Health
පපුවේ ගැස්ම භායානක රෝගයක්ද?
හෘදය වස්තුව ගැහෙනුයේ විද්‍යුතය උපයෝගී කර ගනිමිනිග මෙම විද්‍යුතය ක්‍රමානුකූලව නිෂ්පාදනය කරනුයේ දකුණු කර්ණිකාවේ ඉහළින් ඇති විශේෂ විද්‍යුත් කෝෂ වැනි සෛල වලිනිග එම සෛල පිහිටි ස්ථානයට හෘත් කර්ණිකා ගැටය යැයි කියනු ලැබේග
මෙම හෘත් කර්ණිකා ගැටයෙන් නිපදවෙන විද්‍යුතය හෘදයේ සෙසු ප්‍රදේශ කරා ගමන් කරනුයේ විශේෂ විද්‍යුත් පරිපථයක් මාර්ගයෙනිග මෙය හෘදයේ සන්නායක පද්ධතිය ලෙස හැඳින්වෙයිග
මෙම ස්න්නායක පද්ධතිය දිගේ ක්‍රමානුකූලව ගමන් කරන විද්‍යුතය මඟින් සාමාන්‍ය හෘද ස්පන්දනය ඇති වේග එය ඊගසීගජීග රේඛනයක මෙසේ සටහන් වේග
ඇතැම්විට සන්නායක පද්ධතියේ පරිබාහිර ස්ථානයක විද්‍යුතය අමුතුවෙන් නිෂ්පාදනය වී හෘද ස්පන්දනය අක්රමික බවට පත් වේග
හෘද ස්පන්දන වේගය
හෘද ස්පන්දනය ඉතා සීඝ්‍ර වුවහොත් :මිග 160ට වැඩි-
මෙසේ ස්පන්දනය වැඩි වුවොත් පපුවේ ගැස්ම රෝගියාට දැනේග එය අඩු වී යන තුරු හාන්සි වී සිටිය යුතුයග
ඉතා මන්ද වුවහොත් :මිග60ට අඩු-
හෘද ස්පන්දනය ඉතා අඩු වූ විටල ඇස් ඇඳිරිවීමල ක්ලාන්තයල සිහි නැති වීම ඇති වේග
එවිට ප්‍රථමාධාරයක් වශයෙන් පැතලි තලයක :උදාග පොළොවකල ඇඳක් මතුපිට- දිගා වී දෙතුන් වරක් වැරෙන් කැස්සක් ඇති කළ යුතුයග
පපුවේ ගැස්ම
සාමාන්‍යයෙන් මිනිස් හදවත විනාඩියකට 60-80 වාරයක් ක්‍රමානුකූලව ගැහෙමින් පවතීග මේ සාමාන්‍ය ගැස්ම මිනිසාට දැනෙන්නේ නැතග
බිය වු විටෙකදී කලබල වූ විටෙක දී හෘදයේ ගැස්ම සාමාන්‍යයට වඩා ප්‍රබල වෙයිග එසේ විපරිත වූ විට පමණක් හදවතේ ගැස්ම විඥානයට හැඟෙයිග ගැස්මක් ඇති බවක් දැනෙන්නේ එවිට පමණිග
බොහෝ අවස්ථාවන්හි මේ පපුවේ ගැස්ම රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන්නා වූ සාමාන්‍ය සංසිද්ධියකිග
ඇතැම් අවස්ථාවලදි පමණක් පපුවේ ගැස්ම ශරීරයේ හෝ හෘදයේ හෝ ඇති රෝගයක එක් අංශයක් නිරූපණය කරන රෝග ලක්ෂණයකිග
එබදු රෝග සමහරක් නම්
වායු ගෙඩි හේතුවෙන් ඇති වන විෂ වීම
හෘදය වස්තුව ඉදිමීම
මද්‍යසාර විෂවීම
දැඩි මානසික අසහනය යන මේවායග
පපුවේ ගැස්ම විටකදී ගැස්සීම් :එකකට රැ දෙකකට- පමණක් සීමා වේග ඇතැම් විටෙකදී මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් හෝ පුරා අඛණ්ඩව සීඝ්‍ර ගැස්ම පවතීග මේ කවර ආකාරයේ ගැස්මක් වුවද නැවත නැවතත් ඇති වීමට ප්‍රවණතාවක් ඇතග
ඖෂධ මඟින් ප්‍රතිකාර කරනු ලබන්නේ භයානක :දරුණු- ගැස්ම පමණකිග බොහෝ ගැස්ම ජිවිත හානියට තුඩු නොදෙන බැවින් දීර්ඝකාලීන ඖෂධ ප්‍රතිකාරය මඟින් යටපත් කිරීමට වෛද්‍යවරු මැලි වෙතිග රෝගියා මේ අමුතු ගැස්ම නිසා අසහනයට පත් වුවහොත් පමණක් ඖෂධ මඟින් ගැස්ම යටපත් කරනු ලැබේග
ගැස්ම ඇති රෝගියා ද පහත සඳහන් කරුණු වලින් වැළකී සිටිය යුතුයග
ඉතා තද කහටට පෙරූ තේ පානය
ඉතා තද කහටට පෙරූ කෝපි පානය
:මෙහි ඉතා කහටට යැයි කියන ලද්දේ කිරි මුසු නුමුසු බව සලකා නොවේග තේ හෝ කෝපි හෝ කුඩු ස්වල්පයක් දමා දිගු කාලයක් තැම්බෙන්නට ඉඩ දුන් කල තේරැකෝපි දියරය ඉතා තද පැහැ ගැන්වේග අඩු කහට පැහක් ලබනු සඳහා තේ රැකෝපි කුඩු තේ හැඳි එකක් පමණ දමා විනාඩි දෙක තුනක් පමණක් තැම්බෙන්නට හරින්නග-
කෝලා වර්ගයේ බීම
කැස්සට සෙමට පීනසට ඇදුමට බටහිර බෙහෙත් ක්රමයේ දෙනු ලබන ඖෂධ පෙති හා පැණි වර්ග
මද්‍යසාරය රැ විටමින් :පැණි-ල අරිෂ්ට- මද්‍යසාරය ඇතග
මානසික අසහනය
ඇතැම් ප්‍රතිජීවක ඖෂධ :එරිත්‍රොමයිසින් විශේෂයිග-
curtesy :dinamina.lk