Beauty
මිශ්‍ර සමක් යනු කුමක්දැයි හරියටම හඳුනාගනිමු
මිශ්‍ර සම වශයෙන් හඳුන්වන්නේ තෙල් සහිත සමක් සහ වියළි සමක් යන වර්ග දෙකම මිශ්‍රව ඇති සමකටයි. ලංකාවේ බොහෝ පිරිසකට පිහිටන්නේ මේ ආකාරයේ සමක්. මෙවැනි සමක් පිහිටන අයෙකුගේ මුහුණේ සමහර ස්ථාන තෙල් සහිත වෙනවා. කට යට, නිකට, නහය දෙපැත්ත ආදි ස්ථාන බොහෝ විට තෙල් ගතියකින් යුක්ත වෙනවා. නළල සහ කම්මුල් දෙපැත්ත වියළි ස්වභාවයක් ගන්නවා.
මිශ්‍ර සමක් හිමි කෙනෙකු මුහුණ දෙන බරපතළම ගැටලුව තමයි මේ සදහා ප්‍රතිකාර තෝරා ගැනීමට ඇති අපහසුතාව. තෙල් සහිත සමකට කරන ප්‍රතිකාර ක්‍රම මේ සඳහා සුදුසු වන්නේත් නැහැ. එසේම වියළි සමකට කරන ප්‍රතිකාර ක්‍රම මේ සඳහා සුදුසු වන්නේත් නැහැ. වෙළෙඳ පොළේ වියළි සමට, තෙල් සහිත සමට සහ සාමාන්‍ය සමට සුදුසු ආලේපන වර්ග කොතෙකුත් ඇතත් මිශ්‍ර සමට සුදුසු ආලේපන වර්ග දක්නට නොමැති වීම තවත් ගැටළුවක්. ඒ නිසා මිශ්‍ර සමක් හිමි අයෙකු තම සම සඳහා සත්කාර කිරීම කල්පනාකාරීව කළ යුතුයි.
මිශ්‍ර සමක පිහිටන ගැටළුකාරී ස්වභාවයන්astiquebrokencapillariesah_zpso1dexylj
මිශ්‍ර සමේ පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයන් මත දක්නට ලැබෙන ස්වරූපයන් පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතුයි. ඉන් එකක් ලෙස Couperose Skin හැඳින්විය හැකිය. ඔබ බොහෝ විට දැක ඇති සමහර අයගේ මුහුණේ සම යටින් රතු පාටට හා නිල් පාටට ලේ නහර මතු වී පෙනෙන ආකාරයක්. මේ තත්ත්වයට හේතුව වන්නේ අපිචර්මයේ ලේ නහර ළඟින් ළඟින් පිහිටා තිබීමයි. මේක සාමාන්‍යයෙන් කෙනෙකුට බාහිර හේතු බලපෑමෙන් ඇතිවෙන දෙයක් නොවෙයි. මේ තත්ත්වය කෙනෙකුට ඇතිවන්නේ උත්පත්තියෙන්මයි. මේ තත්ත්වය සංවේදී සමක (Sensitive Skin) ලක්ෂණයක්.
ඒ ආකාරයෙන්ම සමේ ඇතිවන සංකූලතා හේතුවෙන් ඇතිවන තත්ත්වයක් ලෙස dehydrated skin (අධික වියළි සම) හැඳින්විය හැකියි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අධික ලෙස විජලනය වීමයි. සාමාන්‍ය සමක මෙන් තරුණ පෙනුමක් මේ සමේ දැකිය නොහැකිය. සිනිඳු බවක් දක්නට ලැබෙන්නේ නැත. පළවැනිම හේතුව වන්නේ වතුර පානය කිරීම අඩුවීම හේතුවෙන් සමේ තෙතමනය අඩුවීමයි. මේ නිසා සමේ ඇදෙනසුලු භාවය අඩු වෙනවා. dehydrated skin කියන්නේ වියළි සමේ ලක්ෂණයක්.
මෙවැනි සමක් කෙනෙකුට පිහිටන්න වටපිටාවේ ප්‍රශ්න හේතු සාධක වෙනවා. වායුසමීකරණ කාමරවල වැඩිපුර සිටීම, විදුලි පංකා යට නිතර සිටීම, අධික සුළං පරිසරයක සිටීම, සීනි, කෝපි වැඩිපුර පානය කිරීම, අධික සබන් පාවිච්චිය, බෙහෙත් වර්ග අධිකව පාවිච්චි කිරීම, මත්ද්‍රව්‍ය ගැනීම හේතු සාධක වෙනවා.
මිශ්‍ර සමක් සඳහා සත්කාර කිරීම
sensitive-skin
මෙවැනි සමක් පිහිටි කෙනෙක් ෆේෂල් එකක් කරත් ඉතාම සියුම්ව සිදුකළ යුතුයි. තදින් පිරිමැදීම කොහෙත්ම නොකළ යුතුය. Scrub නම් පාවිච්චි කරන්නේම නැති තරම්. Steam කරන්නෙත් ඉතාමත්ම ප්‍රවේසම් සහිතව. Steam කරනවා නම් මුහුණේ සිට අඟල් 16 ක වත් දුර ප්‍රමාණයකින් එය කළ යුතුය. එයත් විනාඩි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් නොකළ යුතුය. පිම්පල් ඉවත් කිරීම සඳහා යොදාගන්න Extractor උපකරණය මෙවැනි සමක් ඇති කෙනෙකුට පාවිච්චි නොකළ යුතුයි. මසාජ් කරන විටත් සියුම් මසාජ් එකක් කරන්නට වග බලා ගත යුතුයි. Pack එකක් පාවිච්චි කරද්දී මෙවැනි සමක් සහිත අයෙකුට මුහුණට ඇලවෙන්නේ නැති Pack එකක් පාවිච්චි කළ යුතුයි.
ඉක්මනින් වයසට යන මේ සම නඩත්තු කර ගැනීම සඳහාත් වෙහෙසක් දරන්න ඕන. scrub කරන අතරතුර එය ඉවර වන තුරුම steam කරන්න ඕන. ඇල්කොහොල් අඩංගු නැති torner වර්ගයක් පාවිච්චි කළ යුතුයි. sun block ක්‍රීම් පාවිච්චි කිරිම අනිවාර්යයි. ඒ වගේම ශරීර අභ්‍යන්තරයට ගන්නා ආහාර ගැනත් සැලකිලිමත් විය යුතුයි. දිනකට වතුර වීදුරු 7 – 8 ක් බොන්න ඕන. අලුත් එළවළු පලතුරු ආහාරයට ගැනීමත් අතිශයින්ම වැදගත්.
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks