ප්රශ්නය - පසුගිය සතියේදී අප කතා කළේ වඳුරු මෑ සහ ලුණුවිල යන ශාක මගින් පාකින්සන් රෝගය සඳහා කළ හැකි බලපෑම ගැනයි...
වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර- මෙහිදී වැදගත් යමක් සඳහන් කළ යුතු වෙනවා. පාකින්සන් රෝගය වැළඳුන සමහරු, අංශභාග රෝග තත්ත්වයට පත්වන අවස්ථා තිබෙනවා. මේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මගින් විවිධ යන්ත්‍ර සූත්‍ර සහ ඖෂධ සොයාගෙන තිබෙනවා. ඒත් නවීන විද්‍යාවට හැකියාවක් නැහැ පාකින්සන් රෝගය සුව කරන්න. අඩුම ගාණේa මේ රෝගය වැළඳීමට බලපාන කිසිදු නිශ්චිත සාධකයක් සොයා ගන්නටත් නවීන විද්‍යාවට බැහැ. ආයුර්වේදය කියන්නේ අවුරුදු 5000 කටත් වඩා ඉතිහාසයක් තිබෙන ස්වභාවික විද්‍යාවක්. ආයුර්වේදයේ පීඩාකාරී ප්‍රතිකාර නැහැ. සැත්කම් හරිම අඩුයි. අද අප නැවත වතාවක් ඉදිරිපත් කරන්නේ පාකින්සන් රෝගයට ආයුර්වේද ක්‍රමයට ආහාර විහරණ කළ යුතු ආකාරය ගැනයි.
1. පිටිවලින් කළ ආහාර ගන්නවා නම් තිරිඟු, කඩල සහ බාර්ලි පිටි පමණක් යොදාගන්න.
2. පිපිඤ්ඤ, කරවිල, තක්කාලි යන මේ ද්‍රව්‍යවලින් එකක් ගෙන එහි යුෂ මිලිලීටර් 200 බැගින් උදේ හවස පානය කරන්න.
3. කොහොඹ යුෂ මගින් පාකින්සන් රෝගීන්ට උසස් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කොහොඹ කොළ මැල්ලුම්, පිසින ලද කොහොඹ කොළ, කොහොඹ යුෂ මේස හැඳි දෙක තුනක් පමණ ගැනීම පාකින්සන් රෝගීන්ට ඉතා හොඳයි.
4. මෙයට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කළ පරිදි අශ්වගන්ධ තෛලය යොදා ශරීරය සම්භාහනය කිරීම පාකින්සන් රෝගීන්ට ඉතාම ගුණයි.
මෙය පෝලියෝ රෝගය වැළඳුණු දරුවන්ටත් ඉතාම හොඳයි.
5. ඔබේ මොළයේ සෛල ප්‍රාණවත් කරන ආහාර කෙරෙහි යොමු වන්න. කිරි සහ කොට්ටම් මද (ආමන්ඩ්) ඒ සඳහා ඉතාම යෝග්‍ය බව සඳහන් කළ යුතුයි. ලුණුවිල මැල්ලුමත් අත්‍යවශ්‍යයි.
6. මතක තබා ගන්න මොළයේ සෛල වර්ධනයට එළකිරි ප්‍රයෝජනවත් වුවත් මීහරකුන්ගේ කිරි පානය කිරීමෙන් හෝ මුදවා අනුභව කිරීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ වැඩිදියුණු වන බව.
7. අශ්වගන්ධ චූර්ණය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක් එළකිරි සමග මුසු කර දිනකට දෙවරක් පානය කිරීම ඉතා හොඳයි. කිරි නොදිරවීමේ ප්‍රශ්නයක් ඔබට තිබේ නම් ඒ වෙනුවට අශ්වගන්ධාරිෂ්ඨය පානය කළ යුතුයි. හැබැයි ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි.