පොල් රුප්පාව, වටකර ගැවසුණු එදා කොල්ලූපිටිය නගරය, මවා ගැනීමට යම් කෙනෙකුට අවශ්‍ය නම්, ඒ සඳහා ගැළපෙන රූප රාමු ඇත්තේ, ගම්පෙරළිය චිත්‍රපටයේය. දකුණේ ගමක සිරියට වඩා තරමක්, නාගරීකරණය වූවා මිස, ගස් කොළන්, පටු මාවත් ආදිය දෙස බලන විට, අද කොල්ලූපිටිය ප්‍රදේශය අරා හිඳිනා යෝධ කොන්ක්‍රීට් වනාන්තරය වෙනුවට එම ප්‍රදේශයේ තිබුණේ, පොල්වතු සහ ලදු කැලෑය. මේ කතා කරන්නේ දහනව වැනි සියවසේ මුල් කාලය පිළිබඳවය. බි්රතාන්ය ජාතික ප්‍රභූ පිරිස් මේ ප්‍රදේශයේ සිය ව්‍යාපාර කටයුතු සහ නවාතැන් සඳහා වෙන් කරගෙන තිබුණි. මේ කාලය වනවිට කොල්ලූපිටිය යන නම වෙනුවට එම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ, බරන්දෙණිය යනුවෙනි. මහින්ද කුමාර දළුපොත විසින් රචනා කරන ලද ‘ගමට නමක් හැදුණු හැටි’ යන ග්රන්ථයට අනුව, ඕලන්ද පාලන කාලයේදී අඹන්වෙල අප්පුහාමි නමින් හැඳින්වෙන උඩරැටියෙක්, මෙම ප්‍රදේශයේ විශාල පොල් වත්තක් වගා කරන්න පටන් ගන්නා ලදී. ලන්දේසින්ට ගතු කේලාම කියමින් සිටි අප්පුහාමි, බරන්දෙණියේ මුල් පදිංචිකාරයන්ගේ වතු පිටි කොල්ලකමින් සිය පොල් වගාව කරගෙන ගියේය. මේ කොල්ලකෑමෙන් අසාධාරණයට පත්වුණු ප්‍රදේශයේ ජනතාව, ඔවුන්ගේ ”පිටිය කොල්ල කෑ’’ බව කියමින් ඊට විරෝධය පළ කළහ. සිය ඉඩම් ‘කොල්ල කෑ පිටිය’ යන අර්ථයෙන්, බරන්දෙණිය නම් ලද ගම කොල්ලූපිටිය වූ බව සඳහන්ය.
කොල්ලූපිටියේ තිබූ සුවිශේෂම භූමිභාගය වූයේ, අද අරලියගහ මන්දිරය පිහිටා ඇති ප්‍රදේශය කිහිප දෙනෙකුට අයත්ව තිබිණි. මෙහි ගොඩනැගිලි ඉදිකර වතු ආර්ථිකයක් ඇති කරන ලද්දේ, ලන්දේසි ජාතිකයෙක් විසින්ය. ඔහු අරලියගහ මන්දිරය නම් කරන ලද්දේ ‘ඩි බ්‍රැන්ඩි’ ලෙසය. එය සිංහලෙන් ස්කාගාරය නම් තේරුමෙන් යුක්ත විය. මෙහි ඉදිකිරිම කරන ලද ෆෙඞ්රික් බාරොන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය නිසා එම නම මෙම ගොඩනැගිල්ලට පාවිච්චි කරන ලද බව සමහරු පවසන අතර සමහරෙක් පවසන්නේ, එම ගොඩනැගිල්ල තුළ ස්කාගාරයක් පවත්වාගෙන ගිය නිසා, එම නම යෙදුනු බවය. ඒ සියල්ලෝම එක්කෝ බි්රතාන්ය පරිපාලන නිලධාරීහුය. නැත්නම් ව්‍යාපාරිකයෝ වූහ. එකිනෙකා තවත් අයට විකුණමින් සිටි මෙම භුමි භාගය කිහිපදෙනෙකු අත හුවමාරුවෙමින් පැවතිණි.
1830-1834 කාලයේදී ජෝන් වෝල්බිඔෆ් නම් බි්රතාන්ය ජාතික සිවිල් නිලධාරියා විසින් මෙම ඉඩම සහ ගොඩනැගිල්ල මිලදී ගනු ලැබීය. ලංකා කුරුඳු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ඔහුගෙන් පසුව මෙහි හිමිකරු බවට පත්වූයේ, ලංකාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වූ ක්‍රිස්ටෝපර් එලියෝට්ය. ඉඩම් හිමියෙකු වූ ඔහු වෛද්‍යවරයෙකු වනවාට අමතරව කලම්බෝ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ද විය. 1856 වසරේදී පිලිප් ග්‍රීන් විසින් මෙම ඉඩම මිලදී ගත්තේය. අනෙක් ඉඩම් හිමියන් මෙන් නොව මේ කතාවේදී ඔහු සුවිශේෂ වන්නේ, ටෙම්පල් ටී්රස් යනුවෙන් නම් කරන ලද්දේ, ඔහු නිසාය. අරලිය ගස් කිහිපයක් තිබුණ නිසා යැයි සමහරු පවසන අරලිය ගස් දෙකක් තිබූ නිසා යැයි සමහර තැන්වල වාර්තා වෙන මෙම ගොඩනැගිල්ල ඒ හේතුවෙන් ටෙම්පල් ටී්රස් ලෙස හැඳින්වූ බව පැවසේ.
araliyagaha mandirayaපුද්ගලයන්ගේ අතින් අතට මාරුවෙමින් සිටි, මෙම සුරතලිය, රජය විසින් මිලදී ගන්නේ යටත් විජිත කාල සමයේය. මහා බි්රතාන්යයේ යටත් විජිත භාර ලේකම්වරයාගේ නිල නිවස බවට එය පත්වන්නේ, ඉන් අනතුරුවය. නිදහස නම් සංසිද්ධියෙන් පසුව ඞී.එස්.සේනානායක මහතා සිය අගමැති නිල නිවස ලෙස ටෙම්පල් ටී්රස් තෝරා ගැනීමත් සමග එය සිංහලයට ‘අරලිය ගහ මන්දිරය’ ලෙස පරිවර්තනය විය. ඒ සමගම මෙරට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස්නය යන විරුදාවලියෙන් අරලිය ගහ මන්දිරය අලංකෘත විය. එසේ වුවත් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිතුමා මෙම නිවස භාවිතා කරන ලද්දේ, සිය කාර්යාලය ලෙස පමණය. ඔහු පදිංචි වී සිටියේ සිය පුද්ගලික නිවස වූ රොස්මිඞ් පෙදෙසේ, අංක 65 දරන නිවසේය. 1959 සැප්තැම්බර් මස 25 වෙනිදා බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වන්නේ ද සිය පුද්ගලික නිවසේ ආලින්දයේය. හතර වරක් අගමැති වී, අරලිය ගහ මන්දිරය සිව් වරක් සිය නිවහන බවට පත් කර ගත් රනිල් වික්‍රමසිංහ මහතා ද අරලිය ගහ මන්දිරය සිය කාර්යාලය ලෙස භාවිතා කළ අතර ඔහු සිය නිවස වූ අංක 5, කේ‍්‍රම්බි‍්‍රජ් නිවසේ පදිංචිව සිටියේය. සිදු වූ දේශපාලන පෙරළියත් සමග අරලිය ගහ මන්දිරය අල්ලාගෙන සිටීමේ, එජාප ප්‍රතිපත්තිය මත රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, පසුගිය දින කිහිපයේදී අරලිය ගහ මන්දිරයේ රැය පහන් කළ ද ඔහු සිය වාසස්ථානය ලෙස අරලිය ගහ මන්දිරය තෝරා නොගත්තේය.
දේශපාලන තීන්දු, කැබිනට් හමු, රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් ආදිය පමණක් නොව දේශපාලන කුමන්ත්‍රණ සඳහා ද අරලිය ගහ මන්දිරයට මුහුණ දෙන්නට සිදුවිය. ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසක් විසින් 1962 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක රජයට එරෙහිව සිදු කරන ලද කුමන්ත්රණයේදී අරලියගහ මන්දිරය ප්‍රධාන ඉලක්කය විය. එහි තිබී සන්නද්ධ මෝටර් රථ, කාලතුවක්කු භට පිරිස් වෙත භාර ගැනීම පහසු කිරීම සඳහා ඉවත් කර ගන්නා ලද්දේ, ඇතිවූ කැරලිකාරී තත්ත්වයට මුහුණදීම සඳහාය. මෙම කුමන්ත්‍රණය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිෂ්ක්‍රීය කළ පසුව, කුමන්ත්රණයේ නායකයන් අරලිය ගහ මන්දිරයට රැගෙන විත් ප්‍රශ්න කරන ලද බව සඳහන්ය.
