අපි කවුරුත් කැමැතියි ලස්සනට ඉන්න. බොහෝ දෙනෙක් තමන්ගේ ලස්සන වෙනුවෙන් නොයෙකුත් කැප කිරීම් කරනවා. සමහර වෙලාවට ඒ වෙනුවෙන් අධික මිල මුදල් පවා වැය කරනවා. මේ සියලු දෙයින් බලාපොරොත්තු වෙන්නේ තම රූප ස්වභාවය ආරක්ෂා කරගැනීම සහ එය දීර්ඝව පවත්වා ගැනීමයි. මේ වෙනුවෙන් අද අපේ රටේ ඕනෑ තරම් රූපලාවණ්‍යාගාර, රූපලාවණ්‍යය ශිල්පීන් මෙන් ම ඒ වෙනුවෙන් සැකසුණු විවිධාකාරයේ ආලේපන වර්ගත් විවිධ ක්රමෝපායනුත් තිඛෙනවා.
අද විද්‍යුත් මාධ්‍යයක් හෝ මුද්‍රිත මාධ්‍යයක් දෙස අපේ අවධානය යොමු වුවහොත් රූපලාවණ්‍යය වෙනුවෙන් වෙන් කළ පාඩම් මාලා හෝ උපදෙස් මාලා කොයිතරම් දැයි ඔබට පැහැදිලි වෙනවා ඇති. බොහෝ වෙලාවට මාධ්‍ය ඔස්සේ සිදුවන මේ අධික ප්‍රචාරණය හේතුවෙන් අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ රූපලාවණ්‍යය වෙනුවෙන් හරි මඟ තෝරා ගැනීමට නොහැකිව ලතවෙන අවස්ථා බොහෝ ය. ඒ විතරක් නොවේ නොයෙක් අවස්ථාවල වැරදි මාර්ගයේ ගොස් තම රූප ස්වභාවයට හානි සිදුකර ගන්නා අවස්ථා ද ඇත.
ඒ බැවින් තම රූප ස්වභාවය නිවැරදිව ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේද? යන්න පිළිබඳ ‘රසඳුන’ පාඨක ඔබ සැමත් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්නට අප සිතුවා. ඒ සඳහා අප තෝරාගත්තේ දිවයිනේ ප්රවීණතම රූපලාවණ්‍යය ශිල්පිනියක්. ඇය මෙම විෂය ක්ෂේත්රය පිළිබඳ දෙස් විදෙස් හැදෑරීමකින් පසුව හා පුරා වසර ගණනාවක් මේ ක්ෂේත්රයේ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් මත ප්‍රවීණත්වය ලැබූ තැනැත්තියක්.
අදටත් ඇය සිය අධ්‍යයන ක්ෂේත්රයේ නව සොයාගැනීම් වෙනුවෙන් වෙහෙස වෙමින් අලුතින් එකතු කර ගත යුතු දේ වෙනුවෙන් පුහුණුව හා අධ්‍යයනයේ නිරත වෙමින් මෙම ක්ෂේත්රයේ නිරත වෙනවා. ඇය රූපලාවණ්‍යය ශිල්පිනී දමයන්ති විමලවීරයි. ඇගේ ශිල්පියේ සුවිශේෂත්වය පිළිබඳ සඳහනක් මේ මොහොතේ කළ යුතුමය. මේ රූපලාවණ්‍යය විධි ක්රමයේ සුවිශේෂීත්වය වන්නේ ස්වභාවික ශාක සාර, ගස්වල කොළ, පොතු සහ මැටි ආදිය ඇසුරු කර ගනිමින් කරන රූපලාවණ්‍යය ක්‍රමවේදයක් වීමයි. ඇගේ උපදෙස් මත ඔබටත් ඔබේ රූපය වඩවා ගැනීමේ හැකියාව ඇති කරලීම මෙම ලිපි පෙළ අරමුණයි. ඈ ප්‍රථමයෙන් ම ඔබට පහදා දෙන්නේ ඔබේ මුහුණේ සම හඳුනා ගන්නේ කෙසේද? යන්න පිළිබඳයි.
ර්‍ණඅපි හැමදෙනාටම උත්පත්තියෙන් හිමිවන සමක් තිඛෙනවා. මේ සම ආරක්ෂාකර ගැනීම තමයි මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ. ප්‍රධාන වශයෙන් අපට සමේ ප්‍රභේද තුනක් හමුවෙනවා.
