Health
මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම
මත්පැන්ල මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ශරීරයට අහිතකර බවත් මේවා මගින් ශරීරයට මාරාන්තික රෝග ඇති වන බවත් කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෝ හොඳින් දනිතිග එසේ දැන දැනත් දිනපතා මේවා සඳහා අලුතින් පිිරිස යොමුවීමත් දැනට ඊට යොමුවූවන්ගෙන් බොහෝ පිරිසක් ඉන් මිදීමට උත්සාහ නොකිරීමත් දකින්නට ඇතග
වෛද්යතුමනිල මත්වන ද්‍රව්‍ය ශරීරයට අහිතකර යෑයි පැවසූවත් මේ සඳහා ජනතාව යොමුවන්නේ ඇයිරෑ
මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍ය ගැන ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට සාකච්ඡා කර තිබෙනවාග මිනිසාගේ ආරම්භයේ සිට මේවා ශරීරයට උත්තේජනය ලබාදෙන ආහාර පාන ලෙස භාවිත කර තිබෙනවාග මින් ශරීරය පිනවීමත් සිදුවන නිසා මෙම මත්වන ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ඊට ඇබ්බැහි වීමත් සිදුවෙනවාග
මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍ය කියන්නේ පුද්ගලයකු ඉතා පහසුවෙන් ඇබ්බැහි විය හැකි ද්‍රව්‍යයන් විදිහට ආයුර්වේදයේ හඳුන්වනවාග මේවායේ ඇති ශරීරයට අහිතකර ද්‍රව්‍ය මගින් පිළිකා ස්නායු දුර්වලතා හෘදයාබාධ සීරෝසීස් වැනි අක්මා රෝග ලිංගික දුබලතා මතකය දුර්වලවීම පෙනහළු ආබාධ ඇතුළු මාරාන්තික රෝග රැසක් ඇති කරනවාග
එනිසා මේවායින් ජනතාව මුදා ගැනීමට නම් ඔවුන් ඊට ඇබ්බැහිවීම වළක්වා ගත යුතුයිග ආයුර්වේදයේ මෙවැනි ඇබ්බැහිවීම් වලක්වා ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර හඳුන්වාදී තිබෙනවාග
එම ප්‍රතිකාර මගින් මෙවැනි ඇබ්බැහිවූවන් ඉන් මුදා ගත හැකි බවට මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූවන් පිළිබඳව අපසතු අත්දැකීම් අනුව පැවැසිය හැකියිග
වෛද්යතුමනිල මෙලෙස මත්වන ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවනට ලබාදෙන ආයුර්වේද ප්‍රතිකාර මොනවාදරෑ
මත්වන ද්‍රව්‍ය වන මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගේ වයසල ඔවුන්ගේ සමාජ පසුබිමල මේ සඳහා ඔවුන් යොමුවී ඇති කාලසීමාව අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවාග එනිසා පොදුවේ ලබාදෙන ප්‍රතිකාරවලට වඩා පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව ඔවුන් හඳුනාගෙන ඔවුනට ගැලපෙන ප්‍රතිකාර ලබාදීමයි ආයුර්වේදයේ සිදු කරන්නේග
ඇතැම් පුද්ගලයන් මෙම මත්ද්‍රව්‍ය නිසා මානසික ගැටලුවලට ලක්ව සිටිනවාග තවත් පිරිසක් මෙම මත්වන ද්‍රව්‍ය භාවිතය නිසා පෙනහළු පිළිකාල අක්මාගත පිළිකා බඩවැල් පිළිකා ආදී මාරාන්තික රෝගවලට ගොදුරු වී සිටිනවාග තවත් පිරිසක් ලිංගික දුර්වලතාවන්ට ස්නායු දුර්වල තාවන්ට පත්ව සිටිනවාග ඉතිං මේ සියලු රෝගීන්ගේ රෝග තත්ත්ව අනුව ඔවුනට ප්‍රතිකාර කළ යුතුයිග
ඇතැම් පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලෙස ඖෂධ සමඟ උපදේශනය ලබාදිය යුතුයිග ඔවුන් මේවාට ඇබ්බැහිවූ කාරණා එහිදී සොයා බැලිය යුතු වෙනවාග සමහරු මත්වන ද්‍රව්‍ය භාවිත කරන්නේ තමා ජීවත්වන සමාජ මට්ටම අනුවයිග එවැනි සමාජයක ජීවත්වන අය ඉතා පහසුවෙන් මේවාට ඇබ්බැහිවනවාග එවැනි අවස්ථාවලදී ඔවුන් එම සමාජ මට්ටමින් ඈත් නොකර ප්‍රතිකාර ලබාදීමෙන් ඵලක් නැහැග
තවත් පිරිසක් මෙම මත්වන ද්‍රව්‍ය පිළිබඳ ඔවුන් තුළ පවතින වැරදි ආකල්පමත ඊට යොමුවි තිබෙනවාග ඉන් පසු ඔවුන් ක්‍රමානුකූලව ඒවාට ඇබ්බැහි වී තිබෙනවාග මෙම ඇබ්බැහිවීම නිසා ඔවුන් ශාරීරිකව රෝගීන් බවට පත්වීම පමණක් නෙවෙයිල ආර්ථික වශයෙන් පිරිහීමට පත්ව සිටිනවාග පවුල් ජීවිතයේ ගැටලු මතුකර ගෙන තිබෙනවාග සමාජය තුළ කොන්වීමට ලක්ව සිටිනවාග එවැනි අවස්ථාවලදී මෙම පුද්ගලයන්ට ඖෂධ ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැග ඔවුන් මේවාට යොමුවූ කරුණු හඳුනාගෙන ඉන් මිදීමට අවශ්‍ය උපදේශනය ලබාදිය යුතුයිග
ඇතැම් දෙනා සිතනවා දුම්පානය නිසා කායික තෘප්තියක් ලැබෙන බවග නමුත් ඉන් ලැබෙන කායික තෘප්තියක් නැහැග සිදුවන්නේ කායිකව දුර්වල වීම පමණයිග කායිකව දුර්වල වූ පසු ඔවුන් විදින දුක් වේදනා විඳ දරා ගැනීමට සිදුවන්නේ එම පුද්ගලයන්ට පමණක් නොවෙයි මුළු සමාජයටම සිදුවෙනවාග
මෙම තැනැත්තා විවාහකනම් දුදරුවන් සිටිනවානම් පවුලේ අයට මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය නිසා පීඩාවට පත්වීමට සිදුවෙනවාග එම පීඩාව මුදල් වලින් ශ්‍රමයෙන් කාලය වැය කිරීමෙන් විඳ දරා ගැනීමට ඔවුනට සිදුවෙනවාග
මෙම තැනැත්තා ප්‍රතිකාර ලබාගන්නේ රජයේ රෝහලකින් නම් රජයටත් අනවශ්‍ය මුදලක් වැය කිරීමට සිදුවෙනවාග එනිසා මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් තමාට තම පවුලේ අයට පමණක් නොව මුළු මහත් සමාජයටම රටටම සහ මුළු ලෝකයටම බරක් බව අප වටහාගත යුතුයිග
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකියග
ආයුර්වේද වෛද්‍ය
සුජීව විතාන
බටලන්ද සෙත්සුව
ආයුර්වේද රෝහල
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks