Health
පිළිකා නසන ගුණයක් ඇති සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන මැංගුස්
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම
මේ මංගුස් වාරේග පාර දෙපැත්තෙමල පොලවල් ගානේ මැංගුස් විකුණනවාග පොඩි දරුවෝ මැංගුස් අරන් දෙන්නට කියලා දෙමව්පියන්ට බේරිල්ලක් නැහැග ඒ දවස්වල නම් අපේ ආච්චිලා සීයලා කිව්වේ මංගුස් වැඩියේ කන්න හොඳ නැහැ කියලාගගවැඩියෙන් කෑවොත් කට අග වණ වෙනව හෝ ඇස් රතු වෙනව කිව්වත් කොයි කවුරුත් කෑමට ඇති ආශාව නම් එපා වෙන්නේ නැහැග මැංගුස් වැඩියෙන් කෑවම විවිධ අසාත්මිකතාවලට මුහුණ දෙන්නට වෙනවාග කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේගඅපි වෛද්‍ය මංගලා මහලේකමගෙන් අහලා බලමු කතාව ඇත්තද කියලාග අද අපි මැංගුස්වල ඹෟෂධීය ගුණාත්මකභාවය ගැන දැන ගනිමුග
ඉදුණු මැංගුස්ටින් රසයෙන් ඉහළයිග පිට පොත්ත ඉවත් කළ පසු ලැබෙන සුදු පාට බික් හෙවත් මදය ආහාරයට ගනියිග ඇටය ඉවත් කළ යුතුයිග පොත්ත ඉවත් කරන විට කහට අතේ ගෑවිය හැකියිග එය ප්රවේශමින් කළ යුතුයිග
මැංගුස්ටින්වල ගුණ
ප්‍රතිශක්තිය ඇති කරයිග තුවාල සුව කිරීමට උදව් දෙයිග පිළිකා නසන ගුණය ඇතග ශරීරයේ ශක්තිය වැඩි කරයිග බලය වැඩි කරයිග ශරීරය ප්‍රාණවත් කරයිග ඇස් පෙනීම දියුණු කරයිග ප්‍රදාහ දුරු කරයිග ක්ෂුද්රජීවී නාශක ගුණය ඇතග දිලීර නාශක ගුණය ඇතග කෑම රුචිය වැඩි කරයිග රුධිර නාලවල මේද තැන්පත් වීම වළක්වයිග ශරීරයේ අනවශ්‍ය බර අඩු කරයිග ඍතුවීමේ දෝෂ දුරලයිග මානසික ආතතිය දුරලයිග සන්ධි රෝග වළකයිග දත් සහ අස්ථි වර්ධනය කිරිමට උදව් දෙයිග මාංශ පේශි වේදනාව නැති කරයිග රුධිර පීඩනය පාලනය කරයිග හෘද රෝග අවදානම අඩු කරයිග සන්ධි වේදනාව නැති කරයිග අස්ථි දිරීම මැඩපවත්වයිග රාත්‍රියට ඇස් පෙනීම වැඩි දියුණු කරයිග ඇස් දීප්තිමත් කරයිග විදුරුමස්වලින් ලේ ගැලීම නවත්වයිග විදුරුමස් ශක්තිමත් කරයිග සම පැහැපත් කරයිග
ප්‍රමාණයට කන්න
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියමන සනාත කරමින් මැංගුස් යම් ප්‍රමාණයකට ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වෙන බව වෛද්‍ය මතයයිග එවිට එහි නියම ගුණය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතග
අසාත්මිකතා ඇති විමට පුඵවනග
උෂ්ණ බව අධික පලතුරක් බැවින් සමේ විවිධ අසාත්මික තත්ව ඇති කළ හැකියිග සම මතුපිට පලු දැමීම ල තොල් පැලීමල ඇස් රතුවීම කැසීමල සමේ බිබිලි දැමීම වැනි තත්ව ඇතිවීමට පුළුවනග අධික ලෙස ආහාරයට ගැනීම නිසා මල බද්ධයල බඩ වේළීම ඇතිවිය හැකියිග
පිළිකාවලට එරෙහිව ක්‍රියා කරයිග
මුඛය නැවුම්ව තබා ගැනීමට උදව් වෙයිග පිළිකා රෝග නැති කරයිග සිත සැහැල්ලු කරයිග මානසික ආතතිය දුරලයිග ගත සිත ප්‍රබෝධමත් කරයිග සිත සන්සුන් කරයිග
ගර්භණි සහ කිරි දෙන මව්වරුන්ට අගුණයිග
මැංගුස්ටින් අධික නිදිමත ගතියෙන් පෙළෙන අයට අහිතකරයිග ඒ වගේම ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට වැඩිපුර ගැනීම සුදුසු නැතග පිළිකා සඳහා ඖෂධ ප්‍රතිකාර ගන්නා අයට ද නුසුදුසුයිග
100ට ක අඩංගු පෝෂණ අගය
ශක්තිය කිලෝ කැලරි 73
කාබෝහයිඩ්රේට් 18g
තන්තු 1.8g
ජලය 15g
ප්‍රෝටීන් 0.8g
තෙල් හා මේදය 9.5g
විටමින් ඒ ජාත්‍යන්තර මිනුම් ඒකක 68.6
විටමින් C 5.7mlg
තයමින් 0.1mg
B6 0.1mlg
කැල්සියම් 23.5mlg
යකඩ 0.6mlg
මැග්නීසියම් 25.5mlg
පොස්පරස් 15.7mlg
පොටෑසියම් 94.1mlg
සෝඩියම් 13.7mlg
සින්ක් 0.4mlg
තඹ 0.1mlg
මැංගනීස් 0.2mlg
curtesy :dinamina.lk