SexEducation
නිවැරදි උපත් පාලන ක්‍රමය තෝරා ගන්නේ කෙසේ ද?
නිවැරදි උපත් පාලන ක්‍රමය තෝර ගන්නෙ කොහොමද කියන එක ගොඩක් දෙනාට තියෙන ගැටළුවක්. තෝරා ගැනීමට ගොඩක් වර්ග තිබීම මෙයට හේතුව වෙනවා. සමහර උපත් පාලන ක්‍රම අනෙක්වාට වඩා ආරක්ෂාකාරී බවින් සහ විශ්වාසයෙන් වැඩියි. සමහර උපත් පාලන ක්‍රම ලිංගිකව බෝවන රෝග මගිනුත් ඔබව ආරක්ෂා කරනවා. සමහර උපත් පාලන ක්‍රම පාවිච්චි කරද්දි ලිංගික සංසර්ගයේ වින්දනාත්මක හැකියාව අඩු වෙනවා. මෙන්න මේ වගේ කරුණු සැලකිල්ලට ගෙන ඔයාලට සුදුසුම උපත් පාලන ක්‍රමය සොයා ගන්න පුළුවන්. කොහොම වුනත් සාමාන්‍ය භාවිතයට පහසු වීම, පාවිච්චි කරද්දි ඇති පහසුව, විශ්වාසය වගේ දේවල් අනුව උපත් පාලන ක්රමයේ ඵලදායීතාවය තීරණය වෙනවා.
සමහර අය වෙනත් උපත් පාලන ක්‍රම අනුගමනය කරන්නේ නැතිව ස්වභාවික ක්‍රමය භාවිතා කරනවා. මේ ක්‍රමයත් සමග කිසිදු උපත් පාලන උපකරණයක්, පෙති හෝ වෙනත් ක්‍රමයක් භාවිතා වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ සරු කාලය මඟහැර ලිංගික කටයුතුවල යෙදීම ස්වභාවික උපත් පාලනය ලෙස හඳුන්වනවා. මේ නිසා ගැබ් ගැනීම් වළක්වා ගන්න පුළුවන්. කාන්තාවකගේ ඔසප් දිනයට දින පහකට කලින් මේ සරු කාලය ආරම්භ වෙනවා. එය ඔසප් දිනයත්, ඔසප් දිනයෙන් තවත් දින දෙකක් හෝ තුනක් ගතවන තුරුත් පවතිනවා. මේ කාලය තුළ කාන්තාවකගේ සරු කාලය වන නිසා අනාරක්ෂිත ලිංගික කටයුතුවලින් වැළකී සිටීමෙන් ගැබ් ගැනීම වළක්වා ගන්න පුළුවන්.
වෛද්‍ය විද්‍යාත්මකව නම් ශරීර උෂ්ණත්වය, ලිංගික ශ්‍රාවය පරීක්ෂා කිරීමෙන් මේ සරු කාලය ආරම්භ වෙන දිනය සොයා ගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයේදී කැලැන්ඩරයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේක කරන හරිම විදිය ඔයාලට, ඔයාලගෙ සෞඛ්‍ය උපදේශිකාවගෙන් හෝ නාරිවේද වෛද්‍යවරයාගෙන් ලබාගන්න පුළුවන්. ස්වභාවික ක්රමයේ වාසි ලෙස බෙහෙත් වර්ග පාවිච්චියකින් තොරව උපත් පාලනය කරගත හැකිවීම හා මුදල් වැය නොවීම දැක්විය හැකියි. ඒත් මේකෙන් ලිංගිකව බෝවන රෝගවලින් ආරක්ෂා කිරීමක් වෙන්නෙ නැහැ. මේ ක්රමයේ සාර්ථකත්වය 76% ක් පමණයි. තවත් එකක් සාමාන්‍යෙයන් හැම කෙනාගෙම ඔසප් චක්‍රය ක්‍රමවත් නැහැ. ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැති කෙනෙකුට මේ ක්‍රමය සාර්ථකව යොදාගන්න බැහැ.
ශුක්‍රාණු නාශක පාවිච්චි කිරීමත් සාර්ථක උපත් පාලන ක්‍රමයක්. මෙහි දී රසායන ද්‍රව්‍ය මගින් යෝනි මාර්ගය තුළ දී ජීවී ශ්‍රක්‍රාණු විනාශ කිරීමක් සිදු කරනවා. මේ නිසා සාර්ථක සංසේචනයක් සිදු වෙන්නෙ නැහැ. මේවාට කියන්නෙ spermicide එහෙම නැත්නම් ශ්‍රක්‍රාණු නාශක කියලා. ලිංගික සංසර්ගයට පෙර මේ ශුක්‍රාණු නාශක යෝනි මාර්ගයේ ඇතුළටම ඇතුළු කිරීම අවශ්‍යයි. මේ ක්රමයේ සාර්ථකත්වය 72% ක් පමණයි. මේ ක්‍රමය ලාභදායක වගේම භාවිතයට පහසුයි. කිරි දෙන මවකට වුවත් මේ ක්‍රමය ගැළපෙනවා. නමුත් මේ ක්‍රමයෙදි සමාජ රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ වගේම යෝනිමාර්ගයට සහ ශිෂ්ණයට හානි සිදු විය හැකිවීම මෙහි අවාසි ලෙස සලකන්න පුළුවන්.
කොන්ඩම් භාවිතය තවත් උපත් පාලන ක්‍රමයක්. මෙහි දී පිරිමි කොන්ඩම් සහ ගැහැණු කොන්ඩම් ලෙස වර්ග දෙකක් තිබෙනවා. මේ ක්රමයේ සාර්ථකත්වය 82% ක්. ඒ වගේම මිල දී ගැනීම, භාවිතා කිරීම, ඉවත් කිරීම ඉතාම පහසුයි. සමාජ රෝග සඳහා යම් ආරක්ෂාවකුත් මේ කොන්ඩම් භාවිතයෙන් ඔබට ලැබෙනවා. මේ කොන්ඩම්වල මතුපිට ඇති ලිහිස්සි ද්‍රව්‍ය නිසා ශිෂ්ණය යෝනියට ඇතුළු කිරීම පහසු වෙනවා. ඒ වගේම මේවායේ නිෂ්පාදකයින් විසින් විවිධ අන්දමේ වෙනස් කිරීම් තුළින් උපරිම ආශ්වාදයක් සහ උපරිම වින්දනාත්මක කාලයක් ලබා දෙන ලෙස සැකසූ කොන්ඩම් නිපදවා ඇති නිසා ලිංගික අත්දැකීමට එයින් මනා පිටුවහලක් ලැබෙන බව කිව යුතුයි.
මුඛ, යෝනි සහ ගුද යන තුන් ආකාරයේම සංසර්ගයන් සඳහා පිරිමි කොන්ඩම් යොදාගන්න පුළුවන් වගේම අනෙක් උපත් පාලන ක්‍රමත් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. වාසි බොහොමයක් තියෙනවා වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. කොන්ඩමය පාවිච්චි කළ හැක්කේ එක් වරක් පමණයි. සෑම ලිංගික එක්වීමක දීම අලුත් කොන්ඩමයක් පැළඳීම අනිවාර්යයි. ඒ වගේම ඔබ ලිංගික සංසර්ගය අතරතුර දී කෙටි විවේකයක් ලබා ගන්නවා නම් එහි දී පවා ඔබට කොන්ඩමය මාරු කරන්න වෙනවා. කොන්ඩම් භාවිතයේ දී ලිංගික තෘප්තිය අඩු වෙන බවට සමහරු විශ්වාස කරනවා. සමට සම නොගැටීම නිසා මේ දෙය සිදුවෙනවා.
උපත් පාලනය සඳහා භාවිතා කළ හැකි කාන්තා කොන්ඩම් ද තිබෙනවා. මේ කාන්තා කොන්ඩම් පිරිමි කොන්ඩම්වලට වඩා විශාලයි. ඒ වගේම ඒක පළඳින්නෙ කාන්තාවගේ යෝනි මාර්ගය තුළට. ඇත්තටම කරන්නෙ යෝනි මාර්ගය තුළ ආස්තරණයක් ලෙස මේ කොන්ඩම් එක අතුරන එකත් එය සංවෘත එකක් නිසා ශුක්‍රාණු ඒ හරහා ගමන් නොකිරීමත් කියන දේ. ගුද ලිංගික සංසර්ගයකදී නම් මේ කොන්ඩමය ගුදය තුළට ඇතුළු කරන්න පුළුවන්. කාන්තා කොන්ඩමයක දෙපැත්තේ රබර් වළලු දෙකක් තියෙනවා. පිට පැත්තේ ඇති වළල්ල මගින් කොන්ඩමය ඇතුළට යාම වළක්වන අතරම, භගමණිය උත්තේජනය කිරීමත් සිදු කරනවා. කාන්තා කොන්ඩමයක් ලිංගික සංසර්ගයට පැය 8 කට කලින් වුවත් ඇතුළු කර ගැනීමට හැකියාව තිබෙනවා. එය ඔබටම හෝ ඔබගේ සහකරුගේ මාර්ගයෙන් ඇතුළු කර ගැනීමට පුළුවන්.
කාන්තා කොන්ඩමයක් යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර ලිහිස්සි ද්‍රව්‍යයක් (gel) හෝ ශුක්‍රාණු නාශකයක් (spermicide) එහි පිටත තැවරිය යුතුයි. නැතිනම් එය නිසියාකාරව යෝනි මාර්ගය ඇතුළත පැතිරෙන්නේ නැහැ. කාන්තා කොන්ඩමය තරමක් කරදරකාරී එකක්. එය පැත්තෙන් පැත්තට චලනය වනවා වගේ දැනීම සාමාන්‍ය දෙයක්. ඇවිදීමේ දී මේ අපහසුතාවය දැනෙන්න පුළුවන්. සැලකිලිමත් විය යුතු දෙයක් තමයි ශිෂ්ණය ඇතුළු කිරීමේ දී නිවැරදිව කොන්ඩමය තුළට පිවිසෙනවා ද යන්න සොයා බැලීම. ඒ වගේම ශිෂ්ණය ඇතුළු කිරීමේ දී පිටත රබර් වළල්ල යෝනිය ඇතුළට නොයෑමට වගබලා ගත යුතුයි. සංසර්ගයෙන් පසු පිටත රබර් වළල්ල මිරිකා ශුක්‍ර තරලය පිටතට නොගලන පරිදි සෙමින් ඉවතට ඇද දැමිය යුතුයි.
ලෝකයේ භාවිතා කරන තවත් උපත් පාලන ක්‍රම බොහොමයක් තියෙනවා.