Beauty
රාත්‍රී නින්දට පෙර ඔබ මුහුණ මනාව පිරිසුදු කිරීම වැදගත්
ලස්සන පැහැපත් සමක් තිබීම ඔබට ආභරණයක්. එහෙත් ඔබ අතින් සිදුවන මග ඇරීම් වලින් ඔබේ මුහුණේ සමට හානි විය හැකි. විශේෂයෙන් නින්දට යෑමට පෙර ඔබේ මුහුණ පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්.
ඔබේ makeup ඉවත් කරන්න
විශේෂයෙන් කල යුතු දෙයක් නම් , makeup ඉවත් කර ගැනීමයි. සම පිරිසිදු වූ තරමට සමේ ඇතිවන කුරුලෑ, ළප කැළැල් වැනි දේ නැතිවන අතර සම මත පැහැපත් බව වැඩි කරයි. ඔබේ මේකප් ඉවත් කිරීම සඳහා සමට ගැලපෙන makeup remover තෝරා ගන්න. ප්‍රථමයෙන් ඇස් වල ඇති makeup ඉවත් කර පසු lipstick ඉවත් කරන්න. පසුව මුහුණට වතුර ටිකක් ඉස මුහුණේ ආලේප කර ඇති ෆ පුළුන් යොදා ඉවත් කර ගන්න.පසුව ච්ලෙන් ආලේප කර එය ඇගිලි තුඩු වලින් කවාකාර ලෙස මුහුණේ හොදින් පිරි මැද මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
පසුව face towel එකක් ගෙන මද උණුසුම් ජලයේ පෙගෙන්න හැර එය ඉවතට ගෙන එහි වතුර ඉවත් කර මුහුණ මත විනාඩියක් පමණ වසා තබා ගන්න.
තවත් වැදගත් තව පියවරක් නම් මුහුණ moisturizer කර ගැනීමයි. එය ඔබේ සමට කළ හැකි ප්‍රධානම සත්කාරය වේ. මේ සඳහා serums එකක් භාවිතා කරන්න. එයින් ඔබේ සමට ලැබෙන ප්රතිලාභ රැසකි.
Serums යනු සමේ තරුණ බව පවත්වාගෙන යාමට, දීප්තිමත් බව රැක දීමට සහ සම ආරක්ෂා කිරීම සඳහා ඉතාමත්ම ක්‍රියාකාරී අමුද්‍රව්‍ය යොදා සකසා ඇති නිෂ්පාදනයන්ය. ප්‍රධාන වශයෙන් මෙහි අඩංගු hyaluronic acid මඟින් සම රැළි වැටීම අවම කරන අතර විටමින් C මඟින් සම දීප්තිමත් කර සමෙහි ඇතිවන අවපැහැ ගැන්වීම, පැල්ලම් හා ලප කැළැල් ක්‍රමයෙන් අඩු කරයි. Serums තුලින් සමට පෝෂනය සහ ශක්තිය ලබා දෙන බැවින් ඕනෑම සමට ආලේප කල හැකි.
(under the courtesy of goodhousekeeping.lk web)