Beauty
නිරෝගී සමක් වෙනුවෙන් කළ හැකි උදෑසන ප්‍රතිකර්ම 7ක්
සමකයට ආසන්න රටක ජීවත් වන අපිට අපේ සම නිරෝගීව සහ ප්‍රියමනාපව තබා ගැනීමට නම් ඒ පිළිබඳව තරමක් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. දැඩි හිරු රශ්මියට මෙන්ම දූවිලි වලටද නිරාවරණය වීම නිසා චර්ම රෝග මෙන්ම සම අවපැහැයක් ගැනීමට ඇති ඉඩ කඩ මෙයට හේතුවයි. මේ උදෑසන නිවසින් එලියට බැසීමට පෙර ගැහැණු පිරිමි බේදයකින් තොරවඔබේ සමේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි දෑ කිහිපයක්.
මුහුණ cleanse කිරීම.
නින්දකින් පසුව මුහුණේ දකින්නට ලැබෙන තෙල් සහිත ස්වභාවය මෙන්ම රාත්‍රී කාලයට ඔබ මුහුණේ මොනවා හො ආලේපන ගල්වනවානම් ඒවා හොඳින් ඉවත් කර සම පිරිසිදු කිරීම මෙමගින් සිදුවනවා.
ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනයක් භාවිතා කිරීම.
විටමින් ඒ, සී, ඊ සහ සෙලේනියම් යනාදී දෑ අඩංගු කර නිපදවා ඇති ආලේපන වෙළෙඳපොලෙන් පහසුවෙන් මිලදී ගත හැකියි. හිරු එළියේ අඩංගු වන අහිතකට කිරණ වලින් සම යම් තරමකට ආරක්ෂා කිරීමට මේවාට හැකියි. ආලේපන පමණක් නොවෙයි ප්‍රති ඔක්සිකාරක අඩංගු ආහාර ගැනීමත් සමේ සෞඛ්‍යයට ඉතාම වැදගත්.
කියවන්න,
නිරෝගී, සුසිනිඳු සමක් සඳහා ගත යුතු ආහාර
Sun Screen එකක් ආලේප කරන්න.
ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනය ආලේප කර මිනිත්තු කිහිපයක් ඉක්මවූ පසු sun screen එකක් ආලේප කළ හැකියි. හිරු එලියට එරෙහිව සැමට අමතර ආරක්ෂාවක් එයින් ලැබේවි.
කියවන්න,
Sun Screen පිලිබඳ ඇති මිත්‍යා මත 5ක්
ආලේපන මුහුණේ පමණක් නොව බෙල්ලේ, අත්දෙකේ සහ උරහිස්වල හිරු එලියට නිරාවරණය වන ප්‍රදේශයේද ආලේප කරන්න.
හිරු එළියෙන්, කුණු දූවිලි වලින් ආරක්ෂා කර ගත යුත්තේ මුහුණ පමණක් නොවෙයි.
කුරුලෑ අතින් පොඩි කරන්න, කඩන්නට යන්න එපා.
කුරුලෑවක් දුටු විට එය අතින් පොඩි කිරීම කෝ කැඩීම අප බොහෝ දෙනෙකු සතුව තිබෙන පුරුද්දක්. මෙය කිසිසේත්ම නොකළ යුතුයි. එයින් වන්නේ කුරුලෑ කැළැල් ඇති වීමයි. එමෙන්ම විෂබීජ ආසාදන තත්වයන්ටද එයින් මග පෑදෙනවා.
උදෑසන ආහාරයට පලතුරක් එක් කර ගන්න
මීට පෙර සඳහන් කළා සේ ප්‍රතිඔක්සිකාරක අඩංගු පලතුරක් ඔබේ උදෑසන ආහාරය සඳහා එක් කර ගත හැකියි.
ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න
සම අවපැහැගනේවීම, වියළීම පාලනය කිරීමට ජලය ඉතාම සුදුසු ප්‍රතිකර්මයක්. උදෑසන අවදි වූ විට ජලය වීදුරුවක් පානය කිරීම ඔබේ සමට ආරක්ෂාවක් ලබා දෙනවා මෙන්ම ශරීර පද්ධතිවල ක්‍රියාකාරීත්වය යහපත්ව සිදු වීමට මග පාදනවා.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks