Life
මුත්‍රා ගල් නැති කරන ගිතෙල් පොල්පලා මැල්ලුම
ඕනම රෝගයක් සඳහා ඖෂධ තෝරා ගැනීමේදී ප්‍රමාණයක් තිබෙනවා. මාත්‍රාවක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් කිසියම් බෙහෙත් පැළයක් අමුවෙන් තිබෙන විට එයින් හටගන්නා ගුණාත්මක භාවය එකක්. වේළිලා තිබෙන විට හටගන්නා ගුණාත්මක භාවය තව එකක්. රාවණා රජතුමා ලෙඩ රෝග 5999 ක් සඳහා ඖෂධ වශයෙන් ගස් වර්ග 5999 ක් හඳුනාගෙන සිටි බවට කේරළයේ සිටින රාවණා පරම්පරාවේ වෛද්‍යවරු අදටත් විශ්වාස කරනවා. එදා රාවණා පරම්පරාවේ සිටි අය මේ ඖෂධ ගත්තෙ අමුවෙන්.
ප්රශ්නය - පසුගිය සතියේ අපි මුත්‍රා බොක්කේ ගල් නැතිකර ගැනීම සඳහා නීරමුල්ලිය ගහේ පස් පංගුවෙන් කළ හැකි ප්‍රතිකාර ගැන සඳහන් කළා...
වෛද්‍ය මුහන්දිරම් - මේ කාරණය සම්බන්ධයෙන් මගෙන් විවිධ විස්තර විමසමින් රෝගීන් දහස් ගණනක් දුරකථනයෙන් කතා කළා. ඒ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. ඒ එක්කම කිවයුතු වැදගත් යමක් තිබෙනවා. මුත්‍රා ගල් කියන්නේ ආවාට ගියාට බෙහෙත් කළ යුතු රෝගයක් නොවෙයි. අද හුඟ දෙනෙක් බෙහෙත් කරන්නෙත් බෙහෙත් අහන්නෙත් Face Book එකෙන්. ඕනම රෝගයක් සඳහා ඖෂධ තෝරා ගැනීමේදී ප්‍රමාණයක් තිබෙනවා. මාත්‍රාවක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් කිසියම් බෙහෙත් පැළයක් අමුවෙන් තිබෙන විට එයින් හටගන්නා ගුණාත්මක භාවය එකක්. වේළිලා තිබෙන විට හටගන්නා ගුණාත්මක භාවය තව එකක්. රාවණා රජතුමා ලෙඩ රෝග 5999 ක් සඳහා ඖෂධ වශයෙන් ගස් වර්ග 5999 ක් හඳුනාගෙන සිටි බවට කේරළයේ සිටින රාවණා පරම්පරාවේ වෛද්‍යවරු අදටත් විශ්වාස කරනවා. එදා රාවණා පරම්පරාවේ සිටි අය මේ ඖෂධ ගත්තෙ අමුවෙන්. අද අපි බෙහෙත් කඩෙන් බෙහෙත් ගන්නෙ වියළපුවා. අමු ඖෂධවල තිබෙන ශාකසාර ප්‍රමාණයත් වියළි ඖෂධවල තිබෙන ප්‍රමාණයත් එකිනෙකට වෙනස්. ඒ නිසා සුදුසු මාත්‍රාව තෝරා ගැනීමේදී වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුමයි. විශේෂයෙන්ම නීරමුල්ලිය ප්‍රතිකාරය කළ යුත්තේ මුත්‍රා ගල් සෑදුන මුල් අවස්ථාවේදීයි. මුත්‍රා ගල් පරණ නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු වෙත යා යුතුමයි. මන්ද එවිට තමයි වෛද්‍යවරයා කියන්නේ නීරමුල්ලිය හෝ වෙනයම් ප්‍රතිකාරයක් හෝ කවර මාත්‍රාවකින් ශරීරගත කළ යුතුද කියන කාරණය.
ප්රශ්නය - මුත්‍රා ගල් දියකර හැරීම සඳහා යොදාගත හැකි වෙනත් ඖෂධ වර්ග මොනවාද?
