ලෝකයේ කාන්තාවන් මාසයකට වරක් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩි උරා ගැනීමක් සහිත සෞඛ්යාරක්ෂිත සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරාගැනීමයි. නමුත් එම සනීපාරක්ෂක තුවාවල ප්‍රමිතිය සම්බන්ධව යොමුවන අවධානය ඉතා අඩුයි.
මෙම සනීපාරක්ෂක තුවා බොහෝවිට නිෂ්පාදනය කර තිබෙන්නේ ප්ලාස්ටික්, කෘතීම සුවඳ විලවුන් යොදාගෙනයි. ඒවගේම මාසයෙන් මාසය ඒ වෙනුවෙන් වන වියදම් කිරීමට සිදුවෙනවා. මේවා දිගු වෙලාවක් හැඳ සිටීමත් අපහසුයි.
ඊට අමතරව මෙම සනීපාරක්ෂක තුවා නිසිපරිදි බැහැර කිරීම, ප්රතිචක්රීයකරණය අද ලෝකය මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්.
අපි බොහෝ දෙනෙක් නොදැන සිටියත් ලෝකය දැන් ඒ සඳහා විසදුම් කිහපයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අතරින් ඉතා සාර්ථක විසදුමක් වන්නේ නැවත පාවිච්චි කළ හැකි සනීපාරක්ෂ තුවා (Reusable Pads) භාවිතයයි.
Pads එක්ක එන ලෙඩ
ඇමරිකාවේ පමණක් එක කාන්තාවක් සිය ජිවිත කාලය තුළ සනීපාරක්ෂක තුවා 17000ක් පමණ භාවිතා කරනවා.
මෙහි තිබෙන වඩා භයානකම කාරණය වන්නේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ හෙළි නොකිරීම. එයට හේතුව වන්නේ මේවා වෛද්‍ය උපකරණ ගණයට අයත් ද්‍රව්‍ය ලෙස නොගැනීමයි. මේවා නිෂ්පාදනයේදී අවධනය යොමුකරන්නේ උපරිම උරාගැනීමේ හැකියාවක් සහිත ද්‍රව්‍ය යොදාගැනීම සඳහා පමණි. සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පිළිස්සීමේදී කළු පාට දුමක් දුර්ගන්ධයක් හා පිලිස්සී අවසානයේ ඉටි වැනි ද්‍රව්‍යක් ඉතුරුවන බව දක්නට ලැබේවි.
මෙයින් පැහැදිලිවන්නේ මෙවැනි සාමාන්‍ය සනීපාරක්ෂක තුවායක් නිෂ්පාදනයේදී ඩයොක්සින්, සින්තටික් ෆයිබර් වැනි පොලිතින් නිෂ්පාදනයේදී යොදාගන්නා ද්‍රව්‍ය අඩංගු වන බවයි. වාර්තාවන්ට අනුව පැවසෙන්නේ පොලිතින් කවර පහක අඩංගු ද්‍රව්‍ය එක සනීපාරක්ෂක තුවයක අඩංගු බවයි. ඔබ අපි බොහෝදෙනෙක් පොලිතින් වල පවතින විනාශකාරී බව අස ඇතුවාට සැකයක් නෑ. උදාහරණයක් ලෙස පොලිතින් සඳහා යොදාගන්නා BPA හා BPS වැනි ප්ලාස්ටික් රසායනික මගින් වඳ බාවයට පත්වීම , හදවත් රෝග හා පිළිකා ඇතිවන බව විවිධ අධ්‍යනයන් හරහා අනාවරණය වී ඇති කරුණක්.
එසේම ප්ලාස්ටික් හා සින්තටික් අඩංගු සනීපාරක්ෂක තුවා භාවිතය මගින් වාතාශ්‍රය නොලැබීම හරහා යෝනිය අවට තෙතමනය රැඳී විෂබීජ වර්ධනය සඳහා මග පාදයි. එසේම මේවා නිෂ්පාදනයේදී දුර්ගන්ධය හා සුවඳ පාලනය කිරීමටත් විවිධ වර්ගයේ රසායනික වර්ග යෙදීම සිරිතක්. මේ හරහාද විවධ වර්ගයේ ආසාදන තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතියි.
