Life
මුත්‍රා ගල් නැති කරන්න ගොරකවලට පුලූවන්
වකුගඩුවල ගල් හට ගත්තොත් මොකද වෙන්නේ?
මුලින්ම කුඩා වේදනාවක් කොන්ද ප්‍රදේශයේ හට ගන්නවා. මොකද, වකුගඩු පිහිටා ඇත්තේ කොන්ද ආශ්‍රිතව වීමයි. ඊළඟට මේ වේදනාව ක්‍රමයෙන් දැඩි වෙන්නට පටන්
ගන්නවා. ඊළඟට සැත්කමක් මගින් ඒවා ඉවත් නොකළොත් එදිනෙදා කටයුතු කර ගැනීමට බැරිව වේදනාවෙන් මිරිකෙමින් කල් ගත කරන්නට සිදු වෙනවා.
අප මේ ලිපිය ලියන්නේ වකුගඩු ගල් දිය කිරීමට, එහෙමත් නැත්නම් කැබලි කිරීමට ගොරකවලින් පුළුවන් බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇති බව ඔබට කියන්නටයි. ඊට කලින් අපි බලමු මුත්‍රා ගල් හැදෙන්නේ කොහොමද කියලා.
වකුගඩු ගල කුඩා ස්ඵටික විශේෂයක්. මුත්රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක් නැතිව වකුගඩුවලින් නික්මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා. ඒත් සමහර වකුගඩු ගල් එසේ නොවී මි.මී. 3 ක පමණ ප්‍රමාණය තෙක් විශාලව මුත්‍රවාහිනී නාලවලට අවහිර කරනවා. වේදනාව හට ගැනීම පටන් ගන්නේ නම් මේ අවස්ථාවේදීය. මේ වේදනාව විටින් විට හටගන්නා අතර විනාඩි 20 සිට 60 දක්වා කාලයක් තුළ පවතිනවා. වමනය, උණ, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්රාවල සැරව තිබීම, මුත්‍රා කරන විට අධික වේදනාවක් හට ගැනීම යනාදිය මේ රෝගයේ සෙසු රෝග ලක්ෂණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. දිගින් දිගටම මුත්‍රාගල්වලින් වකුගඩු අවහිර වනවිට වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවී රුධිරය හරි හැටි නොපෙරී රුධිර සංසරණ පද්ධතියට එකතුවීමෙන් හටගත හැකි වෙනත් ඵලවිපාකවලට මුහුණදීමට රෝගියාට සිදුවෙනවා.
වකුගඩු ගල් හටගැනීමට මූලික හේතුවක් වන්නේ නිසි පරිදි ජලය පානය නොකිරීමයි. ඊට අමතරව සත්ත්ව ප්‍රොaටීන්, ලවන වර්ග, සුදු සීනි , ඇපල් යුෂ යනාදිය බහුලව ගැනීම නිසාත් මුත්‍රාගල් ඇතිවිය හැකිය.s වසර 2013 සංඛ්‍යාලේඛනවලට අනුව ලොව පුරා ජනතාවගෙන් හාරකෝටි අනූ ලක්ෂයකට මුත්‍රාගල් හට ගැනීමේ රෝගය වැළඳුණා. ඉන් 15000 ක් මියගියා.
දැන් අපි මුත්‍රා ගල් කැබලි කර එම රෝගය නැති කිරීමට ගොරකාවලින් හැකි වන්නේ කොහොමද කියන කාරණය දෙසට හැරෙමු.
ගොරක යුෂ තුළ තිබෙනවා හයිෙඩ්රාක්සි සිට්රේට් (Hydroxycitrate) යනුවෙන් හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක්. මෙය සිටි්රක් අම්ලය පදනම් කරගත් ද්‍රව්‍යයක්. හුණුගලක් මතට විනාකිරි හෝ දෙහි ඇඹුල් දමන විට ගල ක්‍රමයෙන් කුඩා කැබලිවලට විසිරී යන පරිද්දෙන් වකුගඩු ගල් මතට හයිෙඩ්රාක්සිට්රේට් දැමූ විට එම ගල ඛාදනය වී ඉතා කුඩා අංශුවලට කැඩෙනවා. එවිට එම ගල් කුඩු මුත්රාමාර්ගයෙන් පිටකර ගැනීම ඉතා පහසු වෙනවා.
අප ව්‍යාංජන ඇඹුල් රස කර ගැනීමට යොදන ගොරක විස්කම් ඖෂධයක් ලෙසයි බටහිර ලෝකය සලකන්නේ. ගොරක ගෙඩිය තුළ තිබෙන ඉහත කී අම්ල මිශ්‍රණය HCA යන කෙටි නාමයෙන් හඳුන්වනවා. මේ ද්‍රව්‍යය දින තුනක් නිසි මාත්‍රාවෙන් දුන් විට වකුගඩු රෝගියා සම්පූර්ණ සුවය ලැබූ අවස්ථා තිබෙනවා.
වකුගඩු ගල් විනාශ කිරීම සඳහා පසුගිය වසර 30 තුළ කොතරම් පර්යේෂණ කළත් විශාල ප්‍රයෝජන ලැබුණේ නැහැ. එහෙත් HCA ආශ්රයෙන් කරන ලද ප්‍රතිකාර මුත්‍රා ගල් සම්බන්ධයෙන් ඉතා උසස් ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
(ලබන සතියේ ගොරක මගින් තරබාරුව නැති කරන හැටි කියවමු.)
Wmqgd .ekSu oekqu weiqfrks