Health
මුඛයේ සුදු ලප-රතු ලප සුදු සහ රතු මිශ්‍ර ලප මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණයක්
වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් අතර බහුලතම පිළිකාව බවට පත් වී ඇත්තේ මුඛ පිළිකාවයිග ශ්‍රී ලංකාවේ නවතම පිළිකා දත්ත අනුව වසරකට අලුතින් මුඛ පිළිකා රෝගීන් 2500කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගන්නා අතර දිනකට අලුත් මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ රෝහල් වෙත වාර්තා වන බව රෝහල් ආරංචි මාර්ග පවසයිග සාමාන්‍යයෙන් වසරකට අලුතින් වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය 14ග3්රකිග එම රෝගීන් අතුරින් 1888 පිරිමින් වන අතර 534 දෙනෙකු ගැහැණුන් වේග පිරිමින්ගේ පිළිකා අතුරින් වැඩියෙන්ම වාර්තා වූ පිළිකාව මුඛ පිළිකාවයිග
එය ප්‍රතිශතයක් ලෙස 23ග6්රකිග නමුත් ගැහැණුන්ට වැළඳෙන පිළිකා අතුරින් මුඛ පිළිකාවට හිමි වන්නේ 5 වන ස්ථානයයිග එය ප්‍රතිශතයක් ලෙස 5ග9්රකිග පසුගිය වසර 5 ක දත්තයන් සැලකිල්ලට ගත් විට ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා රෝගීන් 40්‍රක ප්‍රමාණයක වර්ධනයක් දක්නට ඇතග මුඛ පිළිකාව වැඩි වශයෙන් වැළඳෙන්නේ වයසින් වැඩි පුද්ගලයන්ටයග හේතුව අවදානම් කාරකවලට නිරාවරණය වීමේ කාලසීමාව වැඩි වීමයිග
මුඛ කුහරයේ ඇති ඕනෑම පටකයක ඇතිවන පිළිකාවක් මුඛ පිළිකාවක් වේග මුඛ පිළිකාවක් ඇති වීමට පෙර මුඛ කුහරයේ යම් යම් වෙනස්කම් දක්නට ඇතග ඒවා පූර්ව පිළිකා ලක්ෂණයග
පූර්ව පිළිකා ලක්ෂණ සහ මුඛ පිළිකාවක් ඇති වීමට අපගේ අහිතකර චර්යා රටා බෙහෙවින් බලපානු ඇතග ඒවා වනුයේ බුලත් විට භාවිතයල දුම්කොළ හා පුවක් ආශි‍්‍රත නිෂ්පාදන භාවිතයල දුම්පානය හා මද්‍යසාර භාවිතයල අහිතකර ලිංගික චර්යා රටාවල නිරතවීම යන ආදියයිග
ඉහත සඳහන් කරුණු කාරණාවල එක් දෙයකට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට වඩා පුරුදු ගණනාවකට යොමු වී ඇති පුද්ගලයෙකුට පිළිකා අවදානම වැඩියග විශේෂයෙන් මෙම පුරුදු වලට ඇබ්බැහි වූ කාලසීමාව මෙන්ම මෙවැනි දේ භාවිතා කරන වාර ගණන වැඩි වන තරමට පිළිකාව ඇතිවීමේ අවදානම වැඩියග
දුම්කොළ සපන විට පිළිකා ජනක 28ක් පමණ නිදහස් වන අතර පුවක්වල පිළිකා ජනක ද්‍රව්‍යය හතරක් ඇති බව වෛද්‍යවරුන් විද්‍යාත්මකව සොයා ගෙන ඇතග තවද දුම්කොළ හා පුවක්වලින් ඇති කරන පිළිකා ජනක ද්‍රව්‍ය නිදහස් කිරීම හුණු මඟින් වැඩි කරන බැවින් මුඛ ආස්තරය ද හුණු නිසා තුනී වේග මේ හේතුව නිසා දුම්කොළ සහ පුවක් මඟින් නිදහස් වූ පිළිකා ජනක ද්‍රව්‍ය මුඛ ආස්තරයේ ඇති සෛලවලට උරා ගැනීම පහසු කරයිග
පූර්ව පිළිකා ලක්ෂණ සියල්ලක්ම මුඛ පිළිකාවක් බවට සනාථ වන්නේ නැතග නමුත් එයින් යම්කිසි ප්‍රතිශතයක් මුඛ පිළිකා බවට පත් වේග
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ
සුදු ලපල රතු ලපල සුදු හා රතු මිශ්‍ර ලපල මුඛ ශ්ලේෂ්ම ෆයිබ්රොසියාවග මෙම පූර්ව ලක්ෂණ කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගත හොත් මුඛ පිළිකාවක් වීම වළක්වා ගත හැකග
සුදු ලපල රතු ලපල සුදු හා රතු මිශ්‍ර ලප කම්මුලේ ඇතුළේ පසල දිවේල මුඛයේ පතුලේ සහ විදුරුමස් ආශි‍්‍රතව මුඛයේ ඕනෑම ස්ථානයක දැකිය හැකග මෙම ලප මුඛ ආස්තරයේ පැහැදිලි ලෙස හඳුනාගත හැකග ඉතා කුඩා ප්‍රමාණයේ ලප මෙන්ම ඉතා විශාල ප්‍රමාණයේ ලපදල මතුපිට තරමක් ගොරෝසු බවකින් යුක්ත වේල
මුඛ ආස්තරයේ දැකිය හැකි සෑම පාට වෙනස්වීමක්ම පූර්ව මුඛ පිළිකාවක් නොවේග හැපීමෙන් ඇතිවන තුවාලල රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන තුවාලල සමහර දිලීර ආසාදන ද මුඛ ආස්තරයේ වෙනස්කම් ඇති කිරීමට හේතුවන හේතුවලින් සමහරකිග
පුවක් භාවිතයෙන් ඇති වන මුඛ ශ්ලේෂ්ම ෆයිබ්රොසියාව
පූර්ව පිළිකා ලක්ෂණයකිග මුඛ ආස්තරයට යටින් වූ වෙනස්කම් නිසා මුඛයේ වෙනස්කම් ඇති වේග මුඛ ආස්තරය සුදු මැලි වීමල කට ඇරීමට අපහසු වීමල දිව එළියට දැමීමට අපහසු වීමල මිරිස් කන විට ඇතිවන අධික දැවිල්ල නිසා මෙවන් වෙනස්කම් සමහරකිග මෑතක සිට පාසැල් සිසුන් ඉලක්ක කරගනිමින් වෙළඳපොලේ දැකිය හැකි පුවක් ආශ්රිත නිෂ්පාදන පාසැල් සිසුන් අතර ජනපි‍්‍රය කරවන තත්ත්වයක් වෙළඳුන් විසින් සිදු කර ඇතග මේවා භාවිතය නිසා මෑතක සිට මුඛ ශ්ලේෂ්ම ෆයිබ්රොසියාව සිසුන් අතර වාර්තා වී ඇතග
මුඛ පිළිකා වළක්වා ගැනීමට ඔබ කළ යුතු දේ
මසකට වරක් උදෑසන දත් මදින විට තමාගේ මුඛය පරික්ෂා කරගන්නග මේ සඳහා කැඩපත ඉදිරියට ගොස් තම මුඛයට හොඳින් ආලෝකය වැටීමට සලස්වා මුඛයේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කළ යුතුයග යම්කිසි වෙනස්කමක් දුටුවහොත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ගොස් තවදුරටත් පරීක්ෂා කර ගත යුතුයග මුඛ පිළිකා අවදානම ඇති අය නම් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා මුඛ පරීක්ෂාව කර ගත යුතුයග මෙම අවදානම් කාණ්ඩයට අයත් වන්නේ දිනපතා බුලත් විට සපන අයල බුලත් විට සමඟ දුම්පානයල මධ්‍යසාර භාවිතා කරන අයල පුවක් හා දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතා කරන අයග
ඔබ මේ කාරණා තුන නිරන්තරයෙන් සිදු කරන්නෙක්ද එසේ නම් සායනික මුඛ පරීක්ෂාවක් වෙත ඔබ යොමුවිය යුතුයග ඕනෑම රජයේ රෝහලක පවත්වන දන්ත සායනකදී ඔබේ මුඛය පරීක්ෂා කර ගත හැකග
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති නාරාහේන්පිට පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී මෙම සේවාව ඔබ වෙනුවෙන් විවෘතව ඇතග සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දිනවල පෙගවග 8ග30 - 4ග00 දක්වා ඔබේ මුඛය නොමිලේ පරීක්ෂා කර ගත හැකිය
curtesy :dinamina.lk