සනීපාරක්ෂක තුවාවල පවතින පිරිසිඳු සුදු පැහැය ලබාගන්නේ ක්ලෝරීන් මිශ්‍ර බ්ලිචින් මගිනි. මේ හරහා විෂ කාරක ඩයෝක්සින් වර්ග නිෂ්පාදනය වීමේ ඉඩ කඩක් පවතී. අධ්‍යනයන්ට අනුව හෙළිව ඇත්තේ මෙවැනි ඩයෝක්සින් වර්ග පටක වල තැන්පත් වන බවයි. ලෝක පරිසර සුරැකීමේ ඒජන්සි වාර්තාවන්ට අනුව මේවා රෝග ගණනාවකට හේතුවේ. උදාහරණයක් ලෙස මෙමගින් අනවශ්‍ය සෛල වර්ධනය වීම, ප්‍රතිශක්ති පද්ධතිය අඩපන කිරීම හා හෝමෝන ක්‍රියාවලිය අඩපන කිරීම සිදුවන බව ඔවුන් හෙළි කරයි. නමුත් මෙම වාර්තා වල පවා සනීපාරක්ෂක නිෂ්පාදන ආශ්‍රිතව ඇතිවිය හැකි විනාශය ගැන සඳහන කර නොමැති වීම විශේෂත්වයක්.
දැනට ලෝකයේ බොහෝ කපු නිෂ්පාදනයන් ජාන වෙනස් කල ඒවායි. එසේම සනිපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී යම් ප්‍රමාණයක් කපු යොදාගනු ලබනවා. ජාන වෙනස් කම්වලට ලක්වූ කපු වර්ග යොදාගැනීම හරහා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු බොහොමයක් පවතිනවා. මෙවැනි ආකාරයෙන් ජාන වෙනස් කළ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම හරහා ජාන වෙනස් කල ආහාර ගැනීමෙන් ඇතිවන ආකාරයෙන්ම සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ හැකියාවක් පවතියි. මෙය තවත් දරුණු වන්නේ යෝනි මාර්ගය අධික සංවේදී බැවින් ජාන වෙනස් කළ කපු අඩංගු සනිපාරක්ෂක තුවා භාවිත කිරීම මගින් එහි අඩංගු රසායනික ද්‍රව්‍ය කෙලින්ම රුධිර සංසරණ පද්ධතිය සමග එක වීමේ හැකියාවක් පැවතීමයි.
එසේම සනීපාරක්ෂක තුව නිෂ්පාදනයේදී දුර්ගන්ධය නැති කල හැකි රසායනික ද්‍රව්‍ය, කෘතීම වර්ණක, polyester, ගම් වර්ග polyethylene (PET), polypropylene, propylene glycol (PEG) යොදාගැනීම සිදු වෙනවා. මේ ද්‍රවය මගින් හෝමෝන නිෂ්පාදන අඩපණ වීම, පිළිකා, විවිධ අඩු පාඩු සහිත දරුවන් බිහිවීම, වඳ බාවයට පත්වීම සිදු වියහැකි බව අනාවරණය වී තිබෙනවා.
Reusable Pads භාවිතයේ වැදගත්කම
මෙම නැවත පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවා ඔබේ මුදල් ඉතිරි කරනවා පමණක් නොවෙයි පරිසර හිතකාමීද වෙනවා. ඒවගේම මේවා නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යත් ඉතා අවමයි.
Reusable Pads නිෂ්පාදනය වී තිබෙන්නේ කපු සහ උණ බට ආශ්රිත අමුද්‍රව්‍ය යොදාගෙනයි. මේ නිසා වැඩි උරා ගැනීමට අමතරව හැඳ සිටීමත් ඉතා පහසුයි.
පාවිච්චියෙන් පසු පිරිසිඳු ජලයෙන් සේදීම පමණක් ප්‍රමාණවත්. ඒවගේම පර්යේක්ෂකයන් පවසන ආකාරයට ඔබ මෙවැනි සනීපාරක්ෂක තුවා 10 ක් පමණ අවුරුදු 5ක පමණ කාලයක් භාවිතා කළ හැකියි.