Health
පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම
ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය
වරුණ ගුණතිලක
අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාදරෑ කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ පවා සමහරවිට අපට අමතකයග නමුත් වැදගත්ම දේ එය නොවේග අප බත් ඔතන කොළයයිග බත් ඔතන කොළය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති වැටහීම අඩුයග නමුත් අප ඒ පිළිබඳ දැනුවත් වීම නම් අත්‍යවශ්‍යයග ඒල අප බත් ඔතන කොළය නැතිනම් විවිධ ආහාර ඔතාගෙන යන පත්තර කොළය නිහඬ මාරයකු සේ ක්‍රියා කරන බැවිනිග මස් කඩයටල මාළු කඩයට ගියත් අපට මස්ල මාළු පත්තර කොළයක ඔතා ෂොපින් බෑගයට දමා දෙයිග අතීතයේ දී නම් මස් මාළු ඔතන්නට හබරල කොළ ඕනෑ තරම් තිබුණිග නමුත් දැන් එසේ නැති බැවින් ඒ සඳහා විකල්පය වී ඇත්තේ පත්තර පිටුයග
එසේ නම් පත්තර පිටුවේ මස් මාළු නැතිනම් වෙනත් ආහාර එතීමේ වැරැද්ද හෝ බැරෑරුම්කම අප දැනගැනීම වැදගත්යග
මුද්‍රණ තීන්තවල ඇති ඊයම්
පත්තර පිටුවේ ඇති මුද්‍රණ තීන්තවලල ඊයම් වැනි බැර ලෝහ අඩංගුයග ඒවා කෙලින්ම ආහාරවලට මුසුවිමේ හැකියාවක් සහිතයග විශේෂයෙන්ම කළු සුදු පත්තර පිටුවලටත් වඩා මේ අවදානම වැඩියෙන්ම ඇත්තේ වර්ණ තීන්තවලයග වර්ණ තීන්තවල ඇති බැර ලෝහ මඟින් සිරුරට විය හැකි විස වීමේ හැකියාව ඉහළයග
අප බොහෝදෙනෙකු කරන තවත් වැරැද්දක් තිබේග ඒ නිවසේදී බදින විවිධ බැදුම් තෙල් පෙරෙන්නට පත්තර පිටුවකට අතහැරීමයිග නමුත් මෙය අතිශයින් හානිකර තත්ත්වයකිග ඒල ආහාරවල ඇති තෙල් මඟින් ඉතාම පහසුවෙන් මුද්‍රණ තීන්ත උරා ගන්නා බැවිනිග ඔබ ඒ බව මින් පෙර දැන සිටියාදරෑ තවද පත්තර කොළවල බත් හෝ වෙනත් ආහාර වර්ග ඔතනවා වෙනුවට තීන්ත නොයෙදූ තනි පැහැති කොළවල එතීම මේ සඳහා ඇති එක් විකල්පයකිග තවද බ්‍රවුන් පේපර් මලු හෝ සුදු පැහැති මලුවල කෑම දැමීම ද තවත් විකල්පයකිග
මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු
ප්‍රධාන වශයෙන්ම මේවායේ ඇති මුද්‍රණ තීන්තවල පවතින බැරලෝහ පිළිකා කාරක ලෙස ක්‍රියාත්මක විමේ හැකියාවෙන් යුක්තයග
තවද ප්‍රතිචක්‍රීය කරන ලද කඩදාසි පෙට්ටිවල අඩංගු ර්ථඩබඩචතචබඥ වැනි හානිකර රසායන ද සිරුරට විස සහිත ලෙසින් ක්‍රියාකළ හැකි බව හඳුනාගෙන තිබේග ජීර්ණය හා සම්බන්ධ ගැටලුවලට මෙය හේතුවක් වන අතර එමඟින් දැඩි විෂවීම්වලට මඟ පෑදිය හැකි බවද හඳුනාගෙන ඇතග
මහලු පුද්ගලයින්ල නව යෞවනයන් දරුවන් මෙන්ම දුර්වල හෝ ආබාධ සහිත ඉන්ද්රියයන් සහිත හා දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් සහිත අය විශේෂයෙන් විවිධ පිළිකා රෝග හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලුවලට මෙමඟින් පහසුවෙන් ගොදුරු විය හැකි බවද හඳුනාගෙන ඇතග එසේම ලෝකයේ බොහෝ රටවල් දැනටමත් මේ අහිතකර පුරුද්දෙන් ඉවත් වී ඇතග සමස්ත දේහ පද්ධතියටම හානි කරනල විශේෂයෙන් පිළිකා සඳහා මඟ පාදන මේ අහිතකර පුරුද්දෙන් හැකිතාක් ඉක්මනින් ඉවත් වීම දැන් ඔබේ වගකීමයි
curtesy :dinamina.lk