ලොවක් වසග කළ බොලිවුඩයේ සිහින තරුව ශාරුක් ඛාන් අද( 02) සිය 56 වන උපන්දිනය සමරනු ලබනවා. 1965 වසරේ නොවැම්බර් දෙවැනිදා ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ දී උපත ලැබූ මේ ලෝක පූජිත රංගධරයා කුඩා කාලයේ දී මධ්‍යමපාන්තික පවුල් පසුබිමක් තුළ හැදී වැඩිණි.
ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටත් එක සේ දක්ෂතාවය දැක්වූ ඔහු දිල්ලියේ St. Columba’s පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු පාසල් ගමන නිමා කරන්නේ වසරේ දීප්තිමත්ම ශිෂ්‍යාට හිමි ගෞරව අසිපතද දිනා ගනිමිනි. පසුව 1985 දී හන්ස්රාජ් විද්‍යාලයට ඇතුළත් වී ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් හැදෑරූ ඔහු ජනසන්නිවේදනය පිළිබඳව උපාධියක් හැදෑරීමටත් කටයුතු කරනවා.
අද මුලු ලොවක් හඳුනන King Khan ගේ රංග හැඩතලයන් සොයා යෑමට ඔහු තීරණය කරන්නේ ඉන් පසුවයි. ටෙලි නාට්‍ය සුළු චරිතවලට සිය රංගන දායකත්වය ලබා දෙමින් ඇරඹුණු මේ මහා රංග පෞරුෂය “ෆාවුජි” නම් ටෙලි නාට්‍ය තුළින් ඔහුගේ පළමු පියවර තැබූහ. එකළ ඔහුගේ පෙනුම කිසිවිටෙකත් සිනමාවට නොගැලපෙන බවට බොහෝ දෙනා තක්සේරු කර තිබූ නිසා වගේම තමා තමා තුළම ඇති කර ගෙන තිබූ අවතක්සේරුව නිසා තවත් එවැනි ටෙලි නාට්‍ය සුළු චරිත කිහිපයකට පමණක් ඔහු සිය රංගන දායකත්වය ලබා දීමට තීරණය කළා.
මේ අතර කාලයේදී ඔහු සිය ජීවිතයේ දරුණු අභියෝගයකට ලක් වෙනවා. ඒ ඔහුගේ පියා පිළිකාවක් හේතුවෙන් ජීවිතයෙන් සමු ගෙනයාමත් සමගින්. ඊට ටික කලකට පසුව සිය මවද දියවැඩියා රෝගී තත්වය හේතුවෙන් මියයාමත් සමගින් සිය සොහොයුරිය පිළිබඳව වූ වගකීමද ඔහු සතු වුණා.
දෙමාපියන් අහිමි වේදනාව හිතේ දරාගෙන මුම්බායි නගරයට යෑමට තීරණය කළ ඔහු නැවතත් සිනමාව පිළිබඳව සිහින දකින්නට පටන් ගත්තා. මුම්බායි නගරයේ සිනමාශාලාවක සුළු සේවකයෙකු ලෙස සේවය කරමින් උද්‍යාන බංකුවක් මත රාත්‍රිය පහන් කර නොකා නොබී මුදල් එකතු කර සිනමා පාසලකට ඇතුළත් වූ මෙම දිල්ලි තරුණයා කෙටි කාලයක් තුළදී රංගනය ඉතාමත් දක්ෂ ලෙස ප්‍රගුණ කිරීමට සමත් වුණා.
ශාරුක් ඛාන් නාමය මුල්වරට රිදී තිරය තුළ රන් අකුරින් ලියවුණේ 1992දී තිරගත වුණු Deewana චිත්‍රපටයත් සමගිනි. සිය පළමු රංගනයෙන්ම Filmfare සම්මාන උළෙලේදී හොදම නවක නළුවාට හිමි සම්මානය දිනා ගත් ඔහු එලෙස සිය සිනමා දිවියට සාර්ථකව අත්පොත් තබන්නට සමත් වුණි.
දවසක් ක්ෂේත්‍රෙය් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් ඔහුට මෙසේ පවසා තිබුණා..”ඔයාට කවදාවත් ප්රෙමවන්තයගේ චරිතය කරන්න බැහැ.මොකද ඒකට ඔයාගේ මුහුණේ කිසිම විෂේශත්වයක් නැහැ.ඒ නිසා ඔයා දුෂ්ටයාගේ චරිත රගපාන්න..” කියලා. ඔහු කියූ මේ කතාව තම ජීවිතයේ ආශිර්වාදය කර ගත් ශාරුක් ප්‍රවීණයන් විසින් ප්‍රතික්ෂේප කළ සෑම චරිතයක්ම භාර ගත්තාත ඒ තුළින් ඔහු ඔහුටත් නොදැනිම ශාරුක් ඛාන් කියන නම බොලිවුඩය තුළ ව්‍යාප්ත කරන්න සමත්කම් දැක්වුවා.
එතැනින් පසුව රග පෑ Baazigar සහ Darr දිතුපට දෙක හරහා ඔහු ඔහුගේ හැකියාවේ උපරිමය දක්වා ගමන් කළා. මෙතනින් පසුව ඔහුගේ ජීවිතය වෙනස් කළේ ප්‍රවීණ චිත්‍රපට අධයක්ෂක යාෂ් චොප්රා. Dil To Pagal Hai කියන්නේ ශාරුක්ගේ සිනමා ජීවිතයේ වාසනාවන්තම සිනමා පටය.
යාෂ්ගේ පුත්‍රයා ආදිත්‍ය චොප්රා අධ්‍යක්ෂණය කරන Dilwale Dulhaia Le Jayenge චිත්‍රපටය තුළින් ප්‍රේමාන්විත නැතැයි කියූ ශාරුක් බොලිවුඩයේ හොඳම ප්‍රේමවන්තයා වෙන්නේ තමා අවතක්සේරුවට පත් කළ සියල්ලන්ටම තමා දක්ෂයකු යැයි ඔප්පු කර පෙන්වමිනි.
කරන් ජොහාර්ගේ Kuch Kuch Hota Hai තුළින් මුලුමහත් ලෝකයම වසගයට ගත් ශාරුක් බොහෝ තරුණියන්ගේ හිත්වල ආදරණිය ප්‍රේමවන්තයා වුණේ සිය රංගනයෙන් මුලු ලෝකයම වශ්‍රී කර ගනිමින්ය. එතැනින් පසු එළඹුණු ශාරුක් ඛාන්ගේ වීර චරිකාව King Khan නැමැති අනුවර්ත නාමයෙන් ලොව පුරා බැබලෙන්නට විය.
හොඳම නළුවාට හිමි Filmfare සම්මාන 8ක් ඇතුළු සම්මාන 288ක්, ගෞරව ආචාර්ය උපාධි දෙකක්, පද්ම ශ්‍රී සම්මානය, Red Chillies නිෂ්පාදන ආයතනය, Kolkata Knight Rider ක්‍රිකට් කණ්ඩායම ඇතුළු බොහෝ දෑ හිමි ශාරුක් ඛාන්ගේ වත්මන් වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 750කටත් අධිකයි.
මොන තරම් කාර්යබහල පුද්ගයකු වුණත් කාල කලමනාකරණය තුළින් සිය පවුලට විවාහ ජීවිතයට වගේම සිය ව්‍යාපාර කටයුතුවලටත් වගකීම් ඉටුකරන ශාරුක් බොහොම නිහතමානී පුද්ගලයෙක්ද වෙනවා.
ඔහු තවමත් නිදියන්නේ දවසට පැය 5යි ඔහු තවමත් සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. අදත් මුම්බායිහි පිහිටි ශාරුක්ගේ Mannat Annexe මන්දිරය ඉදිරිපිට දහස් ගණන් රසිකයෝඔහු සියැසින් දැක බලා ගන්නට ඔහුට සුබපත්නට පැමිණ සිටිණවා. ඔවුන්ට හැකිපමණින් ආදාර කරන්නත් ශාරුක් අමතක කරන්නේ නැහැ.
ශාරුක් කියන්නේ බොලිවුඩයේ රජු, සිනමාවේ වීරයා, මේ වනවිට ලෝකයේ ඉන්න ධනවත්ම රංග ශිල්පීන් අතර දෙවැන්නාය. හිතුවොත් ශාරුක් වගේ කෙනෙක් වෙන්න අපිටත් බැරි කමක් නැහැ සාර්ථක පුද්ගලයෙක් වෙන්න