Life
ප්‍රවේශම්වන්න ගැස්ට්රයිටීස්වලින් අතුරු අබාධ රැසක් ඇතිවිය හැකිය
ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්ෂණ ඇති විට පමණක් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතැයි ඇතැම්හු කියති. නමුත් මෙම රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ ගැස්ට්‍රයිටීස් රෝගය ආශ්‍රිතව ඇතිවේ. ඒවා නම් හිසේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්කුම, ඇඟපත අමාරුව, අලස බව, අධික ලෙස කේන්ති යැම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයැම, මල මුත්‍රා පිටවීමේදී ඇතිවන අපහසුකම්ය.
දේශීය ආයුර්වේද වෛද්‍යවරු මෙරට බොහෝ සිටිති. නමුත් ඒ අතරින් විශිෂ්ට ගණයේ වෙදැදුරන් සිටින්නේ අතළොස්සකි. එලෙස විශිෂ්ට ගණයේ ආයුර්වේද වෛද්‍යවරයකු වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. වෙද පරපුරකින් පැවත ආ පළියට විශිෂ්ට ආයුර්වේද වෛද්‍යවරයකු වීමට නොහැකිය. ඒ සඳහා මූලිකවම දේශීය ආයුර්වේද විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් තිබිය යුතුය. නිරන්තරයෙන්ම දැඩි කැපවීමකින් ඒ පිළිබඳ අධ්‍යයනය කළ යුතුය. නවීන තාක්ෂණික ක්රමවේදයත් දේශීය ආයුර්වේද විද්‍යාව සමඟ භාවිත කරමින් නව අත්හදා බැලීම්වල නිරත විය යුතුය. එලෙස සිදු කළහොත් අනිවාර්යයෙන්ම ඔහු විශිෂ්ට ගණයේ වෙදැදුරකු වන්නේය.
"නැකත" අපේ වෙදැදුරු විශේෂාංගය තුළින් මෙවර අප හඳුන්වා දෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ විශිෂ්ට ගණයේ දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය රන්පත රුවන් රත්නායකයි. පාරම්පරික රන්පත වෙද පරපුරෙන් පැවත එන ඔහු සර්වාංග රෝග දේශීය අයුර්වේද ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කිරීමට උපන් හපනෙකි. එම වෙදැදුරු මෙවර හඳුන්වා දෙන්නේ වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකි ගැස්ට්‍රයිටීස් රෝගය පිළිබඳවයි.
ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල දෙස සලකා බැලූ විට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක් හිමිවේ. පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීන්ට වඩා වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි. ඊට හේතුව ශරීරයේ අන් සියලු පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පූර්ණ වගකීම දරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය වීමයි.
ශරීරයේ කුඩාම තැනුම් ඒකක වන සෛලවලට පෝaෂණය සැපයීමට නම් අප ගන්නා ආහාර එම සෛලවලට උරාගත හැකි මට්ටමේ කුඩාම කොටස් බවට පත්විය යුතුය. ඒ සියලුම දේවල් කරනුයේ ආහාර ජීර්ණ පද්ධතියේ මූලිකත්වයෙනි. එසේ වීමට ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම ක්‍රියාවන් යහපත් විය යුතුය. නමුත් ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය විවිධ ස්වරූපවලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් වූ ස්වභාවික ක්‍රියාව අක්‍රමවත් වෙයි. එම නිසා එතැන් සිට ශරීරයේ සියලු පද්ධතීන්ට අහිතකර බලපෑම් ඇතිවේ. ගැස්ට්‍රයිටීස්වල මූලික තත්ත්වය මෙයයි.
ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්ෂණ ඇති විට පමණක් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතැයි ඇතැම්හු කියති. නමුත් මෙම රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ ගැස්ට්‍රයිටීස් රෝගය ආශ්‍රිතව ඇතිවේ. ඒවා නම් හිසේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්කුම, ඇඟපත අමාරුව, අලස බව, අධික ලෙස කේන්ති යැම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයැම, මල මුත්‍රා පිටවීමේදී ඇතිවන අපහසුකම්ය.
මෙවැනි රෝග ලක්ෂණ පහල වීමෙන් පෙනී යන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවන්ගේ බලපෑම අනෙකුත් සියලුම ඉන්ද්‍රියන්ට හෝ පද්ධතීන්ට ඇති බවයි. මෙම නිසා අප ගන්නා ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵලයත් තත්ත්වයට පත් නොවේ. එනම් ඒවා විෂක් ලෙස රුධිරයට එකතු වෙයි. ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ "ආම" යනුවෙනි. එම ආම තත්ත්වය යනු සැබෑ ලෙස නොදිරවූ ආහාර රසයකි. එයින් ශරීරයේ කිසිදු සෛලයකට නිසියාකාරව වැඩක් ගැනීමට නොහැකිය.
මෙම ආම රසය රක්ත ධාරාව හරහා කුමන පද්ධතියකට, ඉන්ද්‍රියකට, පටකයකට හෝ සෛලයකට ගෙන ගියද එම ස්ථානයන්හි ස්වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වෙයි. එය පිටතට පෙන්වන්නේ රෝගයක් හෝ රෝග ලක්ෂණයක් ලෙසයි. මුලදී හිසේ කැක්කුමක් ඇඟපත රිදීමක් හෝ මල පිටවීමේදී ඇතිවන අක්‍රමිකතාවක් වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.
නමුත් පසුව චිරකාලීන රෝග ඇති කරන්නේ ඉහත කී විෂ කොටස් මගින් තෝරාගත් පද්ධතියක් හෝ අවයවයක් මුළුමනින්ම ආක්‍රමණය කළ විටයි. එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්රිත මුත්‍රා පද්ධතිය නම් වකුගඩු ආබාධ, මුත්‍රා රෝග ආදිය ඇති විය හැකිය.
ශරීරයේ අධෝභාගය ආක්‍රමණය කළේ නම් අක්‍රමවත් මල පිටවීම, මල බද්ධය හෝ අර්ශස් වැනි තත්ත්වයක් ඇති විය හැකිය. ඒ අයුරින්ම අග්න්‍යාසය ඇසුරු කළ විට දියවැඩියා ආශ්රිත ප්‍රමේහ රෝග තත්ත්වයන් ද, හෘදය ඇසුරු කළ විට විවිධ වූ හෘද රෝග ද, සම ඇසුරු කළ විට වාතරක්ත, පළු දැමීම, කැසීම ආශ්රිත විවිධ වූ සමේ රෝග ද ආදී ලෙස ඒ ඒ පද්ධතීන්ට ඉන්ද්‍රීයන්ට ආවේණික වූ රෝග තත්ත්වයන් ඇති කරයි.
එසේ නම් මේ සියලු රෝග තත්ත්වයන් උපද්‍රවයන් ඇති කිරීමට මූලික වන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ආහාර ජීර්ණයේ විවිධ අක්රමිකතාවන් බැවින් එම තත්ත්වය අප විසින් වහ වහා සුව කරගත යුතුය.
දැන් පැනනැඟෙන ප්රශ්නය නම් මෙම රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කළ හැකිද යන්නයි. ඊට පැහැදිලිම පිළිතුර නම් මෙම බෝ නොවන රෝගයක් නිට්ටාවටම සුව කළ හැකි බවයි. එවිට එම රෝග නිට්ටාවටම සුව කරන්නේ කෙසේ දැයි ඔබ අසනු ඇත. රෝග නිට්ටාවටම සුව කිරීම සඳහාම නිර්මාණය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරැදිව භාවිත කිරීමෙන් මෙම රෝග නිට්ටාවටම සුවකළ හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කියූ විට ඊට යොමු වීමට බොහෝ අය මැළි වන්නේ ඖෂධ සෙවීම්, තැම්බීම් ආදී සකස් කිරීම්වල ඇති අපහසුතාවන් නිසාය.
නමුත් අපගේ පහසු ඖෂධ භාවිත ක්‍රමය දැන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. එනම් රෝගියකුට කසාය වර්ගයක් දිය යුතු විට ඒවා පෙති ලෙස හෝ තම්බා පිළියෙල කරන ලද බෝතල් ලෙස ඔහු අතට පත්කිරීමයි. ගුළි වර්ග, චූර්ණ වර්ග හෝ කල්ක වර්ග නිපදවා ඇත්තේ ද කාර්යබහුල රැකියාවන් කරන අතරතුර පවා පහසුවෙන් ගත හැකි වන ආකාරයටය. විවිධ රැකියාවල් සහ සේවා මුරයන්ට ගැළපෙන අයුරින් රෝගීන් සමග සාකච්ඡා කොට ඔවුන්ටම ආවේණික වන පරිදි ඖෂධ භාවිත කිරීම ද ඔබට තවත් පහසුවක් වනවා නියතය.
වැඩි විස්තර සඳහා 0713009088, 0767274674.
සටහන - ගයාන් සමරසිංහ
වෛද්‍ය රන්පත මහතා