ව්‍යායාම කිරීම අපට ආගන්තුක දෙයක් නොවෙයි.
මුළු ජීවිත කාලය තුළ විවිධ අරමුණු සඳහා අපි ව්‍යායාම වල යෙදෙන්නෙමු. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම ක්‍රීඩාවන් වෙනුවෙන් සිරුර සකසා ගැනීමට ව්‍යායාම වල යෙදෙති. ඇතැම් රෝගාබාධ ඇති පුද්ගලයන් එම රෝග සුවපත් කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම වල යෙදෙති. මේ අතර තවත් පිරිසක් තම සිරුරේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම වල යෙදෙති.
වෛද්‍යතුමනි සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයකුට නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා දිනපතා යෙදිය හැකි ව්‍යායාම වර්ගය කුමක්ද?
ලෝකයේ දැනට භාවිතා කරන ව්‍යායාම වර්ග 120 ක් පමණ තිබෙනවා. එම ව්‍යායාම එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා අනුව භාවිතා කරනවා. නිරෝගී දිවියක් ගත කිරීමේ අරමුණින් යම් පුද්ගලයකුට දිනපතා නිතරවිය හැකි හොඳම ව්‍යායාමය වනුයේ ස්වායු (Caරාසද) ව්‍යායාම වර්ගයයි.
ස්වායු ව්‍යායාම යනු රිද්මයානුකූලව නොනවත්වා වාතයේ ඇති ඔක්සිජන් වායුව ශරීරයට වැඩිපුර ලබාගැනීම සඳහා කරනු ලබන ව්‍යායාමයන්ය.
මෙම ව්‍යායාම මගින් හෘදස්පන්ධනය සහ රුධිර ගමනා ගමනය ක්‍රමානුකූලව ඉහළ නංවාගෙන ව්‍යායාම කරන කාලය තුළ එය එක් අගයකින් පවත්වාගෙන යා හැකියි.
මෙලෙස අපට පහසුවෙන් යෙදිය හැකි ස්වායු ව්‍යායාම ලෙස ඇවිදීම පිහිනීම, පාපැදි ධාවනය සහ ඇරොබික්ස් නමැති ව්‍යායාමවල යෙදීම දැක්විය හැකියි.
වෛද්‍යතුමනි, මෙම ස්වායු ව්‍යායාමවල දිනකට කොපමණ වේලාවක් නිරත විය යුතුද?
අප බොහෝ දෙනා ව්‍යායාම වල නිරත වන්නේ නිරෝගී සෞඛ්‍ය සම්පන්නව වැඩි කාලයක් ජීවත් වීම සඳහායි. ඒ සඳහා පෙණහලු පද්ධතිය ශක්තිමත් කරගැනීම, රුධිර ගමනා ගමනය ක්‍රමානුකූලව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එනිසා අඩුම වශයෙන් දිනකට පැය භාගයක් පමණ ව්‍යායාම වල නිරත වීම සුදුසුයි.
මෙම පැය භාගය යනු නොනවත්වා එක දිගට ව්‍යායාම වල නිරත වීමයි.
මෙලෙස නොනවත්වා සිදු කරන ව්‍යායාම දිනකට පැයක් පමණ සිදු කිරීම සාමාන්‍ය දිවියක් ගත කරන පුද්ගලයකුට ප්රමාණවත්ය.
වෛද්‍යතුමනි, ව්‍යායාමවල යෙදීමට සුදුසුම වේලාව කුමක්ද?
ව්‍යායාමවල යෙදීමට සුදුසුම කාලය තමයි ඉර උදාවන උදැසන කාලය. එය උදැසන 6 ත් 7 ත් අතර කාලය තුළ සිදු කළ හැකියි.
මෙම කාලය යනු හිරු එළිය පොළවට පතිත වන අවස්ථාවයි. එනිසා එහි දැඩි හිරු රැස් නැහැ. සිරුරට අවශ්‍ය විටමින් zඩීZ ලබාගැනීමට අවශ්‍ය ශක්ති ප්රභවය මෙම හිරු කිරණවල තිබෙනවා.
එසේම මෙම කාලය තුළ පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු නිසා පරිසරයේ තිබෙන ඔක්සිජන් වායුව වැඩියි.
වෛද්‍යතුමනි මෙවැනි ව්‍යායාමවල නිරත වන විට භාවිතා කළ යුතු ඇඳුම් පැළඳුම් මොනවාද?
කපු රෙද්දෙන් නිමාවූ ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම කළ යුතුයි. විශේෂයෙන්ම දහදිය දමන ව්‍යායාමවල නිරත වන විට එම දහදිය හොඳින් උරාගත හැක්කේ කපු රෙදිවලින් සකස් කළ ඇඳුම් පැළඳුම්වලටය. එනිසා කපු රෙදිවලින් සකස් කළ යට ඇඳුම් සහ බාහිර ඇඳුම් භාවිතා කළ යුතුයි.
ඇවිදීම, පාපැදි ධාවනය වැනි ව්‍යායාමවල නිරත වන විට හිරු එළියට නිරාවරණය වන නිසා සුදු පැහැති ඇඳුම් වලින් සැරසීම වඩාත් සුදුසුයි. සුදු පැහැයට හිරු එළිය පරාවර්තනය වන නිසා සිරුරට අධික උෂ්ණත්වයක් ලැබෙන්නේ නැහැ.
ව්‍යායාමවල නිරත වන විට විවිධ ආභරණ පැළඳීම නොකළ යුතුයි.
වෛද්‍යතුමනි, ව්‍යායාමවල නිරතවීමෙන් පසු ගත යුතු ආහාර මොනවාද?
ව්‍යායාම වල නිරත වීමේදී ශරීරයේ උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉහළ ගොස් තිබෙන නිසා ව්‍යායාම වල නිරතවීම අවසන් කළ වහාම ශීත ජලය පානය හොඳ නැහැ. සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත ජලය පානය කළ යුතුයි.
එහිදී ජලය මිලිලීටර් 250 ක් පමණ පානය ප්රමාණවත්ය.
එසේ නැතිනම් සීනි අඩු පලතුරු යුෂ පානයක් ගැනීම කළ හැකියි.
ව්‍යායාම වල නිරතවීමෙන් පසු පැයක් පමණ යනතුරු ප්‍රධාන ආහාර වේලක් නොගත යුතුයි.
එනිසා කැලරි 400 ක් 500 ක් පමණ ලැබෙන ආහාර වේලක් ගැනීම සුදුසුයි.
ඒ සඳහා බත් කුඩා කෝප්ප භාගයක් සහ ඒ හා සමාන ප්‍රමාණයක් එළවළු සහ වෑංජන සහිත ආහාර වේලක් ගත හැකියි.
සැන්විච් ආහාරයට ගන්නවානම් සැන්විච් පෙති දෙකක් ඒ සඳහා ගත හැකියි.
පලතුරු ආහාරයට ගන්නවානම් වර්ග දෙක තුනක පලතුරු කැබලි කිහිපයක් ආහාරයට ගත හැකියි.
suwa3එංගලන්තයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න