Health
මෙවැනි මුත්‍රා ආශ්රිත රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?
ලොකු කුඩා බාල මහළු කාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ මුත්‍රා ආශි‍්‍රත රෝගයිග මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට රෝග ලක්ෂණ පෙන්නුම් කරයිග
නීරෝගි පුද්ගලයකුට දිනකට පැය 4 -5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනේග මුත්‍රා එක දිගට විදීමක් හෝ ගලායාමක් සිදුවිය යුතුයග එසේ නොවන්නේ නම් එය මුත්‍රා ආශි‍්‍රත රෝගයක මූලාරම්භයයිග
මූලික රෝග ලක්ෂණය
මුත්‍රා කිරීමට අපහසු වීමයිග මුත්‍රා කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම්විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරිම ඇරඹේග සාමාන්‍යයෙන් අවුග 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැකග ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව තත්ත්වය ව්‍යාකූල විය හැකග
මුත්‍රා කඩින්කඩ පිටවීම
සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 -40 කාලයක් තුළදී අවසාන විය යුතුයග ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර 30 -40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් මුත්‍රා පිටකළ යුතුව ඇතග
ගිනි වතුර මෙන් දැවිල්ල සහිතව
තවත් රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයිග මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේග වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක ලක්ෂණයකිග
මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ සඳහා සුදුසු වාතාවරණයක් සතුයග නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවා ගෙන සිටිය හැකග මුත්‍රාශය තුළ මිගලිග 150 පමණ එකතු වනතුරු දරා ගැනීමට හැකියාවක් ඇතග සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිිගලිග 400 එකතු විය යුතුයග යම් යම් රෝගවලදී දරා ගැනීමේ ශක්තිය නොමැතිව අතරමැද මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇතග
මුත්‍රා සමඟ රුධිරය පිටවීම
මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයකිග විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රුධිරය පිටවීම පිළිකාවකට හොඳම උදාහරණයයිග
කුඩා දරුවන්ට
කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුයිග එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් දක්නට ලැබේග මෙම දරුවන් තටමමින් මුත්‍රා පිට කිරීම සිදු කෙරේග මෙවැනි රෝග තත්ත්ව වලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයිග එසේ නොවන්නට අනාගතයේදී වකුගඩු අකර්මන්‍ය වීමට ද ඉඩ ඇතග
සමාජ රෝග
අවුග 20 -25 අතර මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වනවා නම් ඇතැම්විට එය ලිංගාශි‍්‍රත රෝගයක ලක්ෂණයක් විය හැකග
බයිසිකල් පැදීමේදී
බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇතග කාලයක් ගිය පසු යම් යම් ගැටලු මතු වී මුත්‍රා මාර්ගය ආශි‍්‍රත ගැටලු ඇතිවිය හැකග
පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත ගැටලු
වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතුවන්නේ මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ මතු කරවමිනිග ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැකග
කාන්තාවන්ට මුත්‍රා රෝග ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ හෝර්මෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්වීම නිසායග ඇතැම්විට රුධිරය පවා පිටවිය හැකි අතර එය පිළිකාවක ලක්ෂණයක් ද විය හැකග
මුත්‍රා අඩස්සිය
මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයිග මුත්‍රා කැඩී කැඩී පිටවීමල සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේග
දියවැඩියාවට
රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය දියවැඩියා ලක්ෂණයකිග
මේ ආකාරයට මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යයග
එසේ නොවන්නට අනාගතයේදී මුත්‍රා ආශි‍්‍රත ගැටලු සමූහයක් ඔබට මුහුණ දීමට සිදුවනු ඇතග පසුකාලීනව වකුගඩු බද්ධය තරම් රෝගය දරුණු විය හැකග
curtesy :
dinamina.lk