ග්‍රහ ලොව ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා පසුගිය 2017 වසරේ සැප්තැම්බර් 12 වන දින සිට සිකුරුට අයත් තුලා රාශියේ ගමන් කරන අතර එම ගුරු ග්‍රහයා එළැඹෙන මාර්තු මස 09 වන සිකුරාදා සිට ජූලි 10 වන දින දක්වා 6 මසකට ආසන්න කාලයක් අසුබ වක්‍ර ග්‍රහ ගමනක යෙදේ.
වක්‍රවීම යනු ග්රහයෙකු තමා සිටින රාශියේ පසුපසට ගමන් කිරීම ලෙස ජ්‍යෙdතිෂයේදී හැඳින්වුවත් මෙතැනදී සිදුවන්නේ අප දුම්රියක හෝ බසයක ගමන් කරන විට පාරේ ඇති ගස් හෝ ගෙවල් දොරවල් පසු පසට ගමන් කිරීම හා සමාන සිදුවීමකි. ඒ අනුව අදාළ ග්‍රහයා වක්‍ර වන තෙක් ඉදිරියට ගමන් කළ අංශක ප්‍රමාණය වක්‍ර වීමත් සමඟන් නැවතත් ආපස්සට ගමන් කරයි. මෙම අවස්ථාව අපට සරලව ග්රහයෙකු වක්‍ර වීම ලෙස හැදින්විය හැකිය. දැනට තුලා රාශියේ ගෝචර ගමනක යෙදෙන බ්‍රහස්පති මේ ආකාරයට වක්‍ර වීම කිසිසේත් ම රටට මෙන්ම ලග්න දොළසින් උපන් ඔබටත් ලෝකයටත් යහපත් නොවනු ඇත. එයට හේතු වන්නේ ගුරු වැනි සුබ ග්රහයෙකුගේ වක්‍රවීම යහපත් නොවන නිසාවෙනි.
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ අති ශේ්රෂ්ඨ ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්රහස්පතී නව ග්‍රහයින් අතරින් අතිශය සුබම ග්‍රහ තාරකාවයි. ජ්‍යෙdතිෂයේ දී බ්‍රහස්පති හෙවත් ගුරුට හිමිව ඇති ස්ථානය සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා ද වෙයි. අප ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය. ඉතාමත්ම යුක්ති සහගත අධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. එසේම ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස ද හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි හෙවත් සූර්යයාට පමණී. ඔබ අප ජීවත්වන පෘථීවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට අමතරව ගුරු හට අංගිරස, ආර්ය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. උපමාවේදී අප ගුරු ග්‍රහයා පුළුල් නළල් තලයක් හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්ත ග්රහයෙකු ලෙස හඳුන්වයි. එවන් වූ ගුරු ඉදිරි මාස 06 ක පමණ කාල සීමාව තුළ රාශි චක්‍රයේ වක්‍ර වීම හෙවත් පසුපසට ගමන් කිරිම එම ගුරුගෙන් ලැබෙන අතිශය සුබ ප්‍රතිඵල ෙනැලැබීS යාමකි. ඒ අනුව එම අසුබ තත්වය හේතුවෙන් පොදුවේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු, යන ලග්න හිමියන්ටත් ගුරු මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන්නන්ටත්, ගුරු 22 වන හා 64 වන නවාංශකාධිපති වන අයටත් හා විශේෂයෙන් හෘද රෝග ඇති අයටත්, භික්ෂූන් වහන්සේ ඇතූඵ පූජක පක්ෂයටත්, රාජ්‍ය පාලනයේ යෙදෙන ප්‍රභූන්ටත් මෙම ගුරු වක්‍රවීම බෙහෙවින් අසුබ දායක තත්වයකි. විශේෂයෙන් රට තුළ අධ්‍යාපනය, සංස්කෘතිය ව්‍යාපාර ඇතුළු කටයුතුවල පසුබෑමක් ඇති වනු ඇත.
එසේම මෙම ගුරු වක්‍රවීමෙන් තුලා ලග්න හිමි ඔබට සියලු අංශ වලින් බාධාකාරි වන අතර මිථුන ලග්න හිමි කාන්තාවන්ට දරුඵල පිළිබඳ ප්‍රශ්න ඇතිවන අතර වෘෂභ ලග්නය හිමි ඔබගේ ෙසෘඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වීමේ ප්රවනතාවයක් උදා වනු ඇත. සිංහ ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගෙන්a ප්‍රශ්න ඇතිවන කාලයක් වනු ඇත. කටක හා කන්‍යා ලග්න හිමියන්ට තම ආර්ථික හා ව්‍යාපාර අංශ වලින් බාධාකාරි තත්ව උදා වනු ඇත. මෙම ගුරු වක්‍රයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියා, ආර්ථික කටයුතු වලට අසුබ දායක වන ග්‍රහ මාරුවක් වනු නොඅනුමානය. ධනු හා මේෂ ලග්න හිමියන්ගේ විදෙස් ගමන් බලාපොරොත්තු, ඉටු නොවන කාලයක් වීමට ඉඩ ඇත. මකර ලග්න ඔබට මධ්‍යම ඵල උදාවන අතර මේෂ, කුම්භ ලග්න හිමි ඔබගේ විවාහ කටයුතු වලට අසුබ දායක වන්නේය. මීන ලග්න හිමි ඔබගේ මෙතෙක් සුවවීමට ප්‍රමාද වූ රෝගාබාධ තවදුරටත් වැඩිවීමක් දක්නට ඇත.