ලපකැළැල් වලින් තොර මුහුණක් තමන්ට හිමිකර ගන්නට වැඩිදෙනෙක් කැමතියි. එහෙත් නොයෙකුත් හේතුන් මත සමේ ඇතිවන විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසා බොහෝ දෙනෙකුට මුහුණේ පැහැපත් බව පවත්වාගැන්ම අපහසු වන්නට පුළුවන. විශේෂයෙන්ම මනාලියක් වීමට සිටින යුවතියක්, කාන්තාවක් තමන්ගේ සම ගැන මුහුණ ගැන වැඩි අවදානයක් දැක්වීම ඉතා වැදගත්. හේතුව මනාලිය වන දිනයේ මුහුණේ පැහැපත්බව, සුන්දරත්වයඉතා වැදගත්වන නිසයි. මේ නිසා විවාහ වීමට පෙර තමන්ගේ මුහුණේ ලප කැළැල් වෙත්නම් ඒවා ඉවත්කර ගැන්මට නිසි ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්.
බොහෝවිට සමගැන නොසැලකිලිමත්වීම මුහුණට නිසි සත්කාර නොකිරීම, සම ආරක්ෂාකර නොගැනීම වැනි හේතුන් මත සමේ විවිධ ගැටලු ඇතිවිය හැකියි. මේ නිසා මංගල දිනයට සූදානම්වන ඔබ විශේෂයෙන්ම ඔබේ සම ගැන මුහුණ ගැන එහි පැහැපත් බව ගැන උනන්දුවිය යුතුමයි. මුහුණේ ලප කැළැල් ඇතිවීම අවපැහැවීම ආදියට වයස් සීමාවක් නොවෙයි. ඕනෑම වයස් මට්ටමක පසුවන අයෙකුට සම හා සම්බන්ධ විවිධ ගැටලු මතුවිය හැකියි. යුවතියන්ගේ විවාහය සිදුවන වයස් මට්ටම බොහෝවිට මෙන්ම වැඩි වයස් මට්ටමේ පසුවන අය අතරද විවාහය සිදුවන අවස්ථා දක්නට පුළුවන්
අවුරුදු 20 - 35 අතර වයස්වල මෙන්ම අවුරුදු 40 හෝ එයට ආසන්න වයස් මට්ටම් වලද විය හැකිය. නිතර කථාබහට ලක්වන සමෙහි ඇතිවන ගැටලු දෙස බැලුවහොත් සම අවපැහැගැන්වීම, එසේත් නැත්නම් කම්මුල් දෙපස තිත් ආකාරයෙන් ඇතිවන ලප දක්නට පුළුවන්. මෙම තත්ත්වය හඳුන්වන්නේ පිග්මන්ටේෂන් වශයෙන්. සම මතුපිට තැන් තැන් වල තිත් ආකාරයට අඳුරු පැහැයෙන් ඇතිවන මෙම ලප කැළැල් බොහෝවිට පිග්මන්ටේෂන් ලෙස හඳුනාගත හැකියි.
මෙම තත්ත්වය ඇතිවන්නේ කෙසේද ? එයට බලපාන හේතුන් මොනවාද ? යන්න විමසා බලමු.
පිග්මන්ටේෂන් වැනි තත්ත්වයක් ඇතිවන්නේ මොන ආකාරයෙන්ද යන්න ගැන නොදන්නා නිසා බොහෝවිට එයට නිසි ප්‍රතිකාර භාරගෙන සිටින අය ඉන්නවා. ඉන් සිදුවන්නේ එම තත්ත්වය තව තව වර්ධනය වීමයි. සමහරුන් මෙයට නොයෙකුත් ප්‍රතිකාර කළත් සුවයක් ලබන්නේ නැහැ. එයට හේතුව මෙම තත්ත්වයට බලපාන නිසි හේතුන් දැන ප්‍රතිකාර නොගැනීමයි.
සමහරුන් තුළ මෙහි පැතිර ගිය ස්වභාවයක් වැඩි බලපාන හේතූන් කීපයක් තිබෙයි.
* අල්ට්රා වයලට් කිරණ නිසා ඇතිවන තත්ත්වයන්.
* ජානමය හේතුන් නිසා.
* හෝමෝන බලපෑම් හේතුවෙන්
* ගර්භනී අවස්ථාවන්හි මාසික ආර්ථව චක්‍රයේ ඇතිවන අක්රමිකතාව
* සමෙහි ආලේප කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන්
* කොණ්ඩයට පාවිච්චි කරන ඩයි ප්‍රමිතියකින් තොරව ආලේප කිරීම.
කෙසේ නමුත් දැන් මෙම තත්ත්වය වැඩි වශයෙන් පැතිර යෑමට පටන්ගෙන ඇත. මීට පෙර වඩාත්ම වයසට යාමේ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවුවත් දැන් පෙනීයන්නේ මෙය වයසෙහි බල පෑමක් නොමැතිව හටගන්නා බවයි.
සමහරුන් තුළ මෙම කරගත නිට්ටාවටම සුවකර ගැනීමට නොහැකි වුවත් එය හොඳින් පාලනය කරගත හැකි බැවින් මේ පිළිබඳ කනස්සල්ලට පත්වියයුතු නැත.
මෙවැනි අය ෆේෂල් කිරීමේදී හොඳින් සම හඳුනාගෙන ප්‍රතිකාර කළහැකි අය ලවා එය කරගනු හැරෙන්නට හිතුමතේ ෆේෂල් කිරීමට යාම නොකළ යුතුයි. එසේ කිරීමට යාමෙන් මෙම තත්ත්ත්වය අඩුවෙනවා වෙනුවට තව තවත් වැඩිවිය හැකියි.
ෆේෂල් කරනවිට ඍජුව ස්ටිච් කිරීම මගින් මෙය තවත් වැඩිවන බවත් දැකිය හැකිය.
මේ සඳහා සුදුසු ප්‍රතිකර්ම මොනවාද ?
මෙයට හොඳ ස්වභාවික පැක් එකක් යෙදිය යුතු අතර, සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිත කරන්න. රූපලාවණ්‍ය උපෙදස් අනුව තම ආහාර රටාව පාලනය කර ගැනීමෙන් මෙම තත්ත්වය මගහරවා ගැන්මට හැකිවනු ඇත.
ඉතින් හෙට දවසේ මනාලියක වන්නට සූදානමින් සිටින ඔබ, ඔබේ සමේ මෙවන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක හමුවී නියමිත ෆේෂල් සත්කාර කර ගැනීම ඔවුන්ගේ උපදෙස් පිළිපදිමින් සම ආරක්ෂාකර ගැනීම ආදියෙන් සමේ පැහැපත්බව පවත්වා ගනිමින් සමේ කැළැල් සහිත දුර්වර්ණබව ඉවත් කරගත හැකියි.