Health
රුව රකින රෝග නසන අඹ
බොරැල්ල ආයුර්වේද
ශික්ෂණ රෝහලේ
උගුර කන නාසය පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක් තමයි අඹග ගහකොළල වැල්ල පලින් බර වෙන මේ කාලයේ අඹ ගස් වලද ගෙඩි බල්බ් දැමුවා වගේ අපට දකින්නට ලැබෙන්නේ මේ අඹ වාරේ ඇවිත් තිබෙන බව හඟවමිනුයිග මී අඹල රට අඹල ගිරා අඹල කර්ත කොලොම්බන්ල කොහු අඹල පෙට්ටි අඹ යන මේවා ගැමියා නිතර ගැවසෙන වතු පිටිවල ගම්බදව දැකිය හැකියිග ඉතාමත් ප්‍රනීත මේ අඹ ලංකාවේ විවිධ ප්‍රදේශවල ආවේණිකව ද පවතියිග යාපනේ අඹ ඊට හොඳට නිදසුනකිග මේ අඹ වර්ග වල පවතින ගුණ අගුණ ගැන තොරතුරු අපි විමසා බැලුවේ බොරැල්ල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකමගෙනිග
කෙඳි සහිත අඹ
අඹ කෙඳි සහිත පලතුරකිග තන්තු හොඳින් පවතින විට ආහාර දිරවීම පහසු කරයිග එවිට මල පිටවීමද පහසු කරයිග ඒ අනුව මල බද්ධයට හිතකර වෙයිග හොඳින් මල පිටවන විට බඩ තුළ පවතින වාතය ලිහිල් වී සැහැල්ලු වෙයිග බඩ පුරවා දැමීම නැති කරයිග උදරයේ පවතින පීඩනය අඩුකර දමයිග සිත සැහැල්ලු වේග සිරුර ප්‍රබෝධමත් වෙයිග ආහාර රුචිය ඇති කරයිග ආහාර ජීර්ණ වීමට බාධා ඇති නොවේග
සැහැල්ලුවෙන් ජීවිතයට
මනස ප්‍රබෝධමත් ව තැබීම නිසා ජීවිතයට සැහැල්ලුව ළඟා වේග හොඳින් දිරවන නිසා බඩවැල් හොඳින් පිරිසුදු වෙයිග බඩවැල් ආශි‍්‍රත බොහෝ රෝගවලට ගුණ දෙයිග සිත සතුටින් තබයිග ඉඳුණු අඹවල රසය හා ගුණය මත සිරුර පුරා දැනෙන නැවුම් බව පවත්වා ගැනීමට හැකියාවක් ඇතග මිහිිරි සුවඳවත් භාවය ඒ නැවුම් ගතිය රඳවා තබයිග එසේම ආහාරයට ඇති කැමැත්ත වැඩි කරයිග
ලස්සන රුවකට
අඹ කන ඕනෑම අයෙකුට සම දීප්තීමත්ව තබා ගැනීමට හැකියිග සම පැහැපත්ව තබයිග පිරිපුන් බව ඇති කිරීමට උදව් වෙන මාංශ පේශී වල පුෂ්ටිමත් භාවය ආරක්ෂා කරනු ලබයිග සමේ නිරෝගී බව ආරක්ෂා කරදෙයිග දියවැඩියාව සහ අක්මා රෝගවලට ගුණයිග
ගුණාත්මක බවින් ඉහළ අඹ
රුධිර නාල තුළ රුධිරය කැට ගැසීම වලකයිග මන්ද පෝෂණය නැති කරයිග සිරුරේ පවතින දියර ප්‍රමාණය පාලනය කරයිග විදුරුමස්වලින් ලේ පිටවීම දුරුකරයිග ගර්භනී මාතාවන්ට ගුණයිග ශරීරයේ යම් විසක් පවතී නම් ඒවා ඉවත් කිරීමට උදව් වෙයිග රුධිර සංසරණය හොඳින් සිදු වේග ස්නායු පද්ධතියේ ක්‍රියාව හොඳින් පාලනය කරයිග ශරීරයේ බර නිසිලෙස පාලනය කරයිග ශරීරයේ රුධිර ප්‍රමාණය වැඩි කරයිග