Health
මාර වැඩේනේ කණ්ණාඩිය දාපු තැන මතක නැහැනේ
මිහිර වික්‍රමාරච්චි
අධ්යක්ෂල වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය
පෙරේරා මහත්මයා අවුරුදු 35ක් රජයේ සේවය කරලා විශ්‍රාම ගත්ත අයෙක්ග රස්සාවට යන කාලේ ඉදලාම පෙරේරා මහත්තයට කණ්ණාඩි පාවිච්චි කරන්න වුණත් ඒ තත්ත්වේ එයාගේ රාජකාරී කටයුතුවලට බාධාවක් නම් වුණේ නැහැග දවසට නියමිත රාජකාරී අකුරටම නිම කරන ඔහු දැන් තරමක් වයසට ගිහින් නිසා නිවසට වේලා විවේකී සුවයෙන් කාලය ගත කරනවාග
ගෙදර හිටවලා තිබෙන පැළවලට සාත්තු කිරීම එයාගේ විනෝදාංශයග
ඒ විතරක් නෙමේ ඉඩක් ලැබෙන හැම වේලාවකම පුවත්පතක් කියවන්න අමතක කළේ නැහැග මුලදී ලියන කියන කටයුතු වලට විතරක් ඇස් කණ්ණාඩි පැළඳියත් මේ වෙනකොට කණ්ණාඩි පාවිච්චි නොකර වැඩක් කරගන්න එයාට බැරිව ගියාග දවසක් පැන්සන් එක ගන්න බැංකුවට ගිය පෙරේරා මහත්තයට කණ්ණාඩි දෙක තිබ්බේ කොතැනද කියලා සොයා ගන්න බැරිව ගියාග
ගෙදරින් බැංකුවට එනකොට එයා කණ්ණාඩි දෙක දාගෙන ආවත් බැංකුවට ආවට පස්සේ රස්නේ නිසා මුහුණට වැටුණු දාඩිය පිහින්න කණ්ණාඩි දෙක ගැලෙව්ව ද කියලා හරි හැටි මතකයක් නෑග
තමන්ගේ සාක්කුවේ තිබෙන කණ්ණාඩි කේස් එක ඇරලා බැලුවත් එකේවත් දාගෙන නෑග මාර වැඩේගගගග ඇස් දෙක පෙන්නේ නැතුව මොනවත් කරගන්න බෑග හැමතැනම පරික්ෂා කරලා බලලා බැංකුවෙන් පිටතට එන්න හදන කොටම ආරක්ෂක නිළධාරියෙක් ඇයි මහත්තයා මොනවද හොයන්නේ කියලා ඇහුවාග මගේ මේ කණ්ණාඩි දෙක බැලුවේ ඒක නැති වෙලානේ මම එනකොටත් දාගෙන ආවනේගගගග
මඳක් විමසිලිමත් වූ ආරක්ෂක නිලධාරියාට දැක ගන්නට ලැබුණු දේ ගැන තරමක් සිනහ පහළ වූවාග ඇයි මහත්තයා ඔය ඔලුව උඩ තියෙන්නේ කණ්ණාඩි දෙකගගගග
අයිසේ මට මතක් වුණේ නෑනේ කියා සිනහා සෙමින් නැවත බැංකුව තුළට ගිය පෙරේරා මහත්තයාට තමා ගැන ඇති වුණේ තරමක ලැජ්ජාවක්ග එදා සුපුරුදු විදිහට පත්තර රාශියක් ගෙදර අරං ගිහින් කියවන විට ආරෝග්‍යා පත්තරේ තිබුණු අපූරු ලිපියක් ඔහුගේ නෙත ගැටුණාග එයින් කියවුණේ ඔබගේ උපැස් යුවළ වඩාත් ආරක්ෂාකාරීව හා පිරිසුදු අන්දමින් තබා ගන්නේ කොහොමද කියන කරුණු සම්බන්ධවයිග
පෙරේරා මහත්තයා උදෑසන මුහුණ දුන්න අත්දැකීමත් එක්ක මුළු ලිපියම එක හුස්මට කියවාගෙන ගියාග එහි සඳහන් වුණේ මෙවැනි උපදෙස් කිහිපයක්ග
ඔබගේ උපැස් යුවළේ ආරක්ෂාවට සහ පිරිසුදු කමට උපදෙස් මාලාවක්
ඔබගේ උපැස් යුවළට මඩ හා දූවිලි වලින් වන හානිය වළක්වා ගැනීමට දවසට දෙවරක්වත් එය පිසදමන්නග
නිතරම කාචය මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්නග එසේ නොමැතිව රළු වියළි කඩදාසි වලින් හෝ පිරිසුදු කාරක නිෂ්පාදන ඒ සඳහා භාවිතා නොකරන්නග
කණ්ණාඩි පිරිසුදු කිරීමේදී කඩදාසි තුවාද කාචයට හානිදායක විය හැකියිග
කණ්ණාඩි බහාලීමට වඩා හොඳ ගණකම් කවරයක් හෝ පෙට්ටියක් භාවිතා කරන්නග
ඔබගේ අත් බෑගයේ කණ්ණාඩි තබාගෙන යාම එතරම් සුදුසු නැතග
මෘදු කවරය සහිත කණ්ණාඩිවලට බෑගයෙහිදී හදිසි තෙරපීමකදී ආරක්ෂාව සැපයිය නොහැකි නිසා වඩා ආරක්ෂාකාරී තැනක එය තබන්නග
ඔබගේ උපැස් යුවළ මුළුතැන්ගෙයි උණුසුම් බඳුන්වල මෙන්ම වාහනවල ඩෑෂ් බෝඩ් මත නොතබන්නග
රළු මතුපිටක කණ්ණාඩි කාචය ගෑවෙන සේ තබන්නග
කණ්ණාඩියෙහි නෝස්පෑඩ් පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ග
උපැස් යුවල සෑමවිටම කාචය ස්පර්ශ වන සේ නොතබා රාමුව ස්පර්ශ වන සේ තබන්නග
curtesy :
dinamina.lk