අද මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කර්මය හා කර්ම ඵලය පිළිබඳවයි. බුද්ධ දේශනාවට අනුව ලෝකය දෙයාකාර වෙයි. එක සූර්යයන් ප්රමුඛ කොටගත් ග්‍රහලෝකවලින් සැදි සහ ශ්‍රී ලෝක ධාතුවයි. අනෙක පඤ්චස්කන්ධයෙන් සැදුම් ලත් නාමරූප ප්රභාවිත සත්ව ලෝකයයි. මේ දෙලෝකයම පාලනය වන විශ්වනියාමන නම් පංච නියාමන ධර්මයි. එනම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාමයයි. මෙයින් කර්මය හා කර්ම ඵලය, මාගේ ප්‍රතිකාර සඳහා මූලික වේ. ෙච්තනාව කර්මය වේ. කර්මය යනු ක්‍රියාවයි. ක්‍රියාවද කුසල් හා අකුසල් යනුවෙන් කොටස් දෙකකට බෙදේ. එනම් කුසල කර්ම හා අකුසල කර්ම වේ.
සිතේ පහළ වන සිතුවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින්, වචනයෙන් හා මනසිනි. හොඳ හෝ නරක කවර ක්‍රියාකාරකමකට හෝ මුල් වන්නේ සිතුවිල්ලයි. යහපත් කර්මවලට යහපත් විපාකත්, අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත ධම්මපද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.
යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
කල්‍යාණ කාරි කල්‍යාණං
පාපකාරී ච පාපකං
වපුරන්නේ යම් බීජයක්ද අස්වනු ලබන්නේද එම වර්ගයේ බීජයන්මයි යන්න මෙහි අර්ථයයි. මා හමුවට පැමිණෙන බොහෝ පිරිස අතීත ආත්මවල කරන ලද කර්මවල ඵල විපාක භුක්ති විඳින අයයි. මෙලෙස රැස් වූ කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම එA සඳහා ඉතා ප්රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. එය බුද්ධ දේශනාවේ උදාහරණයකින් පෙන්වා දී ඇත්තේ මෙසේයි. "විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතු කළ විට, ජලය ලුණු රස නොවේ. එA ලවණ සාන්ද්‍රණය අඩු නිසාය. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍රකළ විට ජලයෙහි ලූණු රස දැනේ. එමෙන්ම කරන ලද පව්කම්වල ඵල විපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළහැකි බව ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කර දී තිබේ. මා සිදු කරන ප්‍රතිකාර ක්‍රම වේදයද මෙයයි. දරුඵල අපේක්ෂාවෙන් මා හමුවට පැමිණෙන රෝගීන්ගේ පෙර භවයන්හී අකුසලයක් කර ඇත්නම් එය හඳුනාගෙන එය සමනය කරගත හැකි ප්‍රබල බොදු පිළිවෙත් මා නියම කරමි. මාගේ ප්‍රතිකාර තුළින් ප්‍රතිඵල භුක්ති විඳිනා බොහෝ දෙනා නිසා මා අපමණ සතුටක් විඳිමි. භාවනාවේ යම්කිසි තලයකට ආ යෝගී වරයෙකුට දෝෂාරෝපණය කිරීම, නින්දා කිරීම, පරිභව කිරීම, උතුම් බුද්ධ ධර්මයට අනුව සාංසාරික අකුසල කර්මයක් බව ඔවුන් නොදැන සිටියා විය හැකිය. එA සෑම සියලු දෙනාටම මා අනුකම්පා කරමි. අප දේශයේ පමණක් නොව දේශ දේශාන්තරවලින් පැමිණි දරුඵල නොමැති යුවළවල් හට අප තථාගත අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පිළිවෙත් පිළිපැදීමෙන්ද මාගේ ආධ්‍යාත්මික ශක්තියෙන්ද, දහසක් දෙනා හට දරුඵල ලැබී තිබේ. එය සතුටට කරුණකි. ශ්‍රද්ධාව මුල් කොටගත් මනා කැපවීම උතුම් ශීලය සාර්ථකත්වයේ අඩිතාලමයි.
දරුවන් නොමැති යුවළක් මාගෙන් පිහිට පතාගෙන ආ පසු මා මුලින්ම කරන්නේ දරුඵල නොමැති වීමට බලපෑ ඔවුන්ගේ ශාරීරික දුර්වලතා කුමක්දැයි නිරීක්ෂණය කිරීමයි. ශාරීරික දුර්වලතා නොමැති නම්, ඉන්පසුව දරුඵල නොමැති වීමට හේතුසාධකවූ සාංසාරික අකුසල කර්මයන් කුමක් දැයි නිරීක්ෂණය කරමි. අකුසල කර්මයන් ඇත්නම් එAවා සමනය කිරීමට බොදු පිළිවෙත් නියම කිරීමෙන් අනතුරුව ගන්ධබ්බයෙක් නිවසට නොපැමිණෙන්නට වූ හේතු කාරණා කුමක්දැයි නිරීක්ෂණය කරමි. බොහෝ නිරෝගී යුවළක් දරුඵල සඳහා කොතෙකුත් උත්සාහ කළද දරුඵල නොමැති වේ නම් ඉහත සඳහන් කළ කරුණු තුනෙන් එක් කරුණක් හෝ කීපයක් එයට බලපෑ හැකිය. බොහෝ විට තමන් ජීවත් වන නිවසේ දෝෂයන්ද දරු පිළිසිඳ නොගැනීමකට හේතු සාධක විය හැක. එනම් තම නිවයේ ජීවත් වූ මව් පියන්, මුතුන් මිත්තන්, නිවස, භූමිය හිමිකරුවන් මිය ගියද නිවසේ භූමියේ ප්‍රේතයන්, භූතයන් ලෙස උත්පත්තිය ලබා නිවසේ, භූමියේ ලැගුම්ගෙන සිටීමයි. මෙය භයානක තත්ත්වයකි. ගන්ධබ්බයකු යනු ඉතා සියුම් චරිතයකි. පෙර මියගිය අය ප්‍රේතයන්, භූතයන් වී ඉපිද නිවසේ, භූමියේ වෙසෙනා විට ගන්ධබ්බයකුට කාන්තා ශරීරයකට ඇතුළුවීමට ඔවුන් විසින් බාධා පමුණුවයි. නිවසෙන්, භූමියෙන් මොවුන් ඉවත් කළ පසු සාර්ථක ප්ර්රතිඵල ලබාගැනීමට හැක. කට්ටඩියෙකු විසින් මොවුන් අල්ලා හිරකර බැඳ බෝතල්වල දමා මුහුදේ පා කිරීම, පොළවෙහි යට කිරීම ආදී කටයුතු කිරීම ඉතා පාපකාරී ක්‍රියාවන් වේ. මවක් වෙන්නට සිටිනා කාන්තාවක් නම් මෙය මහා අකුසල ක්‍රියාවක් බව ඔබ මනාකොට අවබෝධ කරගත යුතුයි. එම ප්‍රේතයන්, භූතයන් හට ධර්මය අවබෝධ කොට දී බලවත් වූ බෝධි ස්ථානයකට භාරකොට ඔවුන්ගේ ආත්මයන් සුගතිගාමී කිරීම මහා කුසල කර්මයකි. දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තුව ඉන්නා කාන්තාවකට මෙය මහා පින්කමකි. එම පින්කමද වාසනාවන්ත දරු උපතක් කරා යන්නට මහඟු පිටිවහලකි. ඔබ මනාකොට තේරුම් ගත යුත්තේ ධර්මයයි. එම ධර්මයද ඔබට ආශිර්වාදයක් විය හැක. මා හමුවීමට ආ ඇතැම් පිරිසකගේ දරු පිළිසිඳ ගැනීමට බාධාව වී තිබුණේ නිවසේ භූමියේ සිටි ආත්මයන්ගේ හිරිහැරයයි. ඇතැම් ආත්ම ඔවුන් මියගොස් සිටියද මියගිය බව නොදනී. ඔවුන් විසින් කළලයන් විනාශ කර දමයි. පිළිසිඳ ගත් මවට බලපෑම් කර ශාරීරිකව හිරිහැර කොට කළලය විනාශ කරන්නට නොයෙක් වධහිංසන පමුණුවයි. අධි මානසික හැකියාවක් ඇති යෝගීවරයෙකුට මෙය නිරීක්ෂණය කිරීමෙන් ඇතිවී ඇති ගැටලුව නිවැරැදිව මනාකොට තේරුම්ගත හැකියි. අමනුෂ්‍ය බලපෑම නිසා කළලයට වූ හානිය පිළිබඳ කථාව ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.