මුහුණේ අත් වල සහ කකුල් වල තිබෙන අනවශ්‍ය රෝම නිසා සමේ පැහැපත් බව නැති වෙලා අඳුරු පැහැයක් ගෙන එනවා. මේ නිසා මොකක් හෝ ආකාරයකින් සමේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නට තමයි හැමෝම උත්සාහ කරන්නේ.
මේ සඳහා වන ක්‍රම කිහිපයක් ගැනයි අද අපේ අවධානය.
කෝල්ඩ් වැක්ස්
කෝල්ඩ් වැක්ස් එක කිරීම සඳහා වැක්ස් වෙළෙඳපොළෙන් මිලදී ගත යුතුය. මෙය සෘජුවම සමෙහි ආලේප කළ හැකියි.
පළමුවෙන් වැක්ස් කළ යුතු දෑත් හා දෙපා සෝදා පිරිසුදු කරගන්න. මෙසේ කරන්නේ ආලේප කළ ක්‍රීම් වර්ග සමෙන් ඉවත් කිරීම සඳහා ය. ඉන්පසුව තුවායක් ගෙන වතුර තෙතමාත්තුකර පිසදා ගන්න. පසුව රිදීම වැළැක්වීම සඳහා පවුඩර් ස්වල්පයක් ආලේප කරන්න.
වැක්ස් ක්‍රීම් එක වැක්ස් හැන්දකින් ඉහළ සිට පහළට ආලේප කරන්න
එයට උඩින් වැක්ස් ටේප් එක අලවා අතින් මඳක් තදකර උඩු අතට ඇද ටේප් එක ගළවන්න. මෙම ටේප් පටිය නැවතත් රෝම ඇති ස්ථානයක අලවා පෙර පරිදිම අතින් මඳක් තදකර උඩු අතට ඇද ගළවන්න. වැක්ස් කිරීමෙන් අනතුරුව ටෝනර් හෝ අයිස් වතුර ස්වල්පයක් ගල්වා මොයිස්චර්රයිසිං ක්‍රීම් ස්වල්පයක් සමේ ආලේප කරන්න.
ක්‍රීම් හා ලෝෂන් භාවිතය
අත් පාවල රෝම ඉවත් කිරීම සඳහා පමණක් ක්‍රීම් වර්ග භාවිත කිරීම සුදුසු වේ. බොහෝ විට මෙම ද්‍රව්‍ය සෑදීමට නියොග්ලයිකොලේට් වැනි ද්‍රව්‍ය යොදා ගැනෙයි. මෙමඟින් රෝමවල ඇති කෙරටින් නැමැති ප්‍රෝටීනය දුර්වල වී කැඩී යයි. මෙම ක්‍රියාකාරීත්වය සිදු වීමට විනාඩි 5-20 ක් අතර කාලයක් ගත වේ.
මෙමඟින් සමට හානි වීමක් සිදු නොවුණ ද නිතර නිතර මේවා භාවිත කිරීමෙන් සමේ වියළි ස්වභාවයක් ඇති වේ. තුවාල ඇති සමට හා අසාත්මිකතා සහිත සමට මෙම ක්‍රමය සුදුසු නොවන බව ද පැවසිය යුතුය.
විද්‍යූත් උපකරණයක් මඟින් රෝම ගැළවීම
විද්‍යූත් උපකරණයක් මඟින් රෝම ගැළවීම මෙලෙසින් හඳුන්වයි. මෙම ක්‍රමය අනතුරුදායක නොවේ. සියුම් විද්‍යූත් ඉඳිකටුවක් මඟින් කේෂ මූලය පිළිස්සීමක් සිදු වන අතර මෙය දිගු කලක් සිදු කළ යුතුය.
මෙය සිදු කරන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය මෙම ක්‍රමය සහ මෙම උපකරණය ගැන මනා දැනුමක් ලබා තිබීම වැදගත් වේ. මෙම ක්‍රමයෙන් ඇහිබැම, තොල් උඩ ප්‍රදේශය, මුහුණ, නිකට, අත් පාවල රෝම ඉවත් කිරීමට වඩාත් සුදුසු ය.
රේසර් කිරීම
මෙමඟින් රෝම ගැළවීමක් නොව, සිදු වන්නේ රෝම කැපීමකි. එමනිසා මෙම රෝම පැය 24 ක් ඇතුළත නැවත වර්ධනය වේ. රේසරයෙන් සම කැපීමක් සිදු නොවේ. මෙම ක්‍රමය කිහිලි ප්‍රදේශවල රෝම ඉවත් කිරීමට වඩාත් සුදුසු ය. අත් පාවල රෝම ඉවත් කිරීමට මෙය කොහෙත් ම සුදුසු ක්‍රමයක් නොවේ.
(under the courtesy of goodhousekeeping.lk web)