Beauty
මුහුණ වගේම දෙපය ගැනත් හිතන්න
රූපලාවන්‍ය ශිල්පින චන්දිමා සඳමාලි
සුන්දරත්වය ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා දෙපය ගැන නම් උනන්දුවක් දක්වන්නේ නෑ. කාන්තාවන් රූපලාවන්‍ය ගැන විශේෂ උනන්දුවක් දැක්වීම මගින් ඇගේ නිරෝගීකම, සෞඛ්‍ය සම්පන්න බව සහ දිගුකලක් රූපය රැකගැනීමට හැකියාව තිඛෙනවා. නමුත් මෙහිදී රූපලාවන්‍ය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතුයි. බොහෝ කාන්තාවන් සැලකිලිමත්වන්නේ තමන්ගේ මුහුණ ගැන පමණයි. ෆෙෂල් එකක් කරගැනීම, ඇහිබැම සැකසීම, හිසකෙස් සැකසීම වැනි දේ ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා අමතක කරන්නේ දෙපයයි. රූපලාවන්‍ය යනු හිස සිට දෙපතුල දක්වා පිරිසිදුව සෞඛ්‍යමත්ව පියකරුව තබා ගැනීමයි.
බොහෝ අලංකාරව සැරසී සිටින ඇතැම් කාන්තාවන්ගේ දෙපය යන්තම් හෝ පෙනුනහොත් ඒවා කොතරම් අපිරිසිදුදැයි ඔබට පෙනේවි. මුහුණ ගැන වැඩි අවධානයක් දක්වන බොහෝ දෙනා දෙපයට දක්වන්නේ අඩු සැලකිල්ලක්. මේ කියන්නේ රූපලාවන්‍යයට උනන්දුවක් දක්වන සෑම දෙනා ගැනම නෙමෙයි. නමුත් බොහෝ කාන්තාවන් මෙහෙමයි.
දෙපයේ විළුඹ පැලිලා. පැලුණු දාර අතර කුණු
රැඳිලා. නියපොතු ක්‍රමානුකූලව කපා නැහැ. කාලෙකට ඉහත ගැල් වූ නිය ආලේපනවල ඉතිරි වූ කොටස් නියමත. මෙවැනි දෙයක් සුන්දරයි කියා ඔබ සිතනවාද?
අඩු තරමින් මාසයකට වරක් හෝ දැත, දෙපය ගැන සැලකිලිමත් වී ඒවා පිරිසිදු කරගැනීම අවශ්‍යයි. මේ සඳහා රූපලාවන්‍යාගාරයකට යාමට ද ඔබට පුළුවන්. නමුත් එය අත්‍යවශ්‍ය නෑ. නිවසේදීම වුවත් මේ පිරිසිදුකිරීම කරගැනීමට ඔබට පුළුවනි.
දෙපයේ විළුඹ පැලීමට බොහෝ විට හේතුවන්නේ එම ප්‍රදේශයේ සම වියළි හා ගොරෝසු වීමයි. පියුමික් ගලක් මගින් එම ප්‍රදේශය අතුල්ලා සේදීමෙන් මෙම තත්ත්වය යම් දුරකට අඩු කරගැනීමට ඔබට පුළුවන්. දෙපා සඳහා පාවිච්චි කරන ස්ක්‍රබ් වර්ගයක් යොදා දෙපා ස්ක්‍රබ් කරන්න. දෙපයට සුදුසු ක්‍රීම් වර්ගයක් තවරා මසාඡ් කරන්න. දිනපතා උස අඩි සහිත පාවහන් භාවිතයෙන් ඔබේ දෙපා වෙහෙසට පත්වෙනවා. එය ද දෙපය අවලස්සන වීමට හේතුවක්. දෙපයේ නියපොතු වවන්නට එපා. ඒවා කෙටිව කපන්න. සුදුසු නිය ආලේපන ගැල්වීමේ වරදක් නෑ. නමුත් ඒවා නිසි කාලයේදී ඉවත් කරන්න.
මුහුණට දක්වන සැලකිල්ලම දෙපයට දැක්වීම ඉතාම වැදගත්. වෙහෙසට සහ පීඩාවට පත් වූ දෙපාවල එම වෙහෙස හා පීඩාව මුහුණින් පළවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා සුන්දර රූ සපුවක් ඔබගේ ප්‍රාර්ථනය නම් දෙපා ගැන ද අවධානයක් යොමු කිරීමට මතක තබා ගන්න.
සාකච්ඡා කළා - චාමරි බණ්ඩාර
(under the courtesy of goodhousekeeping.lk web)