Health
බඩ දැවිල්ල බඩ පුරවා දැමීම හොඳ කරන්න පුළුවන්දරෑ
වෛද්‍ය නිලධාරි
ආයුර්වේද රෝහල - මීගොඩ
අභයතිලක දේවගිරි
අම්ල පිත්ත රෝගය
බඩ පපුව දනවා කියන්නේල බොහෝ විට ඔබව අසීරු අවස්ථාවකට පත් වූ විටෙක හෝ ඔබ තැති ගැන්මකට එහෙමත් නැත්තම් බිය වීමකට ලක් වූ විට දැනෙන අවස්ථාවක්ග
එවන් අවස්ථාවක් ඔබ ඉදිරියේ නම්ල ‘අම්මේ මගෙ බඩ පපුව දාලා ගියා” යනුවෙන් කියයිග එහි අදහස එසේ සීමාවක් තුළ හැඟුණත් ඇත්ත වශයෙන්ම බඩ පපුව දනවා යනුවෙන් කිව්වොත් මුලිකව රෝග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියිග
විශේෂයෙන් මෙහිදී කට වහරේ එසේ සඳහන් වුවත් රෝග ලක්ෂණයක් ලෙස අපට දැනෙන්නේ බඩේ දැවිල්ලයිග වේදනාකාරී හා දැඩි අපහසුතාවයට පත් මෙම රෝගය සම්පුර්ණ වීමට තවත් කාරණා කිහිපයක් එකතු විය යුතුයිග
අප ඒ ගැන කළ විමසුමකදී මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරි පැවසුවේ මෙය බොහෝ විට අම්ල පිත්ත රෝගයේ ලක්ෂණයක් බවයිග
දැවිල්ල හා වමනය
බඩේ දැවිල්ල ඇතිවීමල ඒ ඔස්සේ වමනයට ඒම හා බඩ පුරවා දැමීම මෙහිදී සිදුවේග මේ සමඟම නිතර උගුරට එන ගතිය ද ඇති වේග ඒ සමඟම හිසරදය හා ශරීරයට පණ නැති ගතියක් ද ඇතිවීමට හැකියිග සිරුර අප්‍රාණික වීම මින් ඇතිවේග
බොහෝ විට මේ තත්ත්ව ඇති අයෙකුල පපුව ප්‍රදේශයේ දැවිල්ල හා වේදනාව ඇතිවීම හෘද රෝගයක් යැයි නිගමනය කොට ඊට ප්‍රතිකාර කිරීමට පෙළඹේග නමුත් අම්ල පිත්ත රෝගය යැයි මෙම රෝග ලක්ෂණ හමුවේ රෝගය නිශ්චය කර ගැනීම සඳහා ඉක්මනින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම වැදගත් වේග
කුඩා දරුවන්ට
බොහෝ කුඩා දරුවන් රාත්‍රී ආහාරයෙන් පසුව පැය ගණනක් නිරාහාරව සිට පසුදා උදෑසන ආහාරය ද හරි හැටි නොගෙන පාසල් යාම සිදු කරයිග එවිට ඔවුන්ගේ උදෑසන ආහාරය මඟ හැරී යනු ඇතග
මෙම කරණාව හේතුකොට ගෙන පෝෂණය නොලැබෙනවා පමණක් නොව අම්ලපිත්ත රෝගයට ගොඳුරු වීමද සිදු වේග එබැවින් දරුවාගේ උදෑසන ආහාරය ගැන සැලකිලිමත් වීම වැදගත්ග දරුවන්ව මේ අම්ල පිත්ත රෝග උවදුරෙන් බේරා ගැනීමට වැඩිහිටි ඔබ මේ පිළිබඳව දැනුවත් වීම මඟින් නිරෝගී දරුවන් ඔබට අහිමි නොවනු ඇතග
අම්ල පිත්ත රෝගය ඇතිවීමට
ඔබ ගන්නා ආහාරවල බලපෑම මෙම රෝගයට මුලික වේග විශේෂයෙන්ම විරුද්ධ ආහාර ගැනීම එනම් එකිනෙකට පටහැනි වූ ආහාරයිග උදාහරණ ලෙස කිරි සමඟ මාළුල මස් සමඟ මාළුල මුදවපු කිරි සමඟ කිරිබත් ඒ වගේම නරක් වූ ආහාර ගැනීම ද මීට බලපාන තවත් හේතුවකිග
ආම්ලික තත්ත්වයේ ආහාර ගැනීම ද බලපායිග එනම් නිතර අම්ල රස අධික ආහාරවලට යොමුවීමයිග ඒ අන්නාසිල තත්කාලිල දෙහිල අච්චාරුල චට්නිල විනාකිරි ආදියයිග ආයුර්වේදයේ සඳහන් විදාහී ආහාර හෙවත් උෂ්ණ සහිත ආහාර ගැනීම නිසා මෙම රෝගයට ගොදුරු වීමට පුළුවනග උදාහරණ ලෙස ඉස්සෝල දැල්ලෝල බල මාළුල දෙල්ල සැමන් ආදිය දැක්වීමට හැකියිග එසේම මත්පැන් පානය ද මීට හේතු වන තවත් කරුණකිග
කෘත්‍රිම රසකාරක යෙදු කෘත්‍රිම ආහාර හා බේකරි කෑම :පාන්ල පැටිස්ල රෝල්ස්ල පේස්ට්‍රි වර්ග- ගැනීම නිසාත් ඇතිවේග මෙහි ක්ෂණික නුඩ්ල්ස්ල පැණි බීමල රසකාරක යෙදු බිස්කට් වර්ග හා ටිපිටිප් වර්ගල ඇතුළු සියලුම කෘත්‍රිම ආහාර පානවලට යොමු වීම විශේෂයිග ඔබ වෙනත් රෝගවලට ගන්නා සමහර ඖෂධ වර්ග හේතුවෙන් ද ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමට මඟ පැදෙනු ඇතග