1. සාමාන්‍ය සම (භදරප්ක ීනසබ)
2. වියළි සම (ෘරහ ිනසබ)
3. තෙල් (ධසක ිනසබ)
මීට අමතරව වියළි සහ තෙල් මිශ්‍රව ඇති සමක් අපි හඳුන්වන්නේ කදපඉසබ්එසදබ ිනසබ එකක් විදියටයි. රූපලාවණ්‍යය පිළිබඳ සිතන ඕනෑම කෙනෙක් මූලික වශයෙන් තමන්ට හිමිව තිඛෙන්නේ මා ඉහතින් කියූ සමේ ප්‍රභේද අතරින් කෙබඳු සමක් ද යන්න පිළිබඳ හොඳින් තේරුම් බේරුම් කරගත යුතුය. ඒ මන්ද තමන් රූපලාවණ්‍යය සත්කාර සිදුකළ යුත්තේ තමන්ට හිමිව ඇති සමට ගැළපෙන ආකාරයකින් නිසා ය.
බොහෝ අවස්ථාවලදී තමන්ට හිමිව පවතින සමේ ස්වභාවය පිළිබඳ අඩු දැනුමකින් යුතුව රූපලාවණ්‍යය සත්කාර සිදුකිරීමට ගොස් අකරතැබ්බයන්ට මුහුණ දෙන පිරිස් අපි අතර බොහෝ ය. රූපලාවණ්‍යය සත්තාරවලදී විශේෂයෙන් රූපලාවණ්‍යය ශිල්පිනිය තමන් හමුවට පැමිණෙන පාරිභෝගිකයාගේ සමේ ස්වභාවය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වෙනවා. ඒ අනුව ඔහු හෝ ඇය තීරණය කරනවා මේ සමේ ස්වභාවය කෙබඳු ද යන්න ගැන.
මෙතනදී ඉතා වගකීමෙන් කිව යුතුයි සාමාන්‍ය සමක් හිමි කෙනෙකුට කරන රූපලාවණ්‍යය සත්කාරයන්ට වඩා වෙනස් බව. අනිත් පැත්තෙන් තෙල් සහිත සමක් හිමි කෙනකුට කරන්නේ අනෙක් දෙපාර්ශ්වයටම වඩා වෙනස් සත්කාරයක්. මේවා එකිනෙකට වෙනස් කියන එක මෙහිදී පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. සමේ විවිධ ප්‍රභේද වෙනුවෙන් අපි භාවිත කරන ආලේප වර්ගත් විවිධාකාරයි. ඒ නිසා රූපලාවණ්‍යය සත්කාර පිණිස පැමිණෙන සියලුම දෙනා මේ ගැන අවබෝධයකින් සිටිය යුතුයි. අනිත් පැත්තට තමන්ට පාවිච්චි කරන්නේ කුමන වර්ගයේ ආලේපන ද? යන්න ගැන රූපලාවණ්‍යය ශිල්පිනියගෙන් දැන ගැනීමේ අයිතියකුත් ඔබට තිඛෙනවා. රූපලාවණ්‍යය ශිල්පිනියන් සියලු දේ පිළිබඳ තම පාරිභෝගිකයාට විස්තර කිරීමට වගකීමක් පවතිනවා. මෙවැනි සුහද එකමුතුවකින් යුතුව තමයි මුලින් ම මේ කර්තව්‍යය සඳහා අපි අත ගැසිය යුත්තේ.
අද අපි අපේ සමේ ප්‍රභේද පිළිබඳ සාකච්ඡා කළා. ඉදිරියේදී මෙම ප්‍රභේද පිළිබඳ වැඩිදුර තොරතුරුත් ඒ ඒ ප්‍රභේදයන්ගෙන් යුත් සම ආරක්ෂාකර ගැනීම සඳහා කළ යුතු ක්‍රමවේද පිළිබඳවත් දිගින් දිගටම ඔබට කරුණු පැහැදිලි කරන්නම්.
උපදෙස් - ‘දමයන්ති සැලෝන්’ හි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි
දමයන්ති විමලවීර ගෙන්
හේමාලි
(under the courtesy of goodhousekeeping.lk web)