Health
පෙට්‍රල් වාහනවලට වඩා ඩීස්ල් වාහනවලින් පිටවන වායුව විෂ සහිතයි
රතු එළියක්
ෆ මඟ දෙපස රැකියාවල නියුතු අයට
ෆ නිරන්තරයෙන් වාහනවල ගමන් කරන අයට
ස්වසනස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
චන්දන කුලතුංග
පෙනහලු රෝග දෙයාකාරයකින් මිනිසාට වැළඳිය හැකග ඒ ගෘහස්ථ වායු දූෂණය සහ පරිසර දූෂණය හේතුවෙනිග පරිසරය දූෂණයට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හුවා දැක්විය හැක්කේ වාහන ධාවනය නිසා පරිසරයට එක්වන විෂ වායුවයිග මේ විෂ වාතය ආග්‍රහණය කිරීම නිසාද නිදන්ගත පෙනහලු රෝග වැළඳිය හැකියිග නිරන්තරයෙන් වාහන දුමට නිරාවරණය වන උදවියට බොහෝදුරට මේ රෝගී තත්ත්වය ඇතිවීමට බෙහෙවින් ඉඩකඩ ඇතග
වාහන දුම නිසා පරිසරයට මුදාලන වායු අතර ප්‍රධාන වායු කිහිපයක්ම ඇතග ඒවා වන්නේ නයිට්‍රිජන් ඩයොක්සයිඩ්ල සල්ෆර් ඩයොක්සයිඩ්ල කාබන්මොනොක්සයිඩ් යන වායූන්යග එසේම වායූන් නොවන වාතයේ චලනය වන සංඝටක ද තිබේ :පාටිකියූලර් මැටර්- මේ අංශු නිරන්තරයෙන් ආග්‍රහණය කිරීමෙන් පෙනහලු පිළිකා පෙනහලු ආසාදන පවා ඇතිවිය හැකියිග විශේෂයෙන් පැට්ට්‍රල් වාහනවලට වඩා ඩීසල් වාහනවලින් නික්මෙන වායුව විෂ තත්ත්වයක පවතීග මඟ දෙපස රැකියාවල නියුතු අය නිරන්තරයෙන් වාහනවල ගමන් කරන අයටද මේ රෝගය පිළිබඳව රතු එළියක් දිස් වේග බලශක්තිය නිපදවන බලාගාරවල රැකියාවේ නියුක්තිකයන්ට ද මේ රෝගී තත්ත්වය උදාවිය හැකියිග එසේම බලශක්තිය නිපදවීමේදී පරිසරයට මුදාලන දුම ආග්‍රහණය කිරීම එතරම් සුදුසු කාරණයක් වන්නේ නැතග
නිදන්ගත පෙනහලු රෝගයේ රෝග ලක්ෂණ
ප්‍රධානතම ලක්ෂණය කැස්සයිග මේ කැස්ස සමඟ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති නොවන අතර කැස්ස සමඟ සුදු පාටට සෙම පිට වේග හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇති වේග ඇදුම රෝගීන් හුස්ම ගැනීමේදී ඇතිවන රුං රුං ශබ්දයට සමාන ලෙස ශබ්දයක් මතු වේග
Cronic Obstractive Pulmonary Disease නැමැති රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් පෙනහැල්ලට බලපාන අතර මෙම රෝගයේ ඇති විශේෂත්වය වනුයේ මෙම රෝගී තත්ත්වය අනිකුත් ඉන්ද්‍රියයන්ට ද බලපෑම් ඇති කිරීමට සමත් වීමයිග මේ රෝගය නිසා මාංශපේෂි දුර්වලතා ඇතිවිය හැකි අතර අස්ථිවල ඝනකම අඩු විය හැකග කෑම අරුචිය සිරුර කෘෂ වීම ආදිය ඇතිවන අතර ස්වාසනාලයේ සෙම සිරවීම නිසා ඇදුම තත්ත්වයක ලක්ෂණ මතු වේග
නමුත් මෙම රෝගී තත්ත්වය ඇදුම තත්ත්වයද එසේත් නැතිනම් Cronic Obstractive Pulmonary Disease දැයි සැකහැර දැන ගැනීමට වෛද්‍යවරයකුට හැකියාවක් ඇතග
මෙවැනි තත්ත්වයකදි රෝග කාරක හේතූන් Risk factors පරීක්ෂාවට ලක් කොට රෝගය සොයාගත හැකි අතර මේ සඳහා රෝහල්වල නොමිලේ පරීක්ෂණයක් සිදු කෙරේග එය හඳුන්වන්නේ Spiromatary පරීක්ෂණය නමිනිග COPD දැයි තහවුරු කිරීමට සිදු කෙරෙන මෙම පරික්ෂණය සිදු කෙරෙනුයේ මේ ආකාරයටයිග රෝගියා විසින් දීර්ඝ හුස්මක් ගෙන කුඩා බටයකට පිඹිය යුතුයග එවිට පෙනහැල්්ලේ පරිවාතය පිළිබඳ නිසි දත්තයන් ලබාගත හැකි අතර රෝගියාට වැළඳී ඇත්තේ ඇඳුම දල COPD ද යන්න වෛද්‍යවරයාට වැටහේග
ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකි වුවද ඇදුම මෙන් COPD රෝගය නිට්ටාවට සුව කළ නොහැකියිග ක්‍රමයෙන් රෝගී තත්ත්වය වර්ධනය වී සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවිය හැකියිග හුස්ම ගැනීම සඳහා මෙම රෝගීන්ට ඇතැම්විට ඔක්සිජන් පවා දීමට සිදු වේග මෙවැනි රෝගීන්ට ඇතිවන තවත් බැරූරුම් තත්ත්වයක් වනුයේ විසබීජ ශරීරගත වීමයිග එවිට ආසාදිත තත්ත්වයක් උදාවන නිසා නිතරම ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයග
සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වුවද COPD නැමැති රෝගී තත්ත්වයෙන් යුත් රෝගීන් ප්‍රමාණය ලෝකය පුරාම ඉහළ මට්ටමක පවතීග සමීක්ෂණ අනුව සොයා බැලීමේදී මෙම රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ ද වර්ධනයක් ඇති අතර මරණ අනුපාතය අනුව COPD රෝගීන් සිටින්නේ 6 වැනි ස්ථානයේයග ලංකාවේද COPD රෝගීන් රෝහලට ඇතුළත් කිරීමේ ප්‍රවණතාවය ද වර්ධනය වෙමින් පවතින බව රෝහල් වාර්තාවලින් සනාථ වී ඇතග
නිදන්ගත පෙනහලු රෝගයේ රෝග ලක්ෂණ
ප්‍රධානතම ලක්ෂණය කැස්සයිග මේ කැස්ස සමඟ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති නොවන අතර කැස්ස සමඟ සුදු පාටට සෙම පිට වේග හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇති වේග ඇදුම රෝගීන් හුස්ම ගැනීමේදී ඇතිවන රුං රුං ශබ්දයට සමාන ලෙස ශබ්දයක් මතු වේ
curtesy : dinamina.lk