Health
රූමැටික ආත්රයිටිස් රෝගයේ සැබෑ තත්ත්වය මෙන්න
ප්රශ්නය - සියලු ආත්රයිටිස් රෝග අතුරින් වැඩිම ව්‍යාප්තියක් තිබෙන රෝගය වන්නේ රුමටොයිඩ් ආත්රයිටිස් (Rheumatoid Arthritis) රෝගය බව පසුගිය දිනවල අන්තර්ජාලය මගින් කියෑවුණිග වසර 2015 දී ලෝකවාසී ජනයා අතුරින් දෙකෝටි හතළිස්පන්ලක්ෂයක් දෙනාට ආත්රයිටිස් රෝගය වැළඳී තිබෙන බව හෙළිවුණාග :මෙය වාර්තාගත ප්‍රමාණය පමණයිග තවත් කෝටි 20 කට වඩා ජනගහනයකට මේ රෝගය පවතින නමුත් නිල වශයෙන් වාර්තා වී නැහැග එයට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි රෝගීන් තමන්ට ඇති රෝගය රුමටොයිඩ් ආත්රයිටිස් බව නොදැන හන්දිපත් රුදාව හෝ වාත අමාරුව ලෙස උපකල්පනය කරමින් බෙහෙත් ගැනීමයිග- මේ අතර අවුරුදු පතා අලුත් රෝගීන් ලක්ෂය බැගින් මේ දෙකෝටි හතළිස්පන්ලක්ෂයක් දෙනා රෝගීන්ට එකතු වන බව සඳහන් වෙනවාග මෙයත් නිල වාර්තාවක් පමණක් වන බැවින් නිල නොවන මට්ටමින් එම ගණන ලක්ෂ 10 ක පමණ විය හැකියිග
මේ රෝගය වැළඳෙන වයස් සීමාව කුමක්දරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මැදිවියේ අයට තමයි වැඩිපුරම හටගන්නේග පිරිමින්ට වඩා කාන්තාවන්ට මේ රෝගය හැදෙනවාග
ප්රශ්නය - මෙයින් මරණය සිදුවනවාදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එසේ සිදුවන අවස්ථා තිබෙනවාග වසර 1990 දී ලෝකවාසී ජනයාගෙන් 28000 ක් මේ රෝගය නිසා මිය ගිය බව අන්තර්ජාලයේ සඳහන් වෙනවාග වසර 2013 දී මෙසේ මළ ගණන 38000 ක් වේග
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - රෝග ලක්ෂණ ගැන කීමට පෙර මේ රෝගය මගින් සිදු වන දේ ගැන කියන්නම්ග
අස්ථිවල තිබෙනවා ලසිකා පටලය (synorial membrane)ලෙස හැඳින්වෙන කොටසක්ග රූමැටික ආත්රයිටිස් රෝගයේදී සිදු වන්නේ මෙම ලසිකා පටලය ප්‍රදාහ තත්ත්වයකට ලක්වීමයිග මෙවිට සන්ධි ඉදිමෙනවාග එසේම සන්ධි මෘදු සහ උණුසුම් තත්ත්වයකට පත්වෙනවාග ඊළඟට ඇල්ලූ විට මහත් වේදනාකාරී තත්ත්වයක් හට ගන්නවාග මුලින්ම එක සන්ධියකින් පටන් ගන්නා මේ රෝගය ක්‍රමයෙන් සෙසු සන්ධිවලටත් පැතිර යනවාග මේ රෝගය නිසා බොහෝ විට ප්‍රදාහ තත්ත්වයකට පත්වන්නේ අත්ල පාදල කොඳුඇට ගෙල යනාදියෙහි සන්ධි ප්රදේශයිග මේවා කුඩා සන්ධිග එහෙත් කල් යන විට උරහිස් දණහිස වැනි විශාල සන්ධිවලටත් මෙය පැතිර යනවාග මේ රෝගය දුරදිග ගියාමල එනම් නිසි ප්‍රතිකාර නොලැබුණාමල එහෙමත් නැත්නම් ප්‍රතිකාර නොකර අත්හැර දැමුවාම සන්ධිවල තිබෙන පටක ඇදෙන්නට පටන් ගන්නවාග එතැන් පටන් සන්ධි එකට ඇතිල්ලෙමින් ඛාදනය වීමට පටන් ගන්නවාග එවිට සන්ධි එහා මෙහා කරන්නට බැරි තත්ත්වයක් හටගන්නා අතර රෝගය හටගත් සන්ධි විකෘති වෙලා එහි ක්‍රියාකාරිත්වය නැතිව යනවාග
ප්රශ්නය - මෙය හටගන්නේ කොහොමදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙය දිගු කාලීන Antoimmune රෝගයක් ලෙස තමයිල හඳුනාගෙන තිබෙන්නේග ඒ කියන්නේ අපේ ශරීරයේ තිබෙනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියක්ග පිටතින් එන රෝගවලට එරෙහිව සටන් කරන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයිග මේ පද්ධතිය ශරීරයේ කොටස් වැරදි ලෙස හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කරන අවස්ථා තිබෙනවාග රූමැටික ආත්රයිටිස් රෝගයේදී සිදුවන්නේ ලසිකා පටල සතුරකු ලෙස හඳුනාගෙනල ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහිව සටන් කිරීමයිග මෙය මූලික අවස්ථාව විතරයිග තත්ත්වය දුරදිග ගියාම රතු රුධිරානු නිෂ්පාදනය අඩු වී පෙනහලු වටා ආසාදන හට ගන්නවාග ඊළඟට එම ප්‍රදාහ තත්ත්වය හදවත අවටත් පැතිරී යනවාග මෙතැන තමයි ලොකුම අන්තරාය තිබෙන්නේග
තව කොටසක් ලබන සතියට
නොමිලේ විස්තර සඳහා
0713464276රැ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks