බාදහම කාන්තාව සහ පිරිමියා වෙන් වෙන් වශයෙන් නිර්මාණය කළේ ඇයටත් ඔහුටත් ආවේණික වු රූප සොබාවයන් නිසාය. එහිදි කාන්තාව ලාලිත්‍ය සුකුමාළ ඇත්තියක් ලෙසත් පිරිමියා පෞරුෂ හෙබි හැඩි දැඩි අයකු ලෙසත් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම රූප සොබාව අතින් කාන්තාව තවුස් දැහැන් පවා බිඳි නාරිලතා මලක් මෙන් විය. ඇයටම ආවේණික හැඩ වැඩ පිරි රූ සපුව ඇත්තටම ඇගේ දිවි මඟ එළිය කළාය.
එහෙත් මේ සොඳුරු රූ සපුවේ පුංචි පුංචි අඩුපාඩුකම් ද නැතුවාම නොවේ. ලාලිත්‍ය පිරි වත කමළ පිරිමියකු සේ දිස්වෙන මොහොතවල් ද ඇත. පිරිමි රුවකට රෝම කඩවසම් බවක් එක් කළද කාන්තා රුවෙහි රෝම ඇති වුවහොත් ඇත්තටම එය රූප සොබාවට අවලස්සනකි. පිරිමින්ගේ මෙන් රැවුල වැවුණු අත් පාවල රෝම පිරි කාන්තාවෝ ද අද සමාජයේ වෙති... මෙය කාන්තාවකගේ මානසිකත්වයට ද මහත් බාධා ඇති කරන්නකි. මේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න කරන්න (රේසර් මඟින් හෝ වැක්ස් මඟින්) යළි එනවානම් එයද හිසරදයකි. පිරිමියකු සේ දිස්වෙන නිසා පිරිමි ආකර්ෂණයද අඩුවෙලා. මේ නිසා ජීවිතයේ මිහිරිතම බලාපොරොත්තු පවා බිඳ වැටෙන්න බැරි නෑ.
ඇත්තටම මේ තත්ත්වය හෝමෝනවල බලපෑමක්. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ හුඟාක් කාන්තාවන් අද මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා. සමහරු ලැජ්ජාව නිසා ගෙවල් ඇතුළටම කොටු වෙලා ඉන්නවා. සමාජයට එන්නේ නෑ. මවුපියන්ගේ ජාන අනුවයි මේ තත්ත්වය උදාවෙන්නේ. රෝම වැඩිපුරම හටගන්නේ අත්වල සහ කකුල් දෙකේ. දෙතොල් උඩින් පිරිමින්ගේ රැවුල මෙන් රෝම හටගන්නවා තව නිකටේ සහ කම්මුල් අගද මේ තත්ත්වය පවතිනවා. රූපලාවණ්‍ය සත්කාර මඟින් හුඟ දෙනෙක් සහනයක් පතන නමුත් එමඟින් ලැබෙන්නේ තාවකාලික සහනයක්. මේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න වැක්ස් කිරීම අද බහුල වශයෙන් භාවිත කරනවා. ඇත්තම කිව්වොත් මේ වැක්ස් කිරීමෙන් සිදුවෙන්නේ රෝම වර්ධනය යළි වැඩිවීමක්.
ඉතිං රෝම හටගන්න හටගන්න නිතරම ඉවත්කරන්න වෙනවා. මෙය කිරීමේදී පළපුරුද්දක් නැති රූපලාවණ්‍ය ශිල්පිනියක් අතින් නොකළොත් වේදනාකාරි විය හැකියි. අප දේශීය ආයුර්වේදයේ මහඟු ප්‍රතිකාර මේ සඳහා තිබෙනවා. ඇත්තටම හෝමෝන බලපෑමක් නිසා මේ තත්ත්වය නැත්තටම නැතිකර දාන්න අපහසුයි. මැඩපැවැත්වීමක් තමා තිබෙන්නේ. රූපලාවණ්‍ය ප්‍රතිකාර මඟින් වැක්ස් කරනවාට වඩා දේශිය ආයුර්වේදයේ සොබාවික දේ භාවිත කිරීමෙන් මහත් සැනසුමක් ලබා ගන්න පුළුවන්. මුහුණේ රෝම ඇත්නම් ආයුර්වේද පැක් වර්ග ටික කාලයක් භාවිත කිරීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
පැක් වර්ග 1
කස්තුරි කහ
සුදු හඳුන් කුඩු
කොකුම් පොතු
වෙනිවැල්ගැට කුඩු
පැක් වර්ග 2
කොහොඹ දලු
අමු කහ
සම සමව ගෙන අවශ්‍ය ප්‍රමාණයට පිරිසුදු ජලය දමා තලපයක් සේ සකස් කරගන්නා පැක් එක බෙල්ලේ සිට මුහුණේ උඩු අතට ගා (රෝම ඇති තැන්වල) විනාඩි 25 කට පසු සෝදා ඉවත් කිරීමෙන් මේ රෝම මුලින්ම ගැලවී යනවා. අධික ලෙස රෝම ඇත්නම් දවසක් හැර දවසක් ද සාමාන්‍ය මට්ටමින් රෝම ඇත්නම් දවස් දෙකකට පසුවද මේ පැක් යොදන්න.
