Health
පිළිකා සෛල විනාශ කරන ඖෂධ රැසක් කරවිල ඇටවල
කෘමි නාශක ගැසූ කරවිල කෑමෙන් ප්‍රතිඵල ලබාගත නොහැකියි
ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර වාර්ෂිකව 15000ක පමණ පිරිසක් මෙම රෝගය නිසා මරණයට පත්වෙයිග බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන පිළිකාවට වාර්ෂිකව මෙරට කාන්තා හා පුරුෂ දෙපක්ෂයේ 25000ක් පමණ ගොදුරු වන අතර ඉන් බහුතරය පිරිමින්යග අයහපත් ආහාර පුරුදුල ව්‍යායාම වලින් තොරවීමල අධික තරබාරුකමල දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය ආදිය පිළිකා රෝගයට ගොදුරු වීම සඳහා බලපාන ප්‍රධාන හේතු බවට හඳුනාගෙන තිබේග පිළිකා රෝගයට තමන් ගොදුරු වී ඇතැයි නිශ්චිතව දැන ගන්නා ඕනෑම අයෙකු මුලින්ම මානසික ඇද වැටීමකට ලක් වන්නේ තමන් වෙත මරණය පැමිණෙමින් තිබෙන බවට බියක් නිරායාසයෙන්ම සිත තුළ ජනිත වීම නිසායග මාරාන්තික වුවත් පිළිකාව මරණයෙන්ම කෙළවර නොවන බව වෛද්‍යවරු කොපමණ දැනුවත් කළත් සමාජයේ මෙම රෝගය පිළිබඳව ඇත්තේ මරණය හා බැඳී පවතින රෝගයක් යන හැඟීමයග
පිළිකා ඇති කළ හැකි සෛල සැම පුද්ගලයෙකුගේම ශරීරයේ තිබෛන නමුත් ඒවා ක්‍රියාකාරී වීමට විවිධ හේතු බලපායිග ඉහත දැක්වූ කරුණු ඒ සඳහා බලපාන ප්‍රමුඛතම හේතුවන අතර අදාළ සෛල ක්‍රියාකාරී වීම වළක්වා ගැනීම රෝගයෙන් අත් මිදීමට ඇති හොඳම ක්රමයකිග ශරීරයේ පිළිකා සෛල ව්‍යාප්තිය අඩාල කර ඒවා විනාශ කළ හැකි ඖෂධීය ගුණ රැසක් කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශූ ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පරික්ෂණ මඟින් තහවුරු වී ඇතග මෙය පිළිකා රෝගීන්ට මෙන්ම රෝගය වැළෙඳනු ඇතැයි බියෙන් පසුවන අයට ද සුබ ආරංචියකිග මෙතෙක් කල් දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා වඩා යෝග්‍ය එළවළුවක් ලෙස දැන සිටි කරවිලි පිළිකා නාශකයක් ලෙසද හඳුනාගෙන ආහාරයට ගැනීමට මින් පසු ජනතාවට අවස්ථාව උදාවෙයිග
සාමාන්‍ය පරිසරයේ දක්නට ලැබෙන මේද අම්ලවලට වඩා අසාමාන්‍ය මෙන්ම ඉතාම ක්‍රියාකාරි මේද අම්ලයක් වන Conjugated trienoic fatty acid)
කරවිල ඇටයේ අන්තර්ගතයග මෙම මේදය සතුඳූව ඇති පිළිකා නාශක ගුණය සම්බන්ධව ලෝකයේ දියුණු රටවල් රැසක පරික්ෂණ සිදු කෙරෙමින් තිබෙන අතර අපේ රටේ බහුලව පවතින එළවළු වර්ගයක් වන කරවිල බීජයේ විශාල ලෙස අන්තර්ගතව පවතින මෙම මේද අම්ලය පිළිකා නාශකයක් ලෙස යොදා ගතහැකි බව මුල්වරට සොයාගනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ හා ආචාර්ය අනුර ජයසූරිය යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතග
ප්රශු වෛද්‍ය පීඨයේ විද්‍යාගාර තුළ පිළිකා සෛල වැඩෙන්නට සලස්වා ඒවාට අදාළ මේද අම්ලය මඟින් විනාශ කළ හැකි බව තහවුරු වීමෙන් පසු වෛද්‍ය කණ්ඩායම සිදු කළේ මීයන්ගේ අක්මාවේ පිළිකා සෛල වර්ධනය කර එයට කරවිල ඇටයෙන් ලබා ගන්නා ෆැටී ඇසිඩ් භාවිත කර මීයන්ට මාස තුනක් අඛණ්ඩව ප්‍රතිකාර ලබා දීමයිග එහිදී පිළිකා සෛල විනාශ වී ඇති බව පර්යේෂණය මඟින් තහවුරු වී ඇතග එම දත්ත අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මණ්ඩලයක අවසරය මත මෙය මහනුවර මහ රෝහලේ පිළිකා සායනයේ රෝගීන්ට ලබා දිමට පියවර ගෙන තිබේග වසරක කාලයක් තිස්සේ පිළිකා වැළඳී සිටින රෝගීන් පිරිසකට අඛණ්ඩව සතියට දෙවතාව බැගින් මෙම කරවිල ප්‍රතිකාරය ලබාදෙන අතර එහි ප්‍රගතිය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටියිග
කරවිල ඇටවල අඩංගු මේද අම්ලය අධික උෂ්ණත්වයකදි පවා විනාශ නොවන බවත් කරවිල ඇට නිවසේදීම වියළා හෝ බැද ආහාරයට ගැනීමෙන් මෙම වටිනා මේද අම්ලය ශරීරයට එකතු කර ගත හැකි බවත් පශු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම පවසයිග
අසේල කුරුළුවංශ
curtesy :dinamina.lk