Health
නිවැරදිව දත් මැදීමට සුදුසු දත් බුරුසුවක් තෝරා ගන්නේ කොහොමද?
මුඛය සමස්ත සිරුරේම කැඩපතයැයි අදහසක් තිබේග නමුත් ඒ කැඩපත සුන්දර වන්නේ මුඛය නීරෝගි නම් පමණිග නමුත් බොහෝ දෙනෙකුට අද එවන් සුන්දර කැඩපතක් අහිමියග ඒ විවිධ වූ මුඛ රෝග හේතුවෙනිග
මුඛ රෝග ගත්විට ප්‍රධාන මුඛ රෝග කීපයක් හඳුනාගත හැකග එනම් දත් දිරායෑම්ල විදුරුමස් රෝග හා මුඛ පිළිකා එහිදි විශේෂ වේග මීට අමතරව දන්ත විකෘතිතා හෙවත් විකෘති දත් :එනම් දත් ඇදට පිහිටීම-
මෙන්ම මුඛයේ ශ්ලේෂ්මල පටලය ආශි‍්‍රතව බැක්ටීරියාල වෛරස් හා දිලීර ආසාදන වර්ධනය වීම ආදිය හඳුනාගත හැකග මේවාට බලපාන හේතූන් වනුයේ මුඛ සෞඛ්‍යය නිසිලෙස පවත්වා නොගැනීමයිග නමුත් නිසි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඔබේ දිවියේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකග එයින් ඔබට ශාරීරිකව ඇතිවිය හැකි ගැටලුල මානසිකව ඇතිවිය හැකි ගැටලු මෙන්ම සාමාජයීයව ඇතිවිය හැකි ගැටලු රැසක් අවම වන හෙයිනිග දිනපතා හොඳින් දත් මැදීම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඇති හොඳම මඟයිග
නිවැරදිව දත් මදිමු
ඉතාම කුඩා ළදරුවකුගේ මුඛය පවා පිරිසිදුව තැබීම වැදගත්යග දත් මතුවීමට කලින් පවා පිරිසුදු රෙදි කඩකින් බිළිඳාගේ මුඛය පිරිසුදු කිරීම මවක් විසින් කළ යුතු වැදගත් කාර්යයකිග එමඟින් බිළිඳාගේ මුඛයේ ඇති රෝග කාරක විසබීජ ඉවත් කළ හැකග
වයස මාස 6ත් - 9ත් අතර දරුවාගේ පළමු දත් මතු වේග එසේ දත් තුන හතරක් මතු වූ විට එය දරුවාට බුරුසුවෙන් මැදීම හඳුන්වා දීමට සුදුසු කාලයයිග නමුත් මෙවන් කුඩා වියේ දරුවන් බොහෝවිට දත් මැදීමට ඉඩ දීමට අකමැති වේග නමුත් දරුවා සෝදවන අවස්ථාවේ සැහැල්ලුවෙන් හා විනෝදජනක අයුරින් එය මවට සිදු කළ හැකග
තවද දත් මැදීමට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම ඉතාම වැදගත් වේග දන්තාලේප නිසි ප්‍රමාණයට ගැනීමත්ල දරුවාට කෙළ ගැසීමට පුරුදු කිරීමත් වැදගත් වේග
දත් මදින නිවැරදි ක්‍රමය
මේ සඳහා ඔබ තෝරාගන්නා බුරුසුවේ හිස කුඩා විය යුතුයග එනම් බුරුසුවේ හිස ඔබේ මුඛයේ ඇතුළත කෙළවර දක්වා සෑම දතකටම ළං වීමේ හැකියාවක් සහිත ප්‍රමාණයේ විය යුතුයග කුඩා දරුවන්ට නම් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ දත් බුරුසුවක් තෝරා ගැනීම වැදගත්යග වෙළඳපොළේ විවිධ හැඩයන්වල කෙඳි සහිත දත් බුරුසු ඇති අතර නිවැරදිව දත් මැදීමට භාවිතා කළ යුත්තේ සමාන උසකින් කෙඳි පිහිටා ඇති දත් බුරුසුවකිග
දත් බුරුසුවක කෙඳි ආකාර තුනකට හඳුනාගත හැකග එනම් තද කෙඳිල මෘදු කෙඳි හා මධ්‍යම ප්‍රමාණයේ කෙඳි වශයෙනිග එයින් දත් මැදීම සඳහා වඩා සුදුසු වන්නේ මෘදු කෙඳි සහිත බුරුසුවකිග තද හා මධ්‍යම ප්‍රමාණයේ කෙඳි සහිත බුරුසුවකින් දත් මැදීමෙන් දතේ එනැමලයට හානි විය හැකියග ශරීරයේ දෘඩම පටකය වන එනැමලය ගෙවී ගිය විට නැවත වර්ධනය වීමක් සිදු නොවන අතර එමඟින් දත් දිරා යෑමට හේතුවක් විය හැකියග එසේම දත් බුරුසුවක් කලක් භාවිතා කිරීමේදී එහි කෙඳි දෙපැත්තට නැවෙන ස්වභාවයක් ඇති වෙයිග එම අවස්ථාවේදී අලුත් බුරුසුවකට මාරු වීම වැදගත්යග
දත් මැදීම
දත් මැදීම යනු දත් මතුපිට සෑම පෘෂ්ඨයක්ම හොඳින් පිරිසිදු කිරීමයිග එනම් දතේ හපන පැත්තල එළිය පැත්තල ඇතුල් පැත්ත සහ දත් අතර යන කොටස් සියල්ලක්ම නියමාකාරයෙන් පිරිසිදු විය යුතුයග
දත් මැදීමේදී දතේ විදුරුමස් දාරය දෙසට කෙඳි යොමු කර උඩු ඇන්දේ නම් ඉහළ සිට පහළටත්ල යට ඇන්දේ නම් ප්‍රතිවිරුද්ධ දිසාවටත් බුරුසුවේ කෙඳී වක්‍රාකාරව කරකවමින් දත් මැදීම කළ යුතු වේග දතේ සපන කොටස බුරුසුව කරකවමින් මැදීම කළ යුතුයග ඊට අමතරව විදුරුමසල උඩතල්ල සහ දිව යන පෘෂ්ඨයන් පිරිසිදු කිරීම ද වැදගත් වේග මේ අයුරින් මිනිත්තු කිහිපයක් හොඳින් දත් දෙපෙළ පිරිසිදු කර ගැනීම වැදගත්යග
කුමන දන්තාලේපයක් ද තෝරාගත යුත්තේරෑ
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින් දත් දිරායෑමට හේතු කාරක වන බැක්ටීරියා වර්ධනය වළක්වා දත් දිරා යෑම් අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබේගඑබැවින් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප තෝරා ගැනීම වැදගත්යග
දන්තාලේප ගත යුතු ප්‍රමාණය
වැඩිහිටියකු නම් දන්තාලේප ගත යුත්තේ කඩල ඇටයක ප්රමාණයකිනිග දන්තාලේප බුරුසුවට දමා ගැනීමේදී බුරුසුවේ දික් අතට නොව හරස් අතට දමා ගැනීමෙන් නිසි පමණට ගැනීම පහසු වේග
කුඩා දරුවෙකුට මුං ඇටයක පමණ ප්‍රමාණයක් වරකට ගැනීම නිර්දේශ කෙරේග තවද එවැනි දරුවන් මව හෝ වැඩිහිටියකුගේ අධීක්ෂණය යටතේ දත් මැදීම අවශ්‍ය වේග තවද දත් මදින විට දන්තාලේප ගිලීමෙන් දරුවන් වැළැක්වීම ඉතා වැදගත්යග දත් තුන හතරක් මතුවන අවධියේ සිටින කුඩා දරුවන්ට බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම හඳුන්වා දිය හැකි අතර එවැනි දරුවන්ට නිර්දේශ කරනුයේ දන්තාලේප ගැනීමේදී ටියුබය මිරිකීමක් නොකර මුඩිය ඇර බුරුසුව දන්තාලේපවල ඇතිල්ලීමෙන් පමණක් ගන්නා දන්තාලේප ප්‍රමාණය ප්‍රමාණවත් වන බවයිග
දත් මැදීමට පෙර දත් බුරුසුව තෙමීම බොහෝදෙනෙකුගේ සිරිතකිග නමුත් බුරුසුව වියළිව ඇතිවිට දත් මැදීමට ගන්නා දන්තාලේප මුඛයේ වැඩි වේලාවක් රඳවා ගැනීමට හැකියාවක් ලැබේග මෙමඟින් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් වැඩි වේලාවක් මුඛයේ රඳවා ගැනීමට හැකියාව ඇතග වැඩි වේලාවක් ෆ්ලෝරයිඩ් මුඛයේ තබා ගැනීමෙන් එහි ඇති ෆ්ලෝරයිඩ් අයන දතේ මතුපිටල ශ්ලේෂ්මල පටලය ආදී ස්ථානවල වැඩිපුර වේලාවක් රඳවා ගැනීමට හැකිවේග එමඟින් ෆ්ලෝරයිඩ් ක්‍රියාකාරීත්වය වැඩි වේලාවක් මුඛයේ පවත්වාගත හැකග
එහිදී දිනකට දෙවාරයක් දත් මැදීම නිර්දේශ කරන අතර එය උදේ සහ රාත්‍රී :නින්දට පෙර- සිදු කිරීම ඉතා වැදගත් වේග
මෙවන් වූ සැලකිලිමත් පියවර මඟින් දත් දෙපෙළ පිරිසිදුවටත්ල ලස්සනටත්ල නීරෝගීවත් පවත්වා ගැනීමට ඉතා හොඳින් අවස්ථාව ඇති වේග එමඟින් දන්ත ගැටලු රාශියක් අවම කරගත හැකි අතරල ඊට වැයවන අධික මුදල්ල කාලය මෙන්ම දන්ත ගැටලු නිසා හටගත හැකි අමිහිරි වේදනා මෙන්ම ඉන් ඇතිවන මානසික පීඩා ද ඉතා පහසුවෙන් වළක්වා පී‍්‍රතිමත් දිවියකට මඟ සලසා ගැනීමට අපට හැකිවේග
curtesy :dinamina.lk