Life
නාසයට වද දෙන ලෙඩේ
හැමදාම උදේ නැඟිටින කොටකිවිසුම් යනවා ඉවරයක් නැහැ
මගේ නහය බ්ලොක් වෙලා හුස්ම ගන්න බැහැ
මගේ නහයෙන් ලේ යනවා
හැමවෙලේම උගුරට සෙම එනවා
මෙවැනි මැසිවිලි නඟන ඇතැම් පිරිස් ඔබට එදිනෙදා ජීවිතයේ මුණ ගැසෙන්නට ඇති. බොහෝවිට ඔබේ ආච්චි, සීයා හෝ මැදිවියේ පුද්ගලයෙක් ඔබට පවසන්නේ, මේක ඉතිං පීනස අමාරුවනේ කියලයි. කවුරු කෙලෙස කීවත් මෙය පීනස් අමාරුව ද කියා අපි උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගෙන් ගෙන් අසා දැනගනිමු.
පීනස අප අතර බහුලව කථාබහට ලක්වන රෝගයක් අප සමාජයේ බොහෝදෙනෙකු යම් ප්‍රමාණයකට හෝ මෙම රෝග ලක්ෂණවලින් පෙළෙන බව නොරහසකි. ඇත්තටම මේ පීනස කියන්නේ කුමක්ද? වෛද්‍ය විද්‍යානුකූලව (Rhinitis) ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය අසාත්මිකතා නිසාත්, වෙනත් හේතු ගණනාවක් නිසාත්, නාසය තුළ ඇති ශ්ලේෂ්මල පටලයේ හා ආශි‍්‍රතව ඇතිවන වෙනස්කම් ලෙස පැවසිය හැකියි. මෙම වෙනස්කම් නිසා අධිකව කිවිසුම් යාම, නාසයෙන් ගලන දියර ප්‍රමාණය වැඩිවීම, නාසය තුළ ඉදිමීම් නිසා ඇතිවන අවහිරතා, හිසේ කැක්කුම, නාසයේ ලේ ගුලි වශයෙන් නාසයෙන් පිටුපස උගුරට ඒම සහ සෙම ගුලි උගුරට ඒම යනාදි තත්ත්වයන් ඇතිවිය හැක.
පොදුවේ අප සිතන්නේ යම්කිසි අසාත්මිකතාවයන් හේතු කොට නැතහොත් (Allergy) නිසා මේ තත්ත්වය ඇතිවනවා කියාය. එහෙත් වෙනත් කරුණු කාරණා මෙයට හේතුවක් විය හැක. මේසා වූ විවිධ හේතූන් නිසා ඇතිවන පීනස් තත්ත්වයන් ඇතැම්විට ඖෂධ මඟින් සම්පූර්ණයෙන් සුව කළ හැකි අතර ඒ සඳහා අනිවාර්යෙන්ම ඔබේ ජීවන චර්යාවේ වෙනස්කම් ද සිදු කළ යුතු වේ. උදා. සතුන්ගෙන් ඈත්වීම, නිවසේ දුවිලි අවම කිරීම, ඇඳ ඇතිරිලි කොට්ට දුවිලි මයිටාවන්ගෙන් තොරව තබා ගැනීමෙන් ඔබට නීරෝගී ජීවිතයක් ගත කළ හැකි අතර රෝගය පාලනය කරගත හැක. එසේ නොතිබුණොත් ඉහතින් ඔබට පීඩා කරන හේතූන් ඔබගේ අධ්‍යාපනයට එදිනෙදා ජිවිතේ කාර්යයන් සාර්ථකවය ඉටු කිරීමට බාධා පමුණුවනු නිසැකය.
එසේම මතක තබාගත යුත්තේ ඉහත රෝග ලක්ෂණ සැමවිටම පීනසට පමණක් සීමා නොවන බැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඔබ පීනස යැයි අනුමාන කොට ඖෂධ භාවිතය එතරම් යෝග්‍ය නොවන බවයි. මන්ද, නාසයෙන් ලේ ගැලීම, අධික දියර ගැලීම, හිසේ කැක්කුම ඇතැම්විට නාසයේ මස් දළු, කෝඨර ප්‍රදාහය මෙන්ම පිළිකා තත්ත්වයකදී ද දක්නට ලැබෙන බැවිනි, එසේම මෙම රෝග ලක්ෂණ දීර්ඝකාලීන පීනස කෝඨර ප්‍රදාහය හා මස්දළු ඇතිවීමට මඟපාදයි.
ඉහත රෝග ලක්ෂණවලින් දිගුකාලීනව ඔබ පීඩා විදී නම්, ප්රතිකර්මයන්ගෙන් නිසි ගුණයක් නොමැතිනම්, වහාම වෛද්‍යවරයෙකු මුණගැසී Endoscopy පරීක්ෂණ මඟින් නාසය තුළ ඇති තත්ත්වය හා සංකූලතා හඳුනා ගැනීම වැදගත්ය.
තවද මෙවැනි අසාත්මිකතාවයන්ගෙන් දිගටම පෙළෙන රෝගින් ඇතැම් විට, අසාත්මිකතා හඳුනා ගැනිමේ (Allergic Skin test) සඳහා යොමු කිරීමට වෛද්‍යවරයා තීරණය කරනු ඇත. එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වන බවද දැනගත යුතුය. මෙම පීනස වර්ග නැතහොත් Rhinitis වඩාත් බහුලව දක්නට ලැබෙන්නේ අසාත්මිකතා නිසා ඇතිවන තත්ත්වය නැතහොත් Allergic Rhinitis යන තත්ත්වයයි.
මල්වල පරාග, දුවිලිවල සිට මයිටාවන්, සතුන්ගේ ලොම්, දේශගුණ වෙනස්වීම හෝ ඇතැම් ආහාර නිසා මෙම තත්ත්වය වර්ධනය විය හැක. ජානමය බලපෑමක් නිසා පරම්පරාවෙන් ඇතිවන බලපෑමක් මේ සඳහා ඇති අතර, එය තීව්ර වන්නේ අනෙකුත් සාධක නිසාය.
එසේම ගර්භනී සමයේදී සේම මාසික ශුද්ධ වීම ආශි‍්‍රතව ද සමහරුන් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇතිවිය හැක. එහිදී ද නාසයේ අවහිරතා, දියර ගැලීම්, කිවිසුම් යාම ඇතිවන අතර ශරීරයේ හෝමෝනවල ඇති වෙනස්කම් මෙයට බලපායි.
තවත් කොටසකට මෙම පීනස තත්ත්වයන් ඇති වන්නේ නාසය තුළ ඇති ස්නායු අන්ත උත්තේජනය වීම නිසා (Vasomotor Rhinitis) මෙවැනි රෝග තත්ත්වයකදී රෝගියාගේ ඉතිහාසය ඉතා වැදගත් වන අතර, කිසිදු ආහාරයකින් හෝ පරිසරය පාදක කොට රෝගය උත්තේජනය නොවෙයි. ශරීරය තුළින්ම එය ඇති වන බව නිරීක්ෂණය කළ හැක.
(මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සීතා අරඹේපොල)
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks