Beauty
නිවැරදිව තෙල් සත්කාරයක් කරගන්නා හැටි
කාන්තාවගේ සුන්දරත්වයට ඇගේ නිරෝගී කෙස් කලඹ ආභරණයක් යැයි කීම වරදක් නොවේ. මෙවැනි සුන්දර කෙස් කලඹක් ලබා ගන්න නම් එයට නිසි සත්කාර කිරීමටද ඔබ උනන්දු විය යුතුයි. මේ අතරින් හිස කෙස්වලට සිදුකරන තෙල් සත්කාරය මුල් තැනක් ගන්නවා.
තෙල් සත්කාරයේ වාසි
හිසට දිනපතා තෙල් යෙදීමෙන් ඔබට මනාව වැඩුණු නිරෝගී කෙස් කලඹක් හිමිවීම රහසක් නොවේ. දිනපතාම හිසට තෙල් යෙදීමෙන් අකලට හිසකෙස් යෑම හා හිසරදය ආදිය ඇති නොවෙයි. තවද කෙස් ගස් මුල ශක්තිමත් වෙමින් කෙස් දික්ව ඝනව වැඩෙයි. අක්ෂි රෝගවලින් අත්මිදීමටද මෙය හොඳම සත්කාරයකි.
තෙල් යොදන වැරැදි ක්‍රම
නෑමට පැයකට පෙර හා පසු තෙල් යෙදීම සුදුසු නැහැ. තෙල් හිස මත තිබෙන කාලය අඩු නිසාත්, තෙත හිසකෙස් මතට තෙල් ගැල්වීමෙන් කෙස් සුදුවන නිසාත් ඉහත කී ක්‍රම සුදුසු නොවෙයි.
හැන්දට දමා තෙල් රත් කිරීම
ඇතැම් අය හුරුව සිටින්නේ තෙල් ස්වල්පයක් හැන්දකට දමා රත්කර ගැනීමටයි. නමුත් මෙමඟින් තෙල්වල අඩංගු ඔෟෂධීය ගුණය විනාශ වෙයි. සාමාන්‍යයෙන් තෙලක් සාදා අවසානයේ ළිපෙන් බා ගන්නේ නිසි පදමකටය. එහි පදම මෘදු, මධ්‍ය හා කර යන ප්‍රමාණයට ගනියි. හිසට දමන තෙල් ගනු ලබන්නේ මධ්‍ය පදමටයි. මේ තෙල් නැවත හැන්දකට දමා රත් කිරීමෙන් එහි නියම පදනම වෙනස් වී යයි. එය ‘කර’ පදමට ආ විට හිසට ගැල්වීමට සුදුසු නොවෙයි.
භාවිතයට සුදුසු වන සේ රත් කිරීම
හිසට යොදන තෙල් ප්‍රමාණය කුඩා වීදුරු බෝතලයකට දමා එම වීදුරු බෝතලය උණු වතුර භාජනයක් මැද තබන්න. එවිට තෙල් රත් වන්නේ උණු වතුරේ රස්නයටයි. තෙලෙහි පදම වෙනස් නොවෙන එහි ඔෟෂධීය ගුණයද ආරක්ෂා වෙයි.
(under the courtesy of goodhousekeeping.lk web)