Health
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තෝරන්නේ කෙසේද?
අර්තාපල් යනු කාබෝහයිඩ්ඩ්‍රේට් :පිෂ්ඨය- බහුල ආහාරයකිග කුඩා දරුවන්ගේ වර්ධනයට ගුණ දෙන අර්තාපල් වැඩිහිටයන්ටද යෝග්යයගපෝෂණය සපිරි අර්තාපල් ආහාර රුචිය ඇති කරයිග සමේ වර්ණය ඇතිකරන අතරම විටමින් බහුල ආහාරයකිග
එයින් සිරුරට ලැබෙන ශක්තිය අපමණයග කය වෙහෙසිම නිසා අපගේ සිරුරෙන් වැයවන කැලරි ප්‍රමාණය නැවත ලබා ගැනිමට මෙයින් විශාල ශක්තියක් ලැබේග පෝෂ්‍ය පදාර්ථ බහුලව අනුන අර්තාපල්වල විටමින් බහුලව ඇතගඉතා සැහැල්ලු ආහාරයක් නිසා දිරිවිමේ පහසුවද ඇතග
දියවැඩියා රෝගින්ටල අධික තරබාරුකමල අධික සෙමල රෝග ඇති අයට පමණක් අගුණ අර්තාපල් හදවතට හිතකර ආහාරයකිග මල මුත්‍රා හොඳින් බැහැර කෙරේග අල කිරි හොද්දක් පොල්සම්බලයක් සමග ඉදිආප්ප පෝෂණය සපිරි ආහාර වේලකිග ලංකාවට අර්තාපල් විදේශයෙන් ආනයනය කරන අතර නුවරඑළිය වැලිමඩ ප්‍රදේශවලත් ඉතා සරුවට වැඩේග අර්තාපල් ආනයනය කරන්නේ පාකිස්ථානයෙනිග පාකිස්තාන් අල හා ලංකා අල අතර වෙනසක් පවතිග පාකිස්තාන අල ලා දුඹුරු පාටින් යුක්තයිග ලංකා අල තද දුඹුරු පැහැයෙන් හා නැවුම් භාවයෙන් යුක්තයග පාකිස්ථාන අර්තාපල් වලට වඩා ලංකා අර්තාපල්වල පොත්ත තදින් ඇල්ලුවිට ගැලවේග පාකිස්තාන අලවලට වඩා ලංකා අල මිලෙන් ටිකක් අධිකවේග
අද බොහෝ මිනිසුන් පරිභෝජනය කරන අර්තාපල් ඔබේ ජිවිතයට රෝගි බවක් එක් කරන්නේ නම් එයින් කුමන පලක්දරෑ
පරිභෝජනයට නුසුදුසු සොයා ගන්නේ කෙසේදරෑ
ඕනැම ආහාරයක් පෝෂණ ගුණයෙන් අනුන වුවත් විෂ වු විට අප සිරුරට අහිතකරවි අපව රෝගින් බවට පත් කරයිග අර්තාපල්ද එසේමයිග
අර්තාපල් තෝරා ගැනිමේදි පොත්ත පිළිබඳව සැලකිලිමත් විය යුතුයග අල ගෙඩිය කොළපාටවි ඇත්නම් එසේත් නොමැතිව කුඩා අංකුර ඇත්නම් ඒවා පරිභෝජනයට කිසිසේත් සුදුසු නොවේග විශේෂයෙන් අංකුර ඇති අර්තාපල්වල ශරිරයට අහිතකර විෂක් ඇතග එහි අඩංගු සොලනින් නැමැති රසායනික ද්‍රව්‍ය ශරිරගතවිමට ඉඩ ඇතග නිතර දෙවේලේ අංකුර සහිත අල අනුභව කරන අයට මෙම විෂ ශරිරගතවි ස්නායු පද්දතියට හානි සිදුවිය හැකියිග බඩේ කැක්කුමල වමනයල කැරකැවිල්ලල උගුරේ දැවිල්ලල හිසරදය ආදි රෝග ඇතිවිමට පුළුවනග මෙම කොළ සහිත අර්තාපල් සොලනින් නැමැති විෂ සහිත රසායන සංයෝගයක් නිපදවේග එය පාචනයට බෙහෙවින් තුඩු දෙන්නකිග එම අංකුරවලද විෂ ඇති සොලනින් රසායන ද්‍රව්‍ය නිපදවේග අංකුර සහිත අල දිර්ඝ කාලයක් පරිභෝජනයෙන් පිළිකා වැලදිමටද පුඵවනග එබැවින් තිත්ත රසැති සහ කොළ පැහැ අංකුර සහිත අල මිලද ගැනිමෙන් වලකින්නග වෙළඳපොලෙන් මිලදි ගත හැකි ලංකා අර්තාපල්වල මෙම අංකර මතු නොවේග එමෙන්ම කොළ පැහැ ගැන්වෙන්නේද ඉතාමත් අවම වශයෙනිග මුදල් යහමින් වැය වුවද ඔබ අර්තාපල් ආහාරයට ගැනිමෙන් ආහාර මගින් සිදුවන ආහාර විෂවිම් වලක්වාගත හැකග
අල පරිභෝජනය කිරිමට පෙර ඔබ කළ යුතු දේ
අර්තාපල් මිලදි ගත් පසු කොළ පැහැවී ඇත්නම් මුළු අල ගෙඩියම විසි කරන්නග
ඇතැමුන් කොළ පැහැ ගැන්වු කොටස පමණක් ඉවත් කර ඉතිරිය ආහාරයට ගනිග එය කිසිසේත් හොඳ නැතග හේතුව වන්නේ කොළපාට කොටසේ සොලනින් විෂ රසායන අඩංගු විමයිග කපා ඉවත් කළ අර්තාපල් අලයේ ඉතිරි කොටසටත් සොලනින් සංක්‍රමණය වන නිසා ඉතිරි කොටසේද සොලනින් අන්තර්ගතවේග ඉතිරි කොටස ආහාරයට ගත්තද අනිවාර්යයෙන්ම විෂ ශරිරගතවේග පදික වේදිකාවල වෙළෙඳපොලේ අර්තාපල් කොටස් කපා ලාබෙට විකුණනු ඔබ දැක ඇතග ඇතැම් විට ඔබද ලාභය නිසා මෙම අල මිලදි ගනු ඇතග නමුත් අල සමග සොලනින් ඔබගේ සිරුරට අන්තර්ගතවන බව ඔබ කිසිසේත්ම දන්නේ නැතග
අල ප්‍රථමයෙන් මඩ ඉවත්වන සේ හොඳින් සොදාගන්නග සෝදාගත් යුත්තේ ගලායන ජලයෙනිග භාජනයකට අල දමා සේදිමෙන් වළකින්නග එවිට මඩවල ඇති බැක්ටිරියා මෙන්ම පොහොරවල ඇති විෂ ද්‍රව්‍යද කෘමිනාශක භාවිතයෙන් සිදුවන විෂ ද්‍රව්‍යයද අර්තාපල් අලයට ඇතුල්විය හැකියිග
ගලායන ජලයෙන් සෝදාගත් පසු හොඳින් තම්බා ගන්න පසුව පොත්ත ඉවත්කරගන්නග කිසි විටකත් පොත්ත සමඟ ආහාරයට ගන්න එපාග ඔබ නිවසේ පිරිසුදුවට ආහාර පිළියෙල කළහැකි වුවත් කේටරින් සර්විස් කැම පාර්සල් හෝ චයිනිස් හෝටල්වල ආහාර පරිභෝජනය කිරිමට සිදුවන අවස්ථාවලදි ඔබට කැමට ලැබෙන්නේ මඩ සහිත නිසි ආකාරයෙන් නොසේදු බැක්ටිරියා අඩංගු කොළ පැහැයෙන් යුත් සොලනින් අඩංගු අර්තාපල්යග බොහෝ විට එළවළු රෝටි කොත්තු රෝටිවල මිල අඩුකර ගැනිම සඳහා පොත්ත සහිත අර්තාපල් භාවිතා කෙරේග අල අසුරා තැබිය යුත්තේ එක මත එක තබා නොව සමතලා පොලොවේ හොදින් වාතාශ්‍රය ලැබෙන ආකාරයෙනිග ලංකා අර්තාපල් හිරු එළියට නිරාවරණය වුවත් විෂ වර්ගයක් නිපදවන්නේ නැතග නමුත් ආනයනික අර්තාපල් හිරු එළියට නිරාවරණය වීමේදි කොළ පාට අංකුර ඇති විය හැකග
curtesy :
dinamina.lk