වෛද්‍ය මුහන්දිරම් - බෙලිමල්, රණවරා වගේ දේවල් පානය කිරීම සුදුසුයි.
ප්රශ්නය - පොල්පලා ගැන මෙහෙම මතයක් තිබෙනවා. ඒ තමයි ලංකාවෙ පොල්පලාවල ක්‍රියාකාරීත්වය ඉතාම ඉහළ මට්ටමක පැවතීමත්, ඉන්දියාවේ පොල්පලාවල ක්‍රියාකාරිත්වය පහළ මට්ටමක පැවතීමත්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
වෛද්‍ය මුහන්දිරම් - ඕකට සිංහල ව්‍යවහාරයේදී කියන්නේ අස්වැන්න සහ පුස්වැන්න. අපේ පොල්පලාවල තියෙන්නේ අස්වැන්න. ඉන්දියානු පොල්පලා පුස්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය අඩුයි. ලංකවේ පොල්පලා නියම මාත්‍රාව පන්නලා පානය කිරීම ඉතාම භයානකයි. සමහර විට වකුගඩුවල තිබෙන කෙµaරෝන නමැති සියුම් නාල පවා විනාශ වීම සිදු විය හැකියි. මේ අවදානම මඟහැරීම සඳහා කළ යුතු හොඳම දෙය තමයි පොල්පලා මැල්ලුම අනුභව කිරීම. මේක වසර දහස් ගණනක් පරණ සිංහල කෑමක්. ඒ කාලේ හිටපු අය සතියකට දින දෙක තුනක් පොල්පලා මැල්ලුම් තම ආහාරයට එකතු කරගත්තා. ඒ නිසා ඔවුනට මුත්‍රාගල් වැනි රෝග නොසෑදුණු බව අපට විශ්වාසයි. පොල්පලා මැල්ලුම හදන්නෙ මෙහෙමයි. අමු පොල්පලා දලු ටිකක් නෙළා ගන්න. ඒවායින් මිටක් විතර ගෙන අතින් කුඩා කෑලිවලට කඩා ගන්න. මෙයට ගා ගත් පොල් ටිකක්, හීනියට ලියපු අමු මිරිස් කරලක්, හීනියට ලියපු රතුලූනු ගෙඩියක්, හීනියට ලියපු සුදු ලූනු බිකක් සහ සුදුසු පරිදි ලුණු සහ දෙහි යොදා ගන්න. මෙහිදී මතක තබාගත යුතුයි ළපටි පොල්පලා තෝරා ගැනීම සහ ඒවායේ කඳ කොටසත්, මල් කොටසත් මැල්ලුමට එකතු විය යුතු බව. ඊළඟට ඒ සියල්ල අතින් අනා එළඟිතෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මඳ ගින්නේ යන්තම් මළවා ගත යුතුයි. මෙය වකුගඩු රෝගීන්ටත්, මුත්‍රාගල් තිබෙන අයටත් ඉතාම සුදුසු ඖෂධීය ආහාරයක්.
Avera lanata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පොල්පලා පඳුරු ගහනයක් ලෙස පාලනයකින් තොරව සෑදෙන ශාකයක්. ආසියාව, අප්‍රිකාව සහ ඔස්ටේ්රලියාව යන රටවලට ආවේණික මෙය, කේරළයේ තිබෙන ශුද්ධ වූ මල් වර්ග දහයෙන් එකක් හටගන්නා ශාකයක්. නිසි ලෙස කප්පාදු නොකළොත් මේ ශාකය අඩි 6 ක් පමණ උසට වර්ධනය වෙනවා. පුරාතනයේදී සර්ප දෂ්ටවලදී මේ ශාකය ඇල්වතුරෙන් අඹරා සර්පයා දෂ්ට කළ තැන තැබූ විට විෂ නැසෙන බව පිළිගත්තා.
සාකච්ඡා කළේ
අශේන් රඹකොස්වැව
නොමිලේ විස්තර සඳහා 0753224360/ 071 2277620/ 0815736155 අමතන්න.
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්