ඒ වගේම ඔබගේ වැරදි ආහාර පුරුදු එනම් නිසි වෙලාවට ආහාර නොගැනීමල හෝ අවේලාවේ ආහාර ගැනීමල කෑ පිට කෑම වැනි හේතු මීට බලපෑ හැකියිග දුම්බීමල නිදි මැරීම බලපාන තවත් හේතු කරාණායිග ඔබගේ මනස තුළ පවතින කලබලකාරීබව හෝ ආකූල ව්‍යාකූල බව ඇතුළුව පැන නගින මානසික ආතතිය ඔබව මෙම රෝගයට ඇද දැමිය හැකි තවත් අවස්ථාවක් වන්නේයග
අම්ල පිත්ත රෝගයේ ලක්ෂණ
ෆ ආහාරය නොදිරවීම
ෆ නිදිමත ගතිය
ෆ ශක්තිය අඩුවීම
ෆ විඩාව දැනීම
ෆ ආම්ලික රසය උගුරට එම
ෆ බඩ පුරවා දැමීම
ෆ ඔක්කාර ගතිය ඇතිවීම
ෆ පපුව උගුර යන ප්‍රදේශවල ඇතිවන දැවිල්ල
ෆ ආහාර අරුචිය
ෆ ශරීරයේ බර බව
අම්ල පිත්ත රෝගය සඳහා සුදුසු ආහාර
පුහුල්ල තම්පලාල කරවිලල කොහිල අල සහ දළුල කෙකටියල බාර්ලිල මුං ඇටල දෙළුම්ල තැඹිලිල රට ඉඳිල මුං ඇට තැම්බු වතුර
සැලකිලිමත් වන්න
අධිකව වෙහෙසීමග දුම්පානය කිරීමල නිදි වැරීමල මානසික අවිවේකී බව නුසුදුසුයග
මේ සියලු කාරණාවලින් පාලනය වී ආයුර්වේද දින චර්යා අනුගමනය කිරීම කළ හැකියිග එමඟින් මෙවැනි රෝගවලින් මිදී සිටිය හැකියිග මින් ඔබට නිරෝගී හෙට දිනක් උදාවනු ඇතග
රෝගයෙන් වැළකීමට
අම්ල පිත්ත රෝගයට බලපාන සියලුම හේතු කාරණා වලින් ඉවත්වීම ප්‍රධානවම ගත හැකි සාධකයයිග උදෑසනලදවල් හා රාතී‍්‍ර ආහාරවේල් අවශ්‍ය ප්රමාණයෙන්් නිසි ක්‍රමවේදයකට අනුගතව ගැනීම කළ යුතුයිග වැරදි ආහාර රටාවන් අනුගමනය නොකළ යුතුයිග අප වටා ඇති විවිධ වර්ගයේ කෑමවලට ඔබ කෙතරම් පි‍්‍රය බවක් දැක්වුවත් ප්‍රමාණය නොඉක්ම විය යුතුයිග අම්ල පිත්ත රෝගය සඳහා විශේෂයෙන්ම බලපාන්නේ ආහාර පිළිවෙත් අනුගමනය කළයුතු අතර මානසික ආතතියෙන් මිදීමේ යෝගී භාවනා පුහුණුක්‍රම ද සුදුසු වෛද්‍ය උපදෙස් පිළිපැදීම ද වැදගත්ග
ප්‍රතිකාර
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී අම්ල පිත්ත රෝගයට ශෝධන ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කොට ගැනීම කළ හැකියිග එහිදී මුලින් ම වමනයල කළ යුතුයිග ඒ අනුව ඖෂධ අනුසාරයෙන් වමන කර්මය කළ හැකියිග ඉන් අනතුරුව විරේකය ද සිදුකළ හැකියිග එමඟින් සුව නොවුයේ නම් රක්ත මෝක්ෂණය ද සිදුකළ හැකියග පසුව නියත දින චර්යා අනුගමනය කිරීම තුළින් නිරෝගී දිවි පැවැත්මක් ගත කිරීම කළ හැකියිග
අම්ල පිත්ත රෝගයට ඖෂධ කිහිපයක්
ෆ වැල් මී කුඩු තේ හැඳි 1 එළකිරි සමඟ මිශ්‍ර කර බීම
ෆ කෙසෙල් බඩ ඉස්ම මේස හැඳි 02 මී පැණි මේස හැඳි 01 මිශ්‍ර කර බීම
ෆ ගොටුකොළල පොල්ල රතුළූණු එකට ගෙන කොටා එහි යුෂ හිස්බඩ බොන් :උදේ සවස-
ෆ කෝමාරිකා මද කෑම
ෆ කැහිපිත්තන් කොළවලින් සැදු ජෙලි උදේට කෑම
ෆ දියබත් කෑම
ෆ කී කිරිදිය යුෂ කිරි සමඟ හිස්බඩ උදයට බොන්නග
ෆ දුම්මැල්ලල වියළි ඉඟුරුල කොත්තමල්ලි කෂාය කර බොන්න
ෆ රසකිඳල කොහොඹල දුම්මැල්ලල අරළු යුෂල නෙල්ලි කෂාය කර බොන්නග
ෆ ආඩතෝඩල රසකිඳල කටුවැල් බටු කෂාය කර බොන්නග
ෆ විෂ්ණු ක්‍රාන්තිය කෂාය කර බොන්නග
ස්වර්ණා ආරියූවංශ
curtesy :dinamina.lk