Beauty
නිසි ලෙස නිය ආලේපන ගල්වන ආකාරය
මීට කලකට පෙර නිය ආලේපන ගැල්වීම විශේෂ අවස්ථාවල දී පමණක් සිදු කළ ක්රිවාවක් වුව ද වර්තමානය වනවිට තරුණියන් අතර බොහෝ ජනප්‍රිය විලාසිතාවක් බවට නිය ආලේපන ගැල්වීම පත් ව තිබේ.
විවිධ වර්ණවලින් යුත් නිය ආලේපන ගැල්වීම මෙන් ම නිය අලංකරණ සඳහා විවිධ නිර්මාණ කිරීමට තරුණියෝ මහත් උනන්දුවක් දක්වති.
නිය ආලේපන ගැල්වීමට ප්‍රථම කලින් තිබූ නිය ආලේපන ඉවත් කළ යුතු ය. මේ සඳහා Qutex Remove යොදා ගත හැකි ය. ඉන්පසු නියපොතු හොඳින් Brush කර පිරිසිදු කර ගන්න. පිරිසිදු කරගත් නියපොතු nail cutter ආධාරයෙන් අවශ්‍ය පරිදි කපා ගන්න.
ඉන්පසු Ameri Board ආධාරයෙන් නිය හැඩකර ගන්න. පසුව සකසාගත් නියමත ආලේපන ගල්වන්න. ආලේපන ගැල්වීමේ දී Base code මුලින්ම ගා පසුව නිය ආලේපන ගල්වන්න. මෙය වියළුනු පසු top code එක ගල්වන්න. මෙසේ ක්රමාණුකූලව ආලේපන ගැල්වීමෙන් නිය දීප්තිමත් ව පවතී.
නිය ආලේපන ගැල්වීමෙන් අනතුරුව දෑගිලි මද රස්නයෙන් යුත් උණු ජලයේ විනාඩි කිහිපයක් බහා තැබීමෙන් නිය ආලේපන ඉක්මනින් වියලා ගත හැකි ය.
නිය ආලේපන ගැල්වීමේ දී තමාගේ වර්ණයට ගැළපෙන පරිදි, ඉතා උසස් වර්ගයේ ආලේපන වර්ග ද තමා අඳින ඇදුමට ගැළපෙන වර්ණයෙන් යුතු ආලේපන භාවිතා කිරීමට මතක තබා ගන්න.
(under the courtesy of goodhousekeeping.lk web)