලස්සන වන්නට කෝමාරිකා සත්කාර....
අපි හැමෝම දන්නවානේ කෝමාරිකා කියන්නේ ලස්සන වන්නට සොබා දහමෙන් අපට ලැබිලා තියෙන වටිනා පැලයක් කියලා. ඒ වගේම අපි කලින් දවසක කතා කළා, ලස්සන වන්නට කෝමාරිකා කොහොමද අපිට උදව් වෙන්නේ කියලා. ඉතින් අද අපි කියන්න යන්නේ, ඒ ප්‍රයෝජන ලබා ගන්නට කොහොමද කෝමාරිකා සත්කාර හදා ගන්නේ කියලා. හැබැයි කෝමාරිකා "ස්වභාවික පැලයක්" වුවත්, ඔයාට යාම සමේ රෝගයක් තිබේ නම්, දොස්තර කෙනෙක්ගේ උපදෙස් නොමැතිව මේ සත්කාර අත්හදා බලන්න එපා.
දැන් අපි බලමු මොනවද මේ සත්කාර කියලා....
පැහැපත් සමකට
අවශ්‍ය දෑ: කහ, කෝමාරිකා, රෝස වතුර, මි පැණි හා කිරි
පියවර: කහ කුඩු වලට කිරි මේස හැඳි 1ක්, මී පැණි මේස හැඳි 1ක් හා රෝස වතුර දමා තලපයක් සාදා ගන්න. ඉන්පසු එයට කෝමාරිකා යුෂත් දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. ඔයා අනිවාර්යෙන් ලස්සන පැහැපත් සමක අත්දැකීම මේ සත්කාරය තුලින් ලබයි.
සමේ අව පැහැය ඉවත් කර ගැනීමට
අවශ්‍ය දෑ: කෝමාරිකා, ලෙමන් යුෂ
පියවර: කෝමාරිකා හා ලෙමන් යුෂ හොදින් මිශ්‍ර කර, සමේ අව පැහැ තැන් වල මෙය ආලේප කරන්න. විනාඩි 15ට පමණ පසු එය ඇල්මැරුණු වතුරෙන් සෝදා ඉවත් කරන්න. ඔයා ජිවත් වන්නේ, ගොඩක් හිරු රශ්මිය වැටෙන, උෂ්ණ අධික පැත්තකනම් මෙය ගොඩක් හොද සත්කාරයක්.
තෙල් සහිත සමකට
අවශ්‍ය දෑ: කෝමාරිකා, මී පැණි
පියවර: මුලින්ම කෝමාරිකා කොලය තම්බා ගෙන එය තලපයක් වන සේ හොදින් අබර ගන්න. ඉන්පසු මෙයට මී පැණි එකතු කර, මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ට පමණ පසු මෙය සිසිල් වතුරෙන් සෝදා හරින්න. සමේ ඇති තෙල් ස්වභාවය පාලනයට, මෙය හොද සත්කාරයක්....
සංවේදී සමකට
අවශ්‍ය දෑ: කෝමාරිකා, යෝගට්, රෝස වතුර, පිපිඤ්ඤා යුෂ
පියවර: මේ සියලු දෑ යොදා ගෙන තලපයක් සාදා ගන්න (මෙහිදී රෝස වතුර ස්වල්පයක් පමණක් යොදා ගන්න). මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15ට පමණ පසු සිසිල් වතුරෙන සෝදා හරින්න. සංවේදී සමක තිබෙන තෙල් ස්වභාවය, මැරුණු සම සහ සමේ ඇති කුණු ඉවත් කිරීමට මෙය ගොඩක් හොද සත්කාරයක්.
වියළි සමකට
අවශ්‍ය දෑ: කෝමාරිකා, ආමන්ඩ්
පියවර: ආමන්ඩ් හොදින් පොඩි කර එයට කෝමාරිකා යුෂ මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ට පමණ පසු ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. මෙමගින් සැමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සම මෘදු කරයි.
පේනවා නේද, කෝමාරිකා පාවිච්චි කරලා ගෙදරදීම ඔයාලගේ රුපය ලස්සන කර ගන්නට කරන්න පුළුවන් පහසු සත්කාර!
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)