Beauty
නව යෞවනියන්ගේ ලස්සන වැඩි කරන රහස්
ජීවිතයේ වසත් කාලයට පාතබන නව යෞවනියන් නිතරම හිතන්නේ ලස්සන ගැන. ඒ වෙනුවෙන් කරන සමහර දේවල් නිසා ගැටලු ඇති වෙන්නෙත් පුළුවන්. ඒ නිසා දැනුවත්කම ඉතා වැදගත්.
• අවුරුදු 13 දීම ඔබට රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් අවශ්‍යයයි.
• ඒ උපදෙස් අනුව ඔබේ සම පිළිබඳ මූලික දෑ හඳුනාගන්න.
• එහිදී ඔබේ සමට සුදුසු ජ්චජඥ ඹචඵඩ තෝරා ගැනීමට ඔබට පහසුවෙන්ම පුළුවන්.
• මේ වයසේදීම සුදුසු ඛ්තඥචදජඥප වර්ගයකින් මුහුණ පිරිසුදු කිරීම වරදක් නැත.
Make up
• වයස අවුරුදු 13 - 16 අතර සිටින ඔබ විශේෂ අවස්ථාවක හැර නිතර නිතර ර්චඬඥ භන කිරීම සුදුසු නැත. එසේ විශේෂ අවස්ථාවක ර්චඬඥ භන කිරීමේදී ර්චඬඥ භන කිරීමට පෙර මොයිෂ්චරයිසින් ක්‍රීම් තවරන්න. එහිදී ඔබේ හමට කිසිදු හානියක් සිදු නොවේ. අනතුරුව ජ්චජඥ ඹචඵඩ හෝ ඛ්තඥචදජඥප මඟින් හොඳින් ඉවත් කිරීමද අතිශය වැදගත්ය.
• වයස අවුරුදු 13 දීම ඉභද ජපඥචථ වර්ගයක් භාවිත කරන්නේ නම් හිරු එළියෙන් හමට වන හානි වළක්වාගත හැකියි.
• මෙම 13 - 19 වියේදී ෆේෂල් කිරීම කිසිසේත්ම සුදුසු නැත. නිවෙසේදී හෝ රූපලාවණ්‍යාගාරයට ගොස් - භන කිරීමෙන් මුහුණේ අවපැහැ ස්වභාවය දුරුකර ගත හැකියි.
නියපොතු පාට ගැන්වීමේදී මේ වයසේ බේස්කෝඩ් එකක් මුලින් ආලේප කිරීම වැදගත් වන්නේ නියපොතු දුර්වර්ණ වීම, කැඩීම යන ඒවාට පිළිතුරක් ලෙසිනි. එමෙන්ම කියුටෙක්ස් හැකිතාක් ඉක්මනින් ඉවත් කිරීමට වගබලා ගන්න.
හිස කෙස්
මෙහිදී වයස 13 සිටම ෂැම්පු සහ කන්ඩිෂන් භාවිත කිරීම නුසුදුසු නැත. එහිදී හිසකෙස්වල ස්වභාවය පරීක්ෂා කර බලා එයට අනුව සුදුසු දේ තෝරාගන්න. විශේෂයෙන් හිසකෙස් පාට කිරීම, රීබෝන්ඩින්, ස්ට්‍රේට්නිං වැනි රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත විලාසිතා සඳහා මේ අවධියේ යොමු නොවන්න. එහෙත් විශේෂ අවස්ථාවක හිසකෙස් තාවකාලිකව අයන් කිරීම සහ කර්ලි කිරීම වරදක් නැත. සතියකට වරක් ඔබ භාවිත කරන තෙල් භාවිතයෙන් හිසට තෙල් සත්කාරයක් ලබා දෙන්න. පොල් තෙල් හෝ ඔලිව් ඔයිල්වලට විටමින් ඡ් කැප්සුවල් එකක් මිශ්‍රකොට සතියකට වරක් හිසට සත්කාරයක් කිරීම මේ වයසේ සිටම ආරම්භ කරන්න. මෙහිදී ඔබ ඉදිරියේ හිස කෙස් සම්බන්ධයෙන් මුහුණදෙන ප්‍රශ්න මඟහරවා ගත හැකිය.
පිරිසුදුකම
රූපලාවණ්‍ය යන මුහුණට හෝ හිසකෙස්වලට පමණක් කරන සත්කාර පමණක් නොවේ. මෙහිදී පිරිසුදුකම බාහිර සහ අභ්‍යන්තර යන දෙඅංශයෙන්ම වැදගත් වෙයි. දිනපතා ස්නානය කිරීම, ඇඟ සේදීම, ඩියොඩ්රන් වර්ගයක් භාවිත කිරීම ඔබේ ලස්සන තවත් වැඩි කරයි.මේ අවධියේ රූපලාවණ්‍ය කටයුතු හිතුමතේට කරන්න එපා. හැම විටම රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් පිළිපදින්න. එවිට ඔබේ ලස්සන ඔබට අවශ්‍ය පරිදි රැක ගැනීමට හැකි වේ.
(under the courtesy of goodhousekeeping.lk web)