තවත් සාර්ථක ක්‍රමයක් තමා සුදු හඳුන් අරටුවක් ගෙන පිරිසුදු ගලක උරච්චි කරලා මුහුණේ ගෑම. සුදු හඳුන් අරටු සොයා ගැනීම අසීරු වුවද සොයාගෙන කරලා බැලුවොත් නම් මෙය ඔබටම තේරුම් ගත හැකියි.
කඩල පිටි සත්කාරයද මේ අනවශ්‍ය රෝම සඳහා ඉතාම හොඳයි. කඩල පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන වතුර ස්වල්පයකින් කළවම් කරගෙන රෝම ඇති තැන්වල ගාන්න.
මේ රෝම ඉක්මනින් ඉවත් වී යන ක්‍රමයක්.
මේ පැක් එක හා සුදු හඳුන් අරටු සත්කාරය ද කඩල පිටි සත්කාරයද කරන අතර ක්‍රම ක්‍රමයෙන් ඔබේ මුහුණේ ඇති රෝම ඉවත් වී යනවා. රෝම ඉවත් වූ පසු කැළැල් දුරුවෙන්න වටිනා තෛලයක් තිබෙනවා. ඒ නම් “සොබා කාන්ති තෛලය.” පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් අනුව ගස්වල කොළ-මල්- පොතු-අල දමා සකස්කර තිබෙන්නේ. මේ සොබා කාන්ති තෛලය බෙල්ලේ සිට උඩු අතට මුහුණේ ආලේපකර හෙමිහිට හෙමිහිට පිරිමැදීම කළ යුතුයි. යළි රෝම හටගැනීම වළක්වා මුහුණේ සම එල්ලා නොවැටෙන සමක් බවට පත්කර ලප කැළැල් දුරුකර කාන්තිමත් බවක් ඇති කරවයි. සොබා කාන්ති තෛලය ගා විනාඩි 45 ක් පමණ අව්වට නිරාවරණය නොවී සිටිය යුතුයි. ඉහත සත්කාරය කිරීම මඟින් අනවශ්‍ය රෝම හටගැනීම නැති වී යන අතර දිනපතාම සොබා කාන්ති තෛලය ගෑම මඟින් යළිත් ඔබ නාරිලතා මලක් වෙන එක නම් වළකාලන්නට බැහැ.
මේ අනවශ්‍ය රෝම ඒම වළක්වා ගන්නා අතර ඇඟ ඇතුළට ද විරේකයක් අවශ්‍යයි. මෙය ආයුර්වේදයේ දොස් බැහැර යෑමක් ලෙස හඳුන්වනවා. අරළු- බුළු-නෙල්ලි සම සමව ගෙන තම්බා පානය කළ යුතුයි. එවිට අපේ ශරීරයේ ඇති බොහෝමයක් රෝග කාරකයන් දුරු වී ලේ පිරිසුදු වෙනවා.
මීට අමතරව ඔබේ ගෙවත්තේ ගොටුකොළ හෝ මුකුණුවැන්න පාත්තියක් සිටුවාගෙන දිනපතාම හිමිදිරි පාන්දර විනාඩි 30 පමණ නිරුවත් දෙපාවලින් ඒ මත ඇවිදීම මඟින් ඇෙඟ් සියලු දොස් කිපී නිරෝගීමත් භාවයක් ඇති කරනවා. ඇස්වලට ද මෙය ඉතාම ගුණදායකය. ශරීර සෞඛ්‍ය නීරෝගී වීමෙන් අනවශ්‍ය රෝම වැනි දේ හට ගැනීම වළකාලන අතර මානසික ආතතියද දුරු වී යනවා. අනවශ්‍ය රෝම හටගැනීමෙන් මානසික ආතතිය ද ඇති වෙනවා.ඉහත කී කඩල පිටි සත්කාරය හා සුදු හඳුන් අරටු සත්කාරය අනවශ්‍ය රෝම හටගෙන ඇති අත් හා දෙපාවල ද ආලේප කරන්න. මාස තුනක් ඔබ උනන්දුවෙන් මේ වත් පිළිවෙත් කිරීම මඟින් අනවශ්‍ය රෝම කරදරයෙන් මිදෙන්නට හැකියි. මේ ප්‍රතිකාර කිරීමේදී ඉවසීම ඉතාම වැදගත් වෙන්නේ පළමු දෙවැනි පාරෙන් රෝග සුව නොවන නිසාත් ඇඟට ප්‍රතිකාර පත්තියම් වීමට යම් කාලයක් යන බැවිනුත්ය.
(under the courtesy of goodhousekeeping.lk web)