Life
මොළය වැඩෙන්න පැයක් දුවන්න
ඕනෑම ආකාරයක ව්‍යායාමයක් මොළයට යහපත් අයුරින් බලපාන නමුදු නියුරෝන නිෂ්පාදන හා අලූත්වැඩියා ක්‍රියාවලිය හොඳින් සිදුවන්නේ වැඩි කාලයක් ස්වායු ව්‍යායාමවල නිරත වන විට බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ව්‍යායාම උපකරණ භාවිත කරමින් කෙටි කාලයක් තුළ සිදු කෙරෙන, අධිජව විරාම පුහුණුවීම් (High intensity interval training) වලිින් නියුරෝන අලූත්වැඩියා ක්‍රියාවලියට සහයක් නොලැඛෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිසා ව්‍යායාම ශාලාවලට (Gym) කොටු නොවී එළිමහනේ දිවීම වැනි ව්‍යායාමවල නිරතවීමෙන් ඔබට, ඔබ වැය කරන කාලයේ සහ ශ්‍රමයේ නිසි ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.
වර්තමානයේ බොහෝ දෙනා ව්‍යායාම පිළිබඳව විශාල සැලකිල්ලක් දක්වති. ව්‍යායාමවලින් තොර එකාකාරී ජීවන පැවැත්ම බොහෝ රෝගවලට හේතුවක් බව හෙළිදරව්වීම ඊට හේතුවයි. ව්‍යායාමවලින් තොරවීම නිසා හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග ගණනාවකට හේතුවක් බව අනාවරණය වී තිබේ. මේ සුපුරුදු මතය අභිබවමින් ව්‍යායාමවල තවත් වටිනා ගුණයක් අනාවරණය කරගැනීමට මතියාස් අල්වාරෙස් සාවෙන්ද්රා ප්රමුඛ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. ව්‍යායාම මගින් මොළය නිරෝගී කරන බව ඔවුන්ගේ පර්යේෂණයෙන් සනාථ වී තිබේ. ව්‍යායාම අතරින් වඩාත්ම ප්‍රතිඵලÞයක වන්නේ දිවීම, පිහිනීම, ඔරුපැදීම, බයිසිකල් පැදීම වැනි හෘදය වස්තුව හා පෙණහලූවල ක්‍රියාකාරිත්වය උත්තේජනය කර ඔක්සිජන් පරිභෝජනය වැඩි කරන ස්වායු ව්‍යායාමවල (aerobic exercise) නිරත වීම බවද හෙළිදරව් වී තිබේ.
ව්‍යායාම, නියුරෝන හෙවත් ස්නායු ෙසෙල නිෂ්පාදන හා අලූත්වැඩියා ක්‍රියාවලියට (neurogenesis) ආධාර කරන බවට බොහෝ සාක්ෂ්‍ය ඇතැයි කීර්තිමත් ස්නායු විද්‍යාඥවරියක වන නිකොලි ග්රැවන්ගා පවසයි. මොළය නියුරෝන ආකාරයක් බඳු හෙයින් නියුරෝන නිෂ්පාදන හා අලූත්වැඩියා ක්‍රියාවලිය වැඩි වැඩියෙන් සිදු වන තරමට මොළයේ නිරෝගීභාවයද වැඩි වේ. ව්‍යායාම වැඩිවන තරමට මොළයේ නිරෝගීභාවයද වැඩි වන බවයි මෙයින් පැහැදිලි වන්නේ. එසේම ව්‍යායාම අඩුකම මොළයේ මෙන්ම පොදුවේ නිරෝගීකමේද සංවකි.
මොළයේ නිරෝගීභාවයට ව්‍යායාම ආධාර වන ක්‍රම කිහිපයකි. පළමු වරට අලූත් ක්‍රීඩාවක් පුරුදු පුහුණු වීම මොළයට අභියෝගයකි. මොළයේ සන්නිවේදන ජාලය ක්‍රීඩාවේ අවශ්‍යතාවනට අÞළ පරිදි ප්‍රතිස්ථාපනය කළ යුතු බැවිනි. ඕනෑම ආකාරයක ව්‍යායාමයක් මොළයට යහපත් අයුරින් බලපාන නමුදු නියුරෝන නිෂ්පාදන හා අලූත්වැඩියා ක්‍රියාවලිය හොඳින් සිදුවන්නේ වැඩි කාලයක් ස්වායු ව්‍යායාමවල නිරත වන විට බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ව්‍යායාම උපකරණ භාවිත කරමින් කෙටි කාලයක් තුළ සිදු කෙරෙන, zඅධිජව විරාම පුහුණුවීම් (High intensity interval training) වලිින් නියුරෝන අලූත්වැඩියා ක්‍රියාවලියට සහයක් නොලැඛෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිසා ව්‍යායාම ශාලාවලට (Gym) කොටු නොවී එළිමහනේ දිවීම වැනි ව්‍යායාමවල නිරතවීමෙන් ඔබට, ඔබ වැය කරන කාලයේ සහ ශ්‍රමයේ නිසි ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.
දිගු වේලාවක් පුරා කෙරෙන එළිමහනේ දිවීම වැනි ව්‍යායාමයක් කාමරයක් තුළ සිදු කෙරෙන ව්‍යායාමවලට වඩා සිරුරට බලපාන්නේ කෙසේද? එය විවිධාකාරයෙන් මොළයට යහපත් ප්‍රතිඵල අත්කර දෙයි. පැයක් දෙකක් පමණ දිවීම වැනි ව්‍යායාමයක යෙදෙන්නකුට ඉතාම පැහැදිලිව තේරුම්ගත හැකි නැතිනම් ඇඟට දැනෙන ප්‍රතිඵලයක් නම් සිතේ ඇතිවන ප්‍රබෝධයයි. ශරීරයේ සියලූ පීඩා තුරන් වූ බවක් දැනෙනු ඇත. අවාසනාවකට මේ සහනය තාවකාලිකය. මේ ප්රබෝධය උත්පාදනය කරනු ලබන්නේ ව්‍යායාම කරන කාලය තුළ ශරීරයේ නිපදවෙන ස්වාභාවික රසායනික උත්තේජක (natural opioid drugs) මගිනි. මේ රසායනිකයන් ව්‍යායාම පි‚ස දුවන අතර ඔබේ බොහෝ ගැටලූ විසඳාගැනීමට ඖෂධ පරිද්දෙන් ඔබට උපකාර කරනු ඇත. හිත ප්‍රබෝධවත් වූ පම‚න් ශරීරය නිරෝගී නොවේ. එහෙත් මේ ආකාරයෙන් ව්‍යායාම නිසා හටගන්නා ප්රබෝධය අතරතුර මොළයේ නිරෝගී පටක වර්ධනයද සිදු වන නිසා එයින් ඔබේ නිරෝගී භාවයට විශේෂයෙන්ම මොළයේ නිරෝගීභාවයට මහත් බලපෑමක් සිදු වෙයි.
මෙහි ඇති වටිනාම රහස මෙයයි: ඔටාවා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මෑතකදී සොයාගෙන ඇති පරිදි ස්වායු ව්‍යායාමවල යෙදීමෙන් පසු සිරුරේ VGF නමින් හැඳින්වෙන රසායනිකය වර්ධනය වේ. VGF රසායනිකය කවර ආකාරයකින් සිරුරට බලපාන්නේදැයි විද්‍යාර්ථීන් මෙතෙක් නිත්‍ය වශයෙන් තීරණයකට එළඹ නැති නමුත් නියුරෝන නිෂ්පාදනයට හා අලූත්වැඩියාවට උපකාර කරන්නේ මේ රසායනිකය යැයි ඔවුහු විශ්වාස කරති. මෙය කෘත්‍රීම ලෙස බාහිරින් සිරුරට ලබාදිය හැකි රසායනිකයක් නොවන හෙයින් එය ලබාගත හැකි එකම ක්‍රමය පැයක් දෙකක් සවායු ව්‍යායාමවල නිරතවීමයි. එතරම් කාලයක් ගත කිරීමට වේලාවක් ඔබට නැතිනම් අවම වශයෙන් විනාඩි 15ක් පමණවත් දිවීම වැනි ව්‍යායාමයක නිරත වීම පලÞයකය. එය බොහෝ බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට හොඳ පියවරකි.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks