Beauty
පුරුද්දක් ලෙස Hair Dryer භාවිතා කිරීම සුදුසුද?
නෑමෙන් පසු තෙත හිසකෙස් වියලීම සඳහා ඔබ අනුගමනය කරන ක්රමය ඔබේ කෙස් කළඹේ පැවැත්මට තදින් බලපෑම් ඇති කරනවා. නොදැනුවත් කමින් සිදු කරන වැරදි නිසා ඔබේ කොන්දයේ තිබෙන සුන්දරත්වය විනාශ වෙන්නට පුළුවන්.
මුලින්ම කිසිම වෙලාවක තෙත කොණ්ඩය තදින් පිසදාන්න එපා.
අනිත් එක තමයි කාන්තාවන් හිසකෙස් වල තෙත පිහදලා ඒ පිහදාපූ තුවායම ඔළුවේ බැදගෙන ඉන්නවා. ඒකත් හොඳ දෙයක් නොවෙයි. ඒකෙන් සිද්ධවෙන්නේ හිසේ තෙතමනය තව තව රැදී තිබීමයි.
නාපු හැටියේ හිස පීරන්න එහෙම නැත්නම් බ්රෂ් කරන්න යාමත් හොඳ දෙයක් කියා ඔබ හිතනවාද? හොඳින් පිසදාගත් කොණ්ඩයට ටික වෙලාවක් නිදැල්ලේ තිබෙන්නට දිය යුතුයි.
ඇතැම් අය නාපු හැටියේ තමන්ගේ කොණ්ඩය ගොතාගන්නවා ඔබ දැක ඇති. මතක තියාගන්න ඒකත් නරක පුරුද්දක් කියලා.
මේ හැම දෙකින්ම වෙන්නේ කෙස් ගසට හානියක්.
හිසකෙස් තෙත මාත්තු කරන්න තුවාය විතරක් ප්රමාණවත් නැහැ කියලා හිතන පිරිසකුත් අප අතර ඉන්නවා. ඒ අය මොකද කරන්නේ හිසකෙස් වියලා ගන්න ඩ්රයර් එක පාවිච්චි කරනවා.
හදිසි අවස්ථාවකදී ඩ්රයර් එක පාවිච්චි කරලා හිසකෙස් වේලාගත්තට වරදක් නැහැ. නමූත් ඕක පුරුද්දක් හැටියට නිතර නිතර කරන්නට යාමනම් කෙස් ගස්වල පැවැත්මට හොඳනැහැ.
ඒ කියන්නේ හිසකෙස් වලට සාත්තු සප්පායම් කරන කොට අපි හරිම කල්පනාකාරී විය යුතුයැයි කියන එකයි.
කාන්තාවකගේ රුව ගැන මනින හොඳ තැනක් තමයි හිස කෙස් කියන්නේ ඒ නිසා එය පිරිසිදුබවටත් අලංකාරයට තියාගන්න ඔබ ටිකක් මහන්සි වෙන්න ඕනේ.
(under the courtesy of goodhousekeeping.lk web)