Health
පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් අක්මාවට හානි වෙනවා
ඖෂධ පරිවෘත්තියේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ අක්මාවටයග අප ගන්නා සියලුම මේදයේ දිය වන ඖෂධ අක්මාවේදී කැඩීමට ලක් වී ජලයේ දියවන සංඝටක බවට පත් වේග අනතුරුව ඒවා මුත්‍රා මාර්ගයෙන් දල පිත සමඟින් බඩවැල්වලට ගොස් අසූචි මාර්ගයෙන් ද පිට වේග මෙය අක්මාවේදී සිදු කෙරෙන සාමාන්‍ය ක්රියාවකිග අප ගන්නා ඖෂධ ප්‍රමාණය වැඩි විටදීද අපගේ අක්මාවට හානි සිදුවීම වැළැක්විය නොහැකග සමහර ඖෂධ වර්ග අක්මාවට හානිකර අතර ඇතැම් ඖෂධ වැඩි මාත්‍රාවක් ගැනීමෙන් පමණක් අක්මාවට හානිකර බලපෑම් ඇති විය හැකියග මේ ආකාරයෙන් අක්මාවට සිදුවන හානිය වළක්වා ගැනීමට නම් ඖෂධ ගැනීමේදී වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයටම ඒවා පිළිපැදිය යුතු වේග අක්මාවට හානිකර තත්ත්වයන් උදාවී ඇති බව සනාථ කරන සාධකයක් වනුයේ අක්මාවෙන් නිකුත් කෙරෙන SGOT / SGPT එන්සයිම ප්‍රමාණය වැඩි වීමයිග අක්මාවේ හානිය තවදුරටත් සනාථ කරගැනීමට එන්සයිම පරීක්ෂාව සිදු කෙරේග
අක්මාවට හානි සිදු වීමට බලපාන විවිධ හේතුන් අතර හෙපටයිටිස් වර්ගල අක්මාවේ තෙල් තැන්පත් වීමල මද්‍යසාරය ආදිය ප්‍රධාන තැනක් ගනීග මේ සාධකවලට අමතරව ඇතැම් ඖෂධ වර්ග ගැනීමත්ල ඖෂධ වැඩි මාත්‍රවෙන් ගැනීමත් අක්මාව හානි වීමට බලපාන සාධකය යිග අක්මාවට හානිදායක වන ඖෂධ අතරට රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමට ලබාදෙන්නා වූ Statin වර්ගයේ සියලුම ඖෂධ අයත් වේග කොලෙස්ටරෝල් අවම කිරීම සඳහා ලබාදෙන්නා වූ ඕනෑම ඖෂධයක් නිසා මේ තත්ත්වය උදාවීමට ඉඩ ඇතග
ඇතැම් ඖෂධ අධිමාත්‍රාවෙන් ගැනීම අක්මාවට හානිකර තත්ත්වයක් උදාවන බව අපි මීට පෙර පැවසුවෙමුග අධි මාත්‍රාවක් ගැනීමේදී සෘජු ලෙසම අක්මාවට බලපෑම්ි කරන ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්නේ පැරසිටමෝල්යග නමුත් පැරසිටමෝල් නිසි මාත්‍රාව වෛද්‍ය නිර්දේශ මත ලබාගන්නේ නම් කිසිදු බලපෑමක් අක්මාවට සිදු නොවේග නමුත් ගැටලුව වන්නේ පැරසිටමෝල් අධිමාත්‍රාව ගත් විට අක්මාවට තදබල හානි සිදු වීම වැළැක්විය නොහැකි වීමයිග පැරසිටමෝල් ලබාගත් විට ඒවා අක්මාවේදී කැඩීමට ලක් වේග කැඩීමට ලක් වීමේදී විෂ ද්‍රව්‍යයක් නිපද වේග
එම විෂ ද්‍රව්‍ය නික්ෂේපනය කිරීමට වෙනත් රසායන ද්‍රව්‍යයක් අක්මාවෙන් නිපදවන අතර එම රසායනිකය විසින් විෂ ද්‍රව්‍ය අක්‍රිය කරයිග නමුත් පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගත් කල ඒවායේ විෂ නික්ෂේජනය කිරීමට ප්‍රමාණවත් තරම් විෂ නාශක අක්මාවේ නොමැති නිසා පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් ඇතිවන විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වේග එවිට අක්මාවට හානි සිදු වේග මෙම විෂ නික්ෂේපනය කිරීමේ හැකියාවල මද්‍යසාර නිසා හානි වූ අක්මාවට ඇත්තේ ඉතා අල්ප වශයෙනිග එම නිසා මද්‍යසාර වැඩිපුර ගන්නා අය පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් වැළකිය යුතුමයග
අක්මාවට හානි සිදු කරන ඖෂධ වර්ග
1ග පැරසිටමෝල් අධිමාත්‍රාව
2 විටමින් ඒ අධිමාත්‍රාව ගැනීම :විටමින් ඒ තැන්පත් කරන්නේ අක්මාවෙහියග-
3ග ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ
4 ගකොලෙස්ටරෝල් අවම කිරීමට ලබාදෙන ඖෂධ
5ග දිලීර මර්දනයට ලබාදෙන ඖෂධ :ඇතැම් විට නියපොතු ආශි‍්‍රතව සහ සිරුරේල පුස් වර්ග ලෙස දිලීර රෝග ඇති වූ විට දිලීර මර්දනයට ලබාදෙන ඖෂධ
පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීම නිසා අක්මාවට හානි වන අවස්ථා නිතර දක්නට ලැබේග ඩෙංගු වෛරසය නිසාද අක්මාවට හානි සිදු වේග ඩෙංගු රෝගයේදී ඇති වන තද උණ පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදීමෙන් පමණක් සාමාන්‍ය අගය දක්වා අඩු කරගැනීමට නොහැකියග උදාහරණ 103 ඛ්0 පවතින උණ 100 ඛ්0 පමණක් අඩු කරගත හැකියග උණ අඩු කරගැනීමට රෝගීහු පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමට පෙළඹෙතිග එය ඉතා භයානක තත්ත්වයකිග පැරසිටමෝල් අධිමාත්‍රාව නිසා අක්මාවට වන හානියල ඩෙංගු රෝගය නිසා අක්මාවට වන හානිය හා එකතු වූ විට තත්ත්වය ඉතා භායනක වේග සමහර විට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගැනීම නොදැනුවත්කම නිසා සිදුවේග සමහර පවුලේ වෛද්‍යවරුන් උණ රෝගය සඳහා දෙන බෙහෙත් කවරවල ඖෂධයේ නම සඳහන් කරන්නේ නැතග බොහෝ විට උණ සඳහා දෙන ඖෂධ අතර පැරසිටමෝල් පෙති විවිධ වර්ණ හා හැඩයෙන් යුක්තව පවතීග මෙහිදී සිදු වන්නේ රෝගියාට වෛද්‍යවරයා ලබාදී ඇත්තේ පැරසිටමෝල් බව නොදැන සුප්‍රසිද්ධ වෙළෙඳනම් වලින් යුත් පැරසිටමෝල්ල උණ අඩු කරගැනීම සඳහා තමා විසින් ලබාගැනීමයිග එබැවින් රෝගීන් තමාට ලබාදෙන ඖෂධ කවරවල ඇත්තේ කුමන ඖෂධදැයි වෛද්‍යවරයාගෙන් විමසීම අතිශයින් වැදගත්යග
curtesy :dinamina.lk