නීරක්තිය නැති කරයිග ශරීරයට ඇතුළුවන විෂ බීජ වලින් ආරක්ෂා කරයිග ශරීරයේ හෝර්මෝන නිසිලෙස ක්‍රියාකිරීම ඇති කරයිග හෘදයේ ගැස්ම හා රුධිර පීඩනය පාලනය කරයිග එසේම හෘදයේ මාංශ පේශීන් ශක්තිමත් කරයිග පෙනහළුවල හා මුඛ පිළිකා නැති කරයිග ප්‍රතිඔක්සිකාරක ගුණය පවතීග ශරීරයේ අන්ත්රවලල පියයුරුවල හා පිරිමින්ගේ පෞරුෂ ග්‍රන්ථිවල ඇතිවන පිළිකා වළකාලයිග විටමින් ඒ බහුලව ඇතග ඒ නිසා ඇස් පෙනීම වැඩි කරයිග සමේ පාට වැඩි කරයිග රාත්‍රියට ඇස් පෙනීම දියුණු කරයිග එනම් රාත්‍රී ආර්ධතාවය නැති කිරීමයිග වීදුරු මස් දියවීම නැති කරයිග වීදුරුමස් ශක්තිමත් වේග
අගුණ වන අවස්ථා
සමහර පුද්ගලයන්ට අඹ නිතර කැමේදී අසාත්මිකතා ඇතිවිය හැකග ගෙඩි දැමීම්ල පලු මතුවිම් හා කැසීමට ලක් වීම ආදී අසාත්මිකතා මතුවිය හැකියිග සමේ රෝග ඇති අයටල ඇදුම රෝගීන්ට හා බඩ දැවිල්ල ඇති අයට මේ තත්ත්වය උදා වේග ඕනෑම ආහාරයකට හා ඖෂධයකට අසාත්මික වන අයට අඹ අසාත්මික වීමට පුළුවනග එවැනි අය ආහාරයට ගැනීමේදී ඉතාම සුළු ප්‍රමාණයකට සීමා කිරීම සුදුසුයිග වකුගඩු රෝගීන් වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නැතග
දිනපතා අඹ ආහාරයට ගත්තොත්
ගන්නා ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් අඹ අතුරුපසක් ලෙස ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණය අනුව දිනකට මුළු අඹයම ගත්තොත් දිනක් හැර දිනක් කෑමට කම් නැතග
නමුත් දිනපතා කුමන හෝ අඹ වර්ගයක් ආහාරයට ගැනීම ඔබගේ සිරුර ක්‍රියාකාරීත්වය එකම දේ ලැබීම මත මේ අසාත්මිකතා ඇතිවීමට ඉඩ ඇතග සතියකට 3ල4 වරක් කෑම සෞඛ්‍යයට හිතකරයිග කෙසේ වෙතත් මී අඹ වැනි පුංචි අඹ 5ල6 ක් දිනකට කෑවාට කම් නැතග නමුත් මී අඹ වැනි් පුංචි ගෙඩි දිනපතා ගැනීමට වඩා එය සතියකට දින 3ක් හෝ 4 කට සීමා කිරීම ද සුදුසුයිග
අඹ 100g පෝෂණය
ශක්තිය කිලෝ කැලරි 65
කාබෝහයිඩ්රේට් 17g
සීනි 14ග8g
මේදය 0ග27g
ප්‍රෝටීන් 0ග51g
විටමින් A37mlg
බීටා කැරොටින් 445mcg
විටමින් ඊ :තයමින්- 0ග05g
රයිබෝ ෆ්ලේවින් 0ග057mlg
විටමින් ඊ2 0ග548mlg
විටමින් ඊ5 0ග16mlg
විටමින් ඊ6 0ග134mlg
ෆේලේට් 14mlg
විටමින් ක27ග4mlg
කැල්සියම් 10mlg
යකඩ 0ග13mlg
මැග්නිසියම් 9mlg
පොටෑසියම් 156mlg
සින්ක් 0ග04mlg
පොස්පරස් 11mlg
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk