Health
මානසික ගැටලු තිබූ අයට විවාහය අකැපද?
රෝගියෙක් වූ පමණින් ඔබට සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස නැවත ජිවිතයක් ගත කිරීමට නොහැකිදරෑ විමසා බලමුග
මානසික රෝග තිබූ අයට විවාහ විය නොහැකිදරෑ
ඔවුන් විවාහ වීම කිසිදු ගැටලුවක් නොවේග මේ වනවිටත් සමාජයේ ඕනෑතරම් මානසික රෝගවලින් සුවපත් වු අය විවාහ වී සිටිනු දැක ගැනීමට ලැබේග නමුත් මානසික රෝගයක් තිබූ අයෙක් විවාහ වනවා නම් ඒ පිළිබඳ විවාහයට පෙර තම සහකරුවා හෝ සහකාරිය විසින් ඥාතීන් දැනුවත් කළ යුතු වේග එෙ ස් නොවුණහොත් ඒ විවාහයට අනතුරුව ඒ පිළිබඳ දැන ගැනීමෙන් දෙදෙනා අතර විශ්වාසය කඩ වී පසුව විවාහය පවා අසාර්ථක විය හැකි වේග ඒ කරුණ මත ඔවුන් දික්කසාද වීමට යොමු විය හැකි වේග
මානසික රෝග දරුවන් ලැබීමට බාධාවක්දරෑ
මානසික රෝගියෙකු දරුවන් ලැබීමට ගැටලුවක් නොවේග නමුත් ඔවුන්ගේ දරුවන්ට ද මානසික රෝග වැළඳීමේ යම් අවධානමක් තිබුණ ද ඒ අතරින් බහුතරයක් ඔවුන් හැදෙන පරිසරය නිසා නිරෝගී දරුවන් බවට පත් වේග යම් කාන්තාවකට මානසික රෝගයක් තිබේ නම් හා දරුවන් ලැබීමට බලාපොරොත්තු වනවා නම් ඒ පිළිබඳ වෛද්‍යවරු දැනුවත් කර තැබීම අත්‍යවශ්‍ය වේග ඊට හේතුව මානසික රෝගයට ලබා ගන්නා ඖෂධවල අතුරු ආබාධ ලෙස ගර්භාෂයට බලපෑම් ඇති කළ හැකියිග
මානසික රෝග නිට්ටාවට සුව කළ හැකිදරෑ
බොහෝ සුළු මානසික රෝග නිට්ටාවට සුව කළ හැකි වේග නමුත් ඇතැම් නිධන්ගත මානසික රෝග උත්සන්න නොවී පාලනය කර ගැනීමට දිගින් දිගටම ඖෂධ ලබා ගත යුතු වේග එය වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්නා රෝගියාගේ හා පවුලේ අයගේ වගකීමක් වශයෙන් හඳුන්වා දිය හැකි වේග
ඒ වගේම නොකඩවා එකම වෛද්‍යවරයෙක් කරා ප්‍රතිකාර සඳහා යොමු වනවා නම් වඩාත් සුදුසු වේග ඊට හේතුව එම වෛද්‍යවරයා රෝගය ආරම්භයේ සිට රෝගියාගේ තොරතුරු පිළිබඳ හොඳ දැනුවත් භාවයක් ලබා ගෙන තිබෙන නිසාවෙනිග මේ හේතුවෙන් රෝගියාගේ සුළු වෙනස්කමක් පවා වෛද්‍යවරයාට හඳුනා ගත හැකි වේග නමුත් නිතර නිතර වෛද්‍යවරු මාරු කිරීමෙන් මේ හැකියාව තරමක් ගැටලුකාරී විය හැකියිග
මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ රෝග පාලනය කරනවාට වඩා නිද්රාශීලීදරෑ
මෙම ඖෂධ මඟින් සිදු කෙරෙන්නේ අදාළ රෝගියාගේ ප්රචණ්ඩත්වය පාලනය කිරීමයිග මානසික රෝගයක් යනු මොළයේ සිදුවන රසායනික වෙනසකිග මේ අසමතුලිත බව පාලනය කිරීමට මෙම නිද්‍රශීලී ඖෂධ රෝගීන්ට මුල් කාලයේදී ලබා දුන්නත් පසුව රෝගියාගේ හැසිරීම් රටාවල සාමාන්‍ය වූ විට එම ඖෂධ නවතා දමා වෙනත් ඖෂධ කරා මාරු කරනු ලැබේග
මානසික රෝගියෙකු සඳහා ප්‍රතිකාර සකස් වන ආකාරයරෑ
නවීන විද්‍යාවේ දියුණුවට සමගාමීව මානසික රෝග සඳහා වන ප්‍රතිකාර ක්‍රම ද අද ඉතා දියුණු ඉහළ මට්ටමක පවතියිග මෙම නවීන ප්‍රතිකාර ක්රමවලදී රෝගියාගේ ජීවිතයේ සෑම පැති කඩක්ම සලකා බලා ඒ සෑම අංශයකින්ම ඔවුන්ගේ ජිවිතයේ යහපැවැත්ම නංවාලීම සඳහා අවධානය යොමු කළ යුතු වේග එහිදී රෝගියාගේ මානසික ආබාධයට පිළියම් යෙදීම පමණක් නොව රෝගීන්ගේ සමාජීය දියුණුව ආර්ථික පැවැත්මල පවුලේ වගකීම් යන මේ හැම කරුණු කාරණාවක්ම සම්බන්ධව වඩාත් හොඳ මඟ පෙන්වීමක් යටතේ නැවත රෝගියා සමාජගත කිරිම මෙහිදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වේග
මේ සඳහා භාවිතාවන ප්‍රතිකාර ක්‍රම මොනවාදරෑ
බොහෝවිට මානසික රෝග පුද්ගලයාට වැළඳෙන්නේ හේතු ගණනාවක එකතුවක් වශයෙනිග ඒ නිසා මානසික රෝග සඳහා ඇති ප්‍රතිකාර ක්‍රමත් විවිධාකාර වේග එහිදී සාර්ථක මට්ටමේ ප්‍රතිකාරයකට ඖෂධ ඇතුළු අනෙකුත් ප්‍රතිකාර ද සංකලනයක් ලෙසින් ලබාදිය යුතු වේග මේ යටතට භෞතික ප්‍රතිකාරල මනෝ ප්‍රතිකාර සහ සමාජීය ප්‍රතිකාර ලෙස වර්ග කළ හැකියග භෞතික ප්‍රතිකාර යටතේ ඖෂධ ලබාදීම සිදු කරනු ලැබේග ඒවා මුඛ මාර්ගයෙන් එන්නත් වශයෙන් ආදී විවිධ ක්‍රමවේද වලට ප්‍රතිකාර කරනු ලැබේග
ඕනෑම ඖෂධයක මෙන්ම මෙම ඖෂධ වර්ග වලද සමහර අතුරු ආබාධ ඇතිවිය හැකි වේග නමුත් ඒවා තාවකාලික වන අතර පහසුවෙන් පාලනය කළ හැකි වීම විශේෂිත වේග සුලබ අතුරු ආබාධ අතර උගුර කට වේළීමල මළ බද්ධයල ශරීරයේ පේශිවල තද භාවය අත් පා වෙව්ලීමල නිදිමත ගතියක් ඇති වීම පිළිබඳ හඳුන්වා දිය හැකියිග වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගත යුතු වේග ඒ වගේම ජලය වැඩි ප්‍රමාණයක් භාවිතයල අලුත් එළවළු පලතුරු භාවිතය ද ඉතා වැදගත් වේග නමුත් ඔබට ඇතිවන අතුරු ආබාධ පිළිබඳ දැනුමක් ලබාගෙන ඒ පිළිබඳ අදාළ වෛද්‍යවරයාට දැනුම් දීම ඉතා වැදගත් වේග
ඇත්තෙන්ම මෙහිදී ඖෂධ ප්‍රතිකාර පමණක් නොවේ මනෝ ප්‍රතිකාර ද රෝගීන්ට ලබාදෙනු ලැබේග මනෝ ප්‍රතිකාර යනු යම් මානසික රෝගයක් නිසා රෝගියාගේ සිතේ ඇතිවන ව්‍යාකූල බව රෝගියා සමඟ සංවාදයේ යෙදීම තුළින් සමතයකට පත් කිරීමයිග මෙහිදී මනෝ චිකිත්සකවරයා හා රෝගියා අතර ඉතා හොඳ සම්බන්ධතාවක් තිබිය යුතු වේග ඒ වගේම මනා සන්නිවේදනය ද මෙහිදී වැදගත් වේග
රෝගියාගේ රෝගී තත්ත්වයල සිත තුළ පවතින බිය ජනක සිතිවිලිල සැක සංකා මකා දැමීමට හැකි වේග ඒ වගේම රෝගියාගේ රෝගය පිළිබඳ නිවැරදි හා යථාර්ථවාදී අදහස් ලබා දෙනු ලැබේග ඒ වගේම තම රෝගී තත්ත්වය යටපත් කිරීම හෝ තමා විසින්ම පාලනය කළ යුතු බවට ද රෝගියාට ඒත්තු ගැන්වීම මෙහිදී සිදු වේග
මීට අමතරව නිධන්ගතව පවතින මානසික රෝගවලදී රෝගියාව පුනරුත්තාපනය කිරීමක් සිදු වේග ඔවුන්ව දිගුකාලීනව මේ සඳහා යොමු කළ යුතු වේග මෙම ක්‍රියාවලියේදී බොහෝදුරට රෝගීන් ප්රශස්ත මට්ටමකට රැගෙන ඒමේ හැකියාවක් පවතින අතර සියයට සීයක්ම මෙමඟින් මානසික රෝගීන් සුවපත් වනවා යැයි පැවසිය නොහැකි වේග එමෙන්ම මෙම පුනුරුත්තාපන ක්‍රියාවලියේදී සමාජගත කිරීමට අවශ්‍ය කුසලතාවන් වර්ධනය කිරීමක් ද සිදු වේ
curtesy :
dinamina.lk