රූපලාවණ්‍යයේ දී සම පැහැපත් කරලීමට නොයෙකුත් සත්කාර තිබේ. ඒ අතරින් ක්ලීන්අප්, ෆේෂල් සත්කාරය විශේෂයි. මෙහිදී සිදු කෙරෙන පියවරයන් අතර එක් පියවරක් වශයෙන් ෆේස් ස්ක්‍රබ් හඳුන්වන්න පුළුවනි. ෆේස් ස්ක්‍රබ් එක ද ඉතාමත් විශේෂ සත්කාරයක් බව කිව යුතුයි.
මුහුණ පිරිසුදු කිරීම සඳහා භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් ෆේස් ස්ක්‍රබ් එක ඉතා සංවේදී හා සියුම් බවින් යුක්ත නිසා ෆේස් ස්ක්‍රබ් භාවිතයේ දී වඩාත් සැලකිලිමත් ලෙස කටයුතු කිරීම වැදගත්ය.
ස්ක්‍රබ් ගැන කතා කිරීමේ දී ස්ක්‍රබ් යනු කුමක්ද අප ස්ක්‍රබ් එකක් භාවිත කළ යුත්තේ ඇයිද යන්න විමසා බැලිය යුතුයි.
අප නිතරම බාහිර පරිසරයත් සමඟ ගැටෙන නිසා සම මත බාහිර පරිසරයේ කුණු දුහුවිලි තැන්පත් වෙයි. සමේ ඇති දහදිය ස්නේහ ස්රාවි ග්රන්ථිවලින් ශ්‍රාවය වන සීබම් නමැති තෙල්මය ද්‍රව්‍ය වන සමේ මළ සෛල ස්ථරය මෙම තැන්පත් වු කුණු දුහුවිලි සමඟ බැඳී තද ස්වභාවයක් දක්වයි. මෙම බදාමය පහසුවෙන් ඉවත් වන්නක් නොවේ. අප ෆේස් වොෂ් හෝ ක්ලෙන්සර් භාවිතකර මුහුණ සේදුව ද සමේ තැන්පත් වූ මෙම බදාමය ඉවත් වීමක් සිදු නොවේ.
මෙය ඉවත්කර ගත යුත්තේ මොන ආකාරයෙන්ද?
අප ස්ක්‍රබ් එකක් භාවිත කරන්නේ මැරුණු සම නැතහොත් අප ඉහත කී සම මත බැඳුණු බදාමය ඉවත්කර ගැනීමටයි. සම මතු පිට ෆේස් ස්ක්‍රබ් ආලේප කොට ඉන්පසු සම නො ඇදෙන සේ මෘදුව පිරිමැදිය යුතුයි. එසේ පිරිමැදීමේ දී මෙම බදාමය ඉවත් වී අලුත් නිරෝගී සම මතු වෙයි. මෙහිදී සමට ගැළපෙන ස්ක්‍රබ් එකක් නිවැරැදිව භාවිත කිරීමෙන් සුමුදු දීප්තිමත් සමක් ඇතිවේ.
ස්ක්‍රබ් එකක් නිවැරැදිව භාවිත කළ යුත්තේ කෙසේද?
ෆේස් ස්ක්‍රබ් එක ආලේප කිරීමට පෙර මුහුණ හොඳින් ක්ලෙන්සර් දමා සෝදා හැර තෙත මාත්තු කරන්න. ඉන්පසු තෝරාගත් ස්ක්‍රබ් එක සම මත ආලේපකර සම පීඩාවට පත් නොවන සේ මෘදුව උඩු අතට සම්බාහනය කළ යුතුයි. පසුව පිරිසුදු ජලයෙන් මුහුණ සෝදා හැර තෙත මාත්තුකර මොයිස්චර්රයිසර් ගැල්වීම කළ යුතුයි. ෆේස් ස්ක්‍රබ් එකෙන් පසුව සමේ ඇති වී තිබෙන වෙනස ඔබටම අත්විඳින්නට හැකි වේවි.
ෆේස් ස්ක්‍රබ් සඳහා නොයෙකුත් scrubbing particles භාවිත කරයි. මෙම scrubbing particles මෘදු විය යුතු අතර පිරිමැදීමේ දී සම තුවාල වීමක් නොවිය යුතුය. 4rever නිෂ්පාදනවලින් ඔබ වෙත එන ස්ක්‍රබ්වල මෙම scrubbing particles ලෙස සුදුහඳුන්, කොහොඹ, කහ, උක්දඬු මෙන්ම කෝපි භාවිත වේ. මේවා ස්වාභාවිකව scrubbing particles පමණක් නොව සම සුවපත් කිරීමේ ගුණය ද ක්ෂුද්‍ර ජීව නාශක හැකියාව ද සම පෝෂණය කිරීමේ ගුණය ද ඇති බැවින් සම පිරිසුදුව නිරෝගීව තබනු ඇත.
එසේම මෙම ස්ක්‍රබ්, ක්‍රීම් ස්වභාවයෙන් පැවතීම නිසා කුණු, දුහුවිලි හා අනවශ්‍ය තෙල් සමෙන් උරාගෙන සම පිරිසුදු කිරීමට හේතු වේ.
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
චාන්දනී බණ්ඩාර (4rever ආයතනයේ සභාපතිනි)