Beauty
ලස්සන දෑතක රහස දැන් නම් රහසක් නොවේ..
ලස්සන දෑතක රහස එහි නිය පෙළයි. ඒ නිසාම හැඩ වැඩ ඇති නිය පෙළක්පවත්වාගෙන යාම කාන්තාවක් කළ යුතුමදෙයක්.
ඒ අතර ස්වභාවික නිය කුමන හෝ හේතුවක් මත අවලස්සන වීම නිසා හෝ වෙනත් හේතු මත කෘත්‍රිම නිය පැලඳීම සිදු කළ හැකියි. කෘත්‍රිම නිය පැලඳීම හා එම නිය අලංකරණය පිළිබඳ අද අපි වැඩි දුරටත් කරුණු සාකච්ඡා කරමු.
සවිමත් කෘත්‍රිම නියපොතු පෙළක් නිර්මාණය කිරීමේ දී ඒ සඳහා විවිධ ක්‍රම භාවිත කෙරේ. ඒ අතර ඇක්රලික් නේල් ක්‍රමය, ජෙල් නේල් ක්‍රමය, නේල් රැප් (භ්සක අර්ච) ක්‍රමය ආදිය ලොව ප්‍රචලිතය. මෙම ක්රමයන්ට අපි නිය සඳහා
ධඩැරක්හ (ඕවර්ලේ) එකක් භාවිත කිරීම ලෙස හඳුන්වමු.
කෙටි නිය ඇති අයට අලුත් නියපොතු නිර්මාණය කිරීම සඳහා ඇක්රලික් ක්‍රමය වඩාත් සුදුසුය. කිසිවකුට හඳුනාගත නොහැකි ලෙස කෙටි නිය, දිගු නියපොතු බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදු කරයි.
මෙම ක්‍රමයට නිය සැකසීමට අවශ්‍ය ප්‍රධාන ද්‍රව්‍ය ලෙස,
1. නේල් ෆෝම්ස් (කෙටි නියපොත්ත පමණක් නිරාවරණයකර, ඇඟිල්ලේ ඉතිරි කොටස ආවරණයකර ඇලවිය හැකි අතර මේවායෙහි නියපොතුවල දිග ප්‍රමාණය නිර්ණය කිරීමට අවශ්‍ය කොටු සටහනක්ද ඇත.) - මෙය ප්‍රොටෙක්ටිව් ෂීල්ඩ් ලෙස ද හැඳින් වේ.
2. රවුම් හැඩැති - ඇක්රලික් නිය සඳහා භාවිත කරන බ්‍රෂ් එකක්
3. ඵදබදපැර කසුමසා ( (ඇක්රලික් ලික්විඩ්)
4. ඡදකසපැර චදආැර (ඇක්රලික් පවුඩර්)
5. ෘ්චැබ ාසිය (කුඩා වීදුරු බඳුනක්)
6. ටිෂූ බොක්ස් එකක්
7. නේල් ප්‍රයිමර්
8. විසබීජ නාශකයක්
9. ඇසිටෝන් දියරය
10. නේල් ෆයිල් සහ බෆර් එකක්
11. ක්‍යූටිකල් ඔයිල්
ඇක්රලික් නේල් ක්‍රමය
නියපොතු හොඳින් පිරිසුදු කරන්න. සියුම් නේල් ෆයිල් එකක් ගෙන නියපොතු මත ඇති ස්වභාවික දීප්තිමත් බව ඉවත් කළ යුතු වේ. ඉන්පසු විසබීජ නාශකයකින් නිය පිරිසුදු කළ යුතුයි. දැන් නියපොත්ත මත නේල් ෆෝම් එක නිසි ලෙස රඳවා ගන්න.
නිය මත .නේල් ප්‍රයිමර්. ආලේප කළ යුතුයි. නේල් ප්‍රයිමර් භාවිත කරන විට දෑත් ආවරණ සහ දෙනෙත් ආවරණ සඳහා භාවිත කරන කණ්ණාඩි පැලඳීම වඩා යෝග්‍ය ක්‍රමයයි. ඒ ඉන් නික්මෙන අධික සැර සහ රසායනික තත්ත්වයෙන් දෑත් හා දෑස් අනිවාර්යයෙන් ම ආරක්ෂා විය යුතු බැවිනි.
දැන් බ්‍රෂ් එක ගෙන එහි අග කෙළවර .ඇක්රලික් ලික්විඩ්. එකේ පොඟවා එසැනින්ම එය .ඇක්රලික් පවුඩර්. බඳුන තුළ බහා කුඩා රවුම් බෝලයක් සෑදෙන ලෙස සාදා එය පළමුවෙන් ම නේල් ෆෝම් එක මත තැබිය යුතු වේ. දැන් මෙය බ්‍රෂ් එකේ මැද කොටස භාවිතකර ෆෝම් එක මත තුනී වන ලෙස තද කරමින් තැන්පත් කළ යුතුව ඇත.
නැවතත් බ්‍රෂ් එක ඇසිටෝන්වලින් පිරිසුදුකර පිසදමා ඇක්රලික් දියරයේ සහ ඇක්රලික් පවුඩර්වල බහා කුඩා බෝලයක් සාදා දැන් එය ස්වභාවික නියපොත්ත මත තබා ක්‍රමයෙන් එය පැතලි කරමින් නියපොත්ත මත හැඩය නිසි ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙම වැඩ කොටස ඉතාම ඉක්නින් කිරීමට ඔබ පුහුණු විය යුතුය. නැතහොත් මෙම බදාමය ඉතා ඝන තත්ත්වයකට පත් වී සේවාදායකයා සහ ඔබ යන දෙදෙනාම අපහසුතාවකට පත් වේ.
නිසි පරිදි නිය මත ඇක්රලික් බදාමය තැන්පත් කරගත් පසු නේල් ෆෝම් එක ගලවා ඉවත් කරන්න. නේල් ෆයිල් එකක් ගෙන මනා නිමාවක් එනතුරු නියපොතු හැඩකර සුමුදු කරන්න.
ක්‍යූටිකල් ඔයිල් එකක් භාවිතකර නියපොත්ත වටා ආලේප කරන්න.
දැන් අවශ්‍ය ලෙස ඔබට නිය වර්ණ ගැන්විය හැකියි.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks