Health
මැදිවියේ අයට බහුලව වැළඳෙන ගම්භීර වාත රක්තය
ආයුර්වේද වෛද්‍ය
එම්ගකේගජීගඩබ්ලිව්ගඒගසෙනෙවිරත්න
සන්ධි ආබාධ බොහෝවිට හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වයසට යාමත් සමඟ බව අප හොඳින් දන්නා කරුණකිග නමුත් සන්ධි ආබාධයක් ඕනෑම අවස්ථාවක ඕනෑම වයස් මට්ටමක ද ඇතිවිය හැකියිග මෙවැනි සන්ධි රෝග හදිසියේදී ඇතිවන ක්‍රම කිහිපයකිග එය වැටීමකින් හෝ තැලිමකින් සිදුවිය හැකියිග නමුත් අප දන්නා සන්ධි රෝග ඇති වීමට ත්රිදෝෂවල බලපෑමක් ම විය යුතු බව ආයුර්වේදයට අනුව පැවසේග සන්ධි ආශි‍්‍රතව හට ගන්නා රෝග අවස්ථාවක් නිසා සන්ධිවල බොහෝ දුර්වලතාවයන් තිබීම ද මීට බලපායිග මෙම රෝග බොහොමයක් අපගේ ආහාර විහරණ රටාවන්ගේ විවිධ විෂමතා නිසා හටගත් ඒවා මෙන්ම මේ සඳහා සරල පිළිවෙත් උපයෝගී කරගනිමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සුව කළ හැකි බව ආරෝග්‍යා වෙත වෛද්‍ය අනුෂන සෙනෙවිරත්න අදහස් දක්වයිග
සන්ධි ආශි‍්‍රත රෝග කිහිප ආකාරයකින් දැක්විය හැකියිග
ඒල
1ග ගම්භීර වාත රක්තය
2ග අමවාත සන්ධි ශ්‍රෝථය
3ග සන්ධිගත වාත රෝග අවස්ථාව
4ග අභිඝාතජ අවස්ථාව ලෙසයිග
ප්‍රතිකාර
1ග අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය
2ග දිරවීමට පහසු සැහැල්ලු ආහාර ගැනීම
3ග විවේකය ලබා ගැනීම
4ග මානසික නිරවුල් භාවය පවත්වා ගැනීම
ගම්භීර වාත රක්තය
අපේ ආහාරවල පවතින උෂ්ණ බව :ඉස්සොල දැල්ලොල කකුළුවෝල බල මාළුල සැමන්ල ගවමස්ල දෙල්- තෙල් බහුල බව :ඌරු මස්ල බටර්ල චීස්ලආදිය- අම්ල ලවණ බහුලව :අඹල අන්නාසිල අච්චාරුල විනාකිරිල ලුණුල දෙහි- වැනි ආහාර නිතර නිතර ගැනීම ශරීරයට අවශ්‍ය පමණ ජලය පානය නොකිරීමල එකිනෙකට විරුද්ධ අහාර ගැනීමල කෑ පිට කෑම වැනි හේතූන් නිසා රක්තය දූෂණය වේග දහවල් නිදාගැනීමල රාත්‍රී නිදිවැරීමල අධික ව්යායාමයල ක්‍රෝධ කිරීම ආදිය නිසා කෝපවන්නා වූ වාතය සමඟ දූෂණය වූ රක්තය සමඟ එක් වී සන්ධිස්ථාන පීඩා වට පත් කෙරේග මෙහිදී සිදුවන්නේ ඉහත දැක්වූ පරිදි ආහාර රටාවේ විෂමතාවයන් නිසා ශරීරය තුළ යූරික් අම්ලය වැඩි වීමයිග එම තත්ත්වය වකුගඩුවලට දරා ගැනීමට නොහැකිවීමෙන් නැවත ලේවලට එකතු වේග මෙවිට රක්තය දූෂණය වේග මෙසේ දූෂිත වූ රක්තය කුඩා සන්ධිවලින් පටන් ගෙන ක්‍රමයෙන් විශාල සන්ධි කරා ගොස් සිරුරේ සන්ධි ස්ථානවල තැන්පත් වී කාටිලේජයන් හිද ස්නායු හා කණ්ඩරාවන් හා මාංශ පේෂීන් පීඩාවට පත් කෙරේග මෙම රෝගී තත්ත්වයල ඇඟිලිල මැණික් කටුවල වළලුකර වැනි කුඩා සන්ධිස්ථානයන්ගෙන් ආරම්භ වී ක්‍රමයෙන් සිරුර පුරා පැතිරේග මෙම අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් දණහිස්ල තුනටියල බෙල්ල ආදී අනෙකුත් ප්‍රධාන සන්ධි ස්ථානයන් කරාද පැතිරී පසුව අත් පා විකෘති වීමට පවා හේතුවිය හැකියිග
මෙම රෝගයේදී ඇතිවන මූලික ලක්ෂණ
ෆ උදෑසන අවදි වනවිට ඇතිවන විලුඹ ආශි‍්‍රත වේදනාව
ෆ දණහිස් ඉදිමුම
ෆ තුනටිය පහල කොටසේ ඇතිවන වේදනාව
ෆ බෙල්ලේ පහළ කොටසේ ඇතිවන වේදනාව
ෆ ඇඟිලි ආශි‍්‍රතව එන වේදනාව
ෆ අව බාහුක රෝගය :උරහිස ආශි‍්‍රතව ඇතිවන රෝගය-
රෝගයට ප්‍රතිකාර
පළමුව රෝගියාගේ රක්තය ශෝධනය කළ යුතුයිග අහාර ජීර්ණ ගැටලු නිරාකරණය කළ යුතුයිග මෙවිට සමහර සන්ධි ආශි‍්‍රත වේදනා සමනය වී යනු ඇතග නමුත් ඉතිරි හානි වූ සන්ධි ස්ථාන ස්ථානික ප්‍රතිකාර කළ යුතුයිග ඒ සඳහා තෙල් ගෑමල තැවිලි පොට්ටනි තැවීමල පත්තු වර්ගල ආලේපය වාෂ්ප ස්වේදනය කළ යුතුයිග
මෙහිදී රෝගියා මෙම ප්‍රතිකාර කරන අතරතුරදී
1ග අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය
2ග දිරවීමට පහසු සැහැල්ලු ආහාර ගැනීම
3ග විවේකය ලබා ගැනීම
4ග මානසික නිරවුල් භාවය පවත්වා ගැනීම
ඉතා වැදගත් කරුණු අතර වේග
අභිඝාතජ සන්ධිගත
වාත අවස්ථාව
මෙහිදී සිදුවනුයේ වැටීමකින් හෝ තැලීමකින් සන්ධියකට සිදුවන අනතුරුයග
වෙනත් රෝග නිසා හටගන්නා සන්ධිගත රෝග අවස්ථා ද ඇතග
උදාග පොතු කබර රෝගයේදී ඇතිවන සන්ධි ආශි‍්‍රත රෝග තත්ත්ව සහ ඇතැම් උණ වර්ගවලින් හට ගන්නා සන්ධිගත රෝග තත්ත්ව එම අවස්ථාවලදී අදාල රෝගයට අනුව ප්‍රතිකාර කළ යුතුයිග
ආමවාත සන්ධි ශ්‍රෝථය :රූමටොයිඩ් ආතරයිටීස්-
අපගේ ආහාරවල පවතින දුර්වලතා නිසා හරිහැටි නොදිරවා ශරීරයට උරාගත් ආහාර රසය :ආම රසය- හේතුවෙන් ලේ දූෂිත වේග එම ආම රසය :ආහාර නොදිරවීම නිසා- ලේවලට එකතු වී ගොස් සන්ධි ස්ථාන පීඩාවට පත් කර වාතය කෝප කිරීමෙන් එහි තැන්පත් වී ආම වාතය ඇති කරයිග මෙහිදී පීඩාවට පත්වන සන්ධිය ආශි්රතවල ඉදිමීමල රතු වීම හා රත්වීම වැනි ප්‍රදාහයික ලක්ෂණ ඇතිවීමට පටන් ගනීග තවද රෝගියාට උණ ඇතිවීමට ද පුළුවනග මෙම ආම වාත රෝග හේතුවෙන් සන්ධි ස්ථාන පමණක් නොව හෘද වස්තුවට ද විශාල වශයෙන් හානි සිදුවිය හැකියිග
ලක්ෂණ
ෆ දණහිස ඉදිමුම
ෆ දණහිස අධික වේදනාව
ෆ පීඩාවට පත් සන්ධියන්හි සංඥාා නොදැනීම
ෆ උණ ගතිය
මෙම රෝගී තත්ත්වය ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවිය යුතු අවස්ථාවකිග
ප්‍රතිකාර
ආමය බහුල බැවින් රෝගියාට තෙල් ගැල්වීම නොකළ යුතුයිග ප්‍රථමයෙන් ම ශරීර ශෝධනයක් කළ යුතුයිග එනම් සිරුරේ පවතින අපවිත්‍ර විෂ කොටස් සිරුරින් බැහැර කිරීමයිග මල හා මුත්‍රා විරේකය අභ්‍යන්තරිකව සිදු කෙරේග වැලි පොට්ටනිවලින් තැවීමල මැල්ලුම් බැදීමල බාහිරව කළ හැකි ප්රතිකාරයිග මෙහිදී රෝගියාගේ ශරීරියේ උණ පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයග
රෝග සමන ප්‍රතිකාරවලට යොමුවීම කළ යුත්තේ පංචකර්ම ප්රතිකාරවලින් පසුවයග මෙවිට සිරුරේ හානි වූ සන්ධිස්ථාන සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකියිග
තර්පණ ප්‍රතිකාර තුළින් කෙරෙනුයේ රෝගියාගේ බලය වර්ණය හා ආයුෂ වැඩි කිරීමයිග මෙහිදී රසායන ඖෂධ භාවිතා කරයිග
මෙම රෝගයේදී ඇතිවන
මූලික ලක්ෂණ
ෆ උදෑසන අවදි වනවිට ඇතිවන විලුඹ ආශි‍්‍රත වේදනාව
ෆ දණහිස් ඉදිමුම
ෆ තුනටිය පහල කොටසේ ඇතිවන වේදනාව
ෆ බෙල්ලේ පහළ කොටසේ ඇතිවන වේදනාව
ෆ ඇඟිලි ආශි‍්‍රතව එන වේදනාව
ෆ අව බාහුක රෝගය :උරහිස ආශි‍්‍රතව ඇතිවන රෝගය-
සන්ධිගත වාත රෝග
වයසට යාමත් සමඟ සිරුරේ සන්ධි ස්ථාවල කාටිලේජ :තරුණ අස්ථි- ගෙවී යාම නිසා ඇති වේග මෙම රෝග තත්ත්වය වැඩිවන්නේ ක්රමයෙනිග
ලක්ෂණ
ෆ දණහිස් කෙවිම
ෆ දණහිස් චලනයේදී ශබ්දයක් නැගීම
ෆ ඇවිදීමේ අපහසුව
ඡායාරූපය - රංජිත් අසංක
ස්වර්ණා ආරිූයූවංශ
curtesy :dinamina.lk