araliyagaha mandiraya2දෙවැනි වරට කුමන්ත්‍රණ ක්‍රියාදාමයක් සඳහා අරලිය ගහ මන්දිරය මුහුණ දෙන්නේ ද සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ සමයේදිමය. 1971 ජවිපෙ කැරැල්ලේ ආරම්භයේදීම රොස්මිඞ් පෙදෙසේ පිහිටි ඇගේ පෞද්ගලික නිවස වට කොට ඇය ඝාතනය සඳහා කුමන්ත්රණකරුවන් උත්සාහ කළේය. එම ක්‍රියාදාමය භාරව සිටියේ පසු කලෙක ජවිපෙ නායකයාවූ සෝමවංශ අමරසිංහය. මේ සිද්ධිය හේතුවෙන් කැරලිකරුවන් අතර ඔහුට පටබැඳී තිබූ නම වූයේ, රොස්මිඞ් අමරේ යන්නය. අගමැතිනිය ඝාතනය සඳහා දරන ලද ප්රයත්නය අසාර්ථක වන්නේ, එවකට ශිෂ්‍යයෙකු වූ, පසු කාලෙක නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවට පත්ව විශ්‍රාම ගන්නා ලද එඩිසන් ගුණතිලකගේ දැනුම් දීමක් මතය. කුමන්ත්‍රණය හෙළි කර ගැනීම සඳහා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, සිය ඔත්තුකරුවකු බවට පත්වූ එඩිසන් ගුණතිලක රැගෙන යන්නේ, අරලිය ගහ මන්දිරය වෙතය. සිය නිවස කැරලිකරුවන්ගේ ඉලක්කය වූ පසු අගමැතිනිය පමණක් නොව ඇමති මණ්ඩලයේ බහුතරයකගේ ආරක්ෂිත ස්ථානය බවට පත් වන්නේ අරලිය ගහ මන්දිරයය. කැරැල්ල ව්‍යර්ථ කිරීම සඳහා මෙහෙයුම් මූලස්ථානය බවට අරලිය ගහ මන්දිරය පත්වූ අතර, අගමැතිනිය ඝාතනය සඳහා නායකත්වය ලබාදුන් සෝමවංශ අමරසිංහ, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැගෙන එන්නේ ද අරලිය ගහ මන්දිරය වෙතය.ඒ පිළිබඳ සිය මතකය, පසු කලකදී දිවයින සමග කරන ලද සාකච්ඡාවකදී සෝමවංශ අමරසිහ මහතා විසින් දිග හරින ලද්දේ මෙසේය. ”හැත්තෑ එකේ අපේ‍්‍රල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස් හතරක් පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස්දෙකම දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක් සමග අගමැතිනිය සාකච්ඡාවක්... ජ. වි. පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවෙකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක් කළ යුතු දෙයක් නොවෙයි. ඒක වරදක්... ඉන් තම තත්ත්වය රැකෙන්නේ නෑ. මෙය මම අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ සාක්කිදෙමින් කියද්දී සම්භාවනීය පිරිසක් පිළිබඳ ඉතා නරක අදහස් ජනිත වන නිසා එහි සභාපති එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප්රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්පති එතැන හිටියා. එදා අරලිය ගහ මැඳුරට මාව ගෙන්වූ අවස්ථාවේදී මට යමක් ගෙනැවිත් තිබුණා.
ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා ‘ ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේ වලටනේ ඕක කෝපි එකක්. බොන්න. බොන්න...’ කියලා කිව්වා.
කටට පයින් ගහලා කට හැමතැනම තුවාල වෙලා. මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග්‍රහයකට නොවේ කියා මම කිව්වා.’
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිවස්නය වූ අරලිය ගහ මන්දිරය අවට දැඩි ආරක්ෂක මුර කපොලූ වැටෙන්නේ මේ සිද්ධියෙන් පසුවය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිනිය ලෙස පත්වූ පසු අරලිය ගහ මන්දිරයට පදිංචිය සඳහා පැමිණි අතර ඇය ජනාධිපතිනිය වීමෙන් පසුවද ටික කලක් එහි වාසය කළාය. අගමැති ලෙස පත්වී ඒ සමගම ජනාධිපති බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලෙස පත් වුවද සිය කාර්යාලය බවට අරලිය ගහ මන්දිරය පත් කර ගත්තේය. මේ හේතුව නිසා අගමැති බවට පත් වුවත් අරලිය ගහ මන්දිරයේ වාසය සඳහා හිමිකම් නොලැබූ දෙදෙනෙක් වූහ. ඒ රත්නසිරි වික්‍රමනායක සහ දි.මූ. ජයරත්න යන දෙපළය. ඔවුන් දෙදෙනාම සිය නිල නිවස ලෙස භාවිතා කරන ලද්දේ, ස්ටේපල් වීදියේ පිහිටි විසුම්පායය.
අරලිය ගහ මන්දිරය, රාජ්‍ය නායකයන් කුමන්ත්‍රණ සඳහා මුහුණ දුන් ස්ථානයක් බවට පත් වුවත්, ජනවාරි අට වෙනිදා ආණ්ඩු පෙරළියෙන් පසුව ජයග්‍රාහී පාර්ශවය විසින් චෝදනා කරන ලද්දේ, සිය ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා එම ස්ථානයේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් කුමන්ත්‍රණයක් සිදු කරන ලද බවය. සිය පරාජයේ ප්‍රතිපල පැමිණීමටත් පෙර, මහින්ද රාජපක්ෂ මහතා, තමන් වසර දහයකට ආසන්න කාලයක් නවාතැන් ගෙන සිටි අරලිය ගහ මන්දිරය අත්හැර සිය ගමට ගියේය. එම නික්ම යෑමෙන් පසුව සමහර පිරිස් එයට නිගාදීම සඳහා මෙසේ චෝදනා එල්ල කරන ලද බව සඳහන් වේ. මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයට පැමිණි පසු එහි වෙනස්කම් රාශියක් සිදු කරන ලදී. අරලිය ගහ මන්දිරයේ බුද්ධ මන්දිරයක් ඉදිවන්නේ සහ බෝධියක් රෝපණය වන්නේ මේ කාලයේය. තමන්ට සහ පවුලේ පිරිසට උදෑසන කිරි පානය පිණිස වැස්සියක් ද අරලිය ගහ මන්දිරයට ගෙන ආ රාජපක්ෂ මහතා, එහි එළවළු වගාවක් ද ආරම්භ කළේය.
සෑම පසළොස්වක පොහෝ දිනයකම ඔහුගේ සහභාගිත්වයෙන් ධර්ම දේශනයක් සංවිධානය කරන ලද අතර, අරලිය ගහ මන්දිරයේ එක් පසෙක විශාල කාර්යාල සංකීර්ණයක් සහ සභා ශාලාවක් ඉදි කළේය. එය අරලිය ගහ මන්දිර පරිශ්‍රය ලෙස ව්‍යවහාර විය. රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු අරලිය ගහ මන්දිරයට කඩා වැදුණු එජපයේ පිරිස් එම ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගමන් කරමින් අනුවණ නාටකයට රඟ පොවන්නට පටන් ගත්තේය. අන්දරේ පරපුරේ වත්මන් පුරුකක් වූ රන්ජන් රාමනායක විසින් මන්දිරයේ තබා තිබූ, රජය නායකයන් විසින් ප්රදානය කරන ලද රන් ආලේපිත අසිපතක් රටටම රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කරමින් ”රත්තරන් කඩුවක් සොයා ගත්තා...’’ යැයි පිස්සු නටන්නට විය. මෛත්‍රිපාල සිරිසේන මහතා, ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරන ලද්දේ, රත්රන් අශ්වයන් සහ ලම්බෝගිනි ඇතුළු විවිධ සුඛෝපභෝගී භාණ්ඩ රාශියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විසින් පරිහරණය කරන ලද බවය. මෙයට ඇත්තටම රැවටී සිටි එජාපයේ සමහර මන්ත්‍රීවරු අරලිය ගහ මන්දිරයේ රත්රන් අශ්වයන් සහ ලම්බෝගිනි කාර් රථ සොයන්නට විය. ඔවුනට සොයා ගැනීමට හැකිවූයේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඇති දැඩි කරන ලද විදී සරණ ලද සුනඛයන් පිරිසක් පමණය.
පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් සඳහා අරලිය ගහ මන්දිරය තුළ සවාරියක් සංවිධානය කළේය. එහිදී මේ සුවිසල් මැඳුර ගැන එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ ‘මේ මාළිගාව හදලා තියෙන්නේ චීන අධිරාජ්‍යයාගේ මාළිගාව වගේ. චීන අධිරාජ්‍යයාගේ මාළිගාවේ ඇතුළත් මෙහෙමයි. විශාල ඡායාරූප, ප්‍රතිමා, කැටයම් ආදී දේ යොදාගෙන තිබෙනවා. අඩු විදුලි ආලෝකය යොදා ගනිමින් සකසා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් මේ උත්සාහ ගෙන තියෙන්නේ චීන අධිරාජයාගේ වගේ මාලිගාවක් තනන්නටයි’
එම මාධ්‍ය නිරීක්ෂණයට එකතු වූ නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, මාධ්‍යවේදීන් සමඟ පවසන ලද්දේ,
‘එදා අරලියගහ මැදුර ඇතුළේ බාල් නටනවා කියා තමයි අපේ තාත්තට මඩ ගැහුවේ. ඒත් අපේ තාත්තා එහෙම කිසි දෙයක් කළේ නැහැ. හිටපු ජනාධිපතිවරයා තමයි අරලියගහ මැදුර රාජවාසලක් කරගෙන රටේ සල්ලි විනාශ කරලා තියෙන්නේ’ කියාය.
දෛවය පුදුම සහගතය. මෙතෙක් අරලිය ගහ මන්දිරයේ පවත්වන ලද එකම විවාහ මංගල්‍ය පවත්වන ලද්දේ, එසේ කියූ එජාප මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් වීමෙන් පසුවය. සහෝදර ඇමතිවරයෙකුගේ පුතෙකු වූ චතුර සේනාරත්න මහතා සඳහා පමණක් ලබා දුන් සුවිශේෂ වරමක් වූ ඒ සඳහා අගමැතිවරයා ඇතුළු, එජාපයේ මැති ඇමැතිවරු විශාල ප්‍රමාණයක් පැමිණ සිටියහ. මහින්ද බාල් නැටුවා යැයි අසත්‍ය චෝදනා කළ, පොදු දේපලක් වූ අරලිය ගහ මන්දිරය එක එක්කෙනාගේ මඟුල් නැටීම සදහා එජාපය විසින් අවසර ලබා දුන්නේය. අරලිය ගහ මන්දිරයේ කඩු සෙවූ රන්ජන් රාමනායක ද හොඳට හැඳ පැළඳගෙන, ඇමති රාජිතගේ පුත් චතුරගේ මඟුලට සහභාගි විය.
මහින්ද පරාජය වූවත් තනතුර අතහැර ගෙදර නොයනු ඇතැයි චෝදනා කළේ ජනවාරි අට වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජය ගත් හංස සේනාවය. එසේ කියූ එජාප මන්ත්‍රීවරුන් අද සිය නායකයා සමගින් අරලිය ගහ මන්දිරය අතනොහැර එහි දිවා රාත්‍රී රැඳී සිටිති. සමහරෙක් එහි කාඞ් සෙල්ලම් කරති. මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද ධර්ම දේශනය නවත්වන ලද්දේ, රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට යෑමෙන් අනතුරුවය. තම උද්ඝෝෂණයට සවියක් වනු පිණිස අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන දොරටුව අභියස, පිරිත් මණ්ඩපයක් ඉදිකර, දිවා රාත්‍රී පිරිත් දේශනයක් පැවැත්වීමට එජාපයේ නායකයන් කටයුතු කරන ලදී.
පරාජයේ දුක, ජයග්‍රහණයේ සතුට, කුමන්ත්‍රණ ආදිය සඳහා මුහුණ දී අත්දැකීම් රාශියක් ලබා ඇති අරලිය ගහ මන්දිරය අදත් නවමු අත්දැකීම් විඳිමින් ලංකාවේ සුප්‍රකට දේශපාලන දේපළක් ලෙස වැජඹෙමින් පවතී.