Beauty
පූජ්‍ය-ගැබිනි- ආබාධිත: අපිටත් එකක් වෙන්කරනවා ...හලෝ...
බදුල්ල-කොළඹ බසයට ගොඩවූ මගියකු සිය ගමන් මල්ලද බස්රථයේ රාක්කයේ තබා ආසනයක් ලැබෙන තුරු බලංගොඩ දක්වාම හිටගෙන පැමිණියේ කෙසේ හෝ පසුදින සිය පුද්ගලික ආරක්ෂක සේවා රාජකාරියේ යෙදිය යුතුම නිසාවෙනි.
බසය බලංගොඩදී තේ බීමට නතර කොට කොන්දොස්තර මහතා විසින් මගීන්ට නියෝගයක් කළේ විනාඩි විස්සකින් නැවත බසය ධාවනය වන බවටය. එම කාලය ප්‍රයෝජනයට ගෙන එම සිකියුරුටි මගියා අසල තිබූ කුලී රථයක නැගී කොහෝ දෝ ගොස් පැමිණියේ කොන්දොස්තරගේ නියෝගය පිළිපදිමිනි. බසය පනගන්වන්නට පෙර පසුපසට ගොස් තමන් ගෙනා බෝතල් භාගයක තිබූ යමක් ඔහු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ ෂොට් දෙකතුනක් කටේ හලාගත්තේය. වැඩිදුරක් නොයාම එම මගියාගේ ඉරියව්, කතාබහ, වෙනස් විය.
කොන්දොස්තර අමතා මෙසේ කීය. මල්ලී තමුසෙ මා බසයට නගිනකොට කිව්වේ මගදී සීට් දෙන්නම් කියලා. තාම නැහැ. සීට් එකක් ලැබෙන තුරු මං පාපුවරුවේ වාඩිවෙලා යන්නද? බැහැ බැහැ වැටිලා මැරුනොත් අපට වගකියන්න බැහැ.
යකෝ ........ බොරු කියලා මිනිස්සු රවට්ටලා සීට් දෙන්නම් කියලා මෙහෙම අමාරුවේ දාන්න එපා.
“පූජ්‍ය පක්ෂයට” “අබාධිතයන්ට” “ගැබිනි මව්වරුන්ට” කියලා සීට් වෙන්කරලා තියනවා නම් බස් එකේ බේබද්දන්ට කියලත් සීට් එකක් වෙන්කරනවා. මම බිව්වෙ හිටගෙන යන්න බැරිකමට. තමුසෙට මේක උගන්වන්නයි.”
කොළඹ ආසන්නයට යනතුරු මගීන් ගන්නට බසය නතර කරන හැමවිටම එම මගියා පාපුවරුව අසල සිට මෙසේ මගීන්ට කියා සිටියේය.
“සීට් නම් ඉඩ නැහැ. හිටගෙන යන්න පුළුවන්නම් බසයට ගොඩවෙන්න.”
(under the courtesy of goodhousekeeping.lk web)