තවමත් දරු සම්පත් නැත්නම්. (16)
fmlyසිද්ධාර්ථ බෝසත් තුමා ගිහිගෙයින් නික්මුණු දින සිට උත්සාහ කළේ සත්ත්වයාට අනන්ත දුක් දෙවන වයස් ගත වීම, ලෙඩරෝග වැළඳීම හා මරණයට පත්වීම ආදී සියල්ලට මුල් වන උපත නැති කළ හැක්කේ කෙසේද? උපත යළි යළි සිදුවන්නේ කවර හේතුවක් නිසාද? යන කරුණු සොයා දැනගැනීමටයි. බුද්ධත්වය ලැබීමත් සමග උන්වහන්සේ තණ්හාව උපතට මුල්වන බවත්, සත්ත්වයාගේ උපත යළි යළි සිදුවීමට එයම හේතුවන බවත්, පසක්කර ගත්හ. එපමණක් ෙ2නාව යහපත් දැකීම, යහපත් සංකල්ප, යහපත් වචනය, යහපත් කටයුතු, යහපත් දිවිපෙවෙත, යහපත් වෑයම, යහපත් සිහිය, යහපත් සමාධිය යන අංග අටෙන් සම්පූර්ණ වූ නුවණැස, පැණැස, අභිඥා, සම්බෝධි ඥානය හා නිර්වාණය ලබා ගැනීමට උපකාරී වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් 'මධ්‍යම ප්‍රතිපදාව' සොයා ගත්හ. මේ මාර්ගයට අවතීර්ණ වී එහි පෙරට ගමන් කිරීමෙන් මනුෂ්‍යයාට තණ්හාව මුලිනුපුටා දමා උපත යළි යළි සිදුවීම නතර කරවන නිර්වාණය ලද හැකි බව උන්වහන්සේට අවබෝධ විය.
මෙසේ උදාන වාක්‍ය පහළ කළ බුදුරජාණන් වහන්සේ අතීතය මෙනෙහි කොට, බුද්ධත්වය පැතූ තමන් වහන්සේ බෝසතුන් කල වසර කල්ප ගණනාවක් පුරා මිල මුදල්, විවිධ සම්පත්, ධන ධාන්‍ය පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ සහ අඹු දරුවන්ද දන් දුන් ආකාරය ආවර්ජනා කළ සේක. බෝධි පර්යංකයට ව්‍යාජ හිමිකම් කියාගෙන ආ කෙලෙස් නැමති මාර සේනා පරාජය කොට එම පර්යංකයෙහි හිඳ සසර පතාගෙන ආ ජයග්‍රහණය ලැබූ ආකාරය සිහිපත් කළ සේක.
සතිපතා මා ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පූර්ව කථනයකින් ඔබ හමුවට එන්නේ.... මා යම්කිසි අධිමානසික හැකියාවකට, භාවනාවේ යම්කිසි ස්ථානයකට පැමිණීමට හැකියාව ඇති කරගත්තේ ශ්‍රද්ධාවෙන් ශීලයෙන් යුතුව බුදුන්ගේ සරණ ගිය නිසාවෙන්මයි. දරු ඵල යනු බැඳීමක් මයි. භවසසර තව තව දීර්ඝ වීමක් මයි.
මිනිසුන් රහසේ වැරදි කරති. තමන් කරන ලද වරද, අපරාධ, අයුතු ලාභ කිසිවෙකු නොදුටු බැවින්, නොදන්නා බැවින් තමන් කළ දෙය සාධාරණයයි සිතා නිහඬව සිටිති. කොපමණ හිතට වහංගු කළත් ඒවා විශ්වයට නම් රහස් නොවේ. විශ්වය නිහඬව මෙම අසාධාරණයන් බලා සිටී. අවස්ථාව පැමිණි විට ද`ඩුවම් ලැබේ. කෙනෙක් මෙලොව දීමද කෙනෙක් මරණින් මතුද විපාක විදිති. ඒ අතර වැරදි කළ පුද්ගලයා තනිවූ අවස්ථාවල ඔහුගේ සිත පෙරකළ වැරැදි සිහිවී සිත පීඩා කරයි. මා නිසා අසවලාට සිදු වූ පාඩුව, අපරාධය, දුක යෑයි සිහියට නැඟේ. අකුසලය නැවත නැවත මෙනෙහි වන විට චිත්ත සන්තානයේ අඳුර, පීඩාව තව තවත් වැඩි වේ. විපාක දෙන විට කර්මය නියාමයට අනුව සිදුවන විට තමන් ගෙන් පීඩාවට පත් පුද්ගලයන්ගේ භූතාත්ම පවා වෛරයෙන් පළිගැනීමට පැමිණෙති. මානව සෞඛ්‍යයට අමනුස්සයන්ගේ බල පෑම් සිදුවන බවට ඈත අතීතයේ සිටම තොරතුරු වාර්තාවී ඇත. සෘද්ධි බලයෙන් අග්රස්ථායි මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් සුසී නම් මාරයා රිංගා උන්වහන්සේට පීඩා කළ බව කියවේ.
මාතර නිහාල් තිස්නම හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ ගුරුවරියක් වූ තිස්පස් හැවිරිදි යශෝධාය. ඔවුන් දෙපළ විවාහ වී වසර පහක් ගතවුවද දරු පිළිසිඳ ගැනීමකට ලක් වී නොමැත. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළද පලක් වී නොමැති අතර වෛද්‍ය පරීක්ෂණයන්ට භාජන වීමේදී ඔවුන් ඉතා නිරෝගී බවද පවසා ඇත. වෛද්‍යවරු රාශියකගෙන් ප්‍රතිකාර කළ ද දරු පිළිසිඳ ගැනීමකට ලක් වී නොමැත. යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම කලද පලක් වී නොමැත . නිහාල් හිටි හැටියේ රාත්රියේදී බෙල්ල බදාගෙන හූ කියනා බව යශෝධා පවසයි. ඔවුන් දෙපළ මා හමුවීමට ආවේ දරුඵලයක් ලබා ගැනීමේ පරම අභිලාශයෙනි. මා භාවනාවෙන් ඔවුන්ගේ ශරීර නිරීක්ෂණය කිරීමේදී ඔවුන් දෙපළගේ අභ්‍යන්තර ඉන්ද්රියයන් ඉතා නිරෝගී බව අවබෝධ වූ අතර, නිහාල්ගේ ශරීරයට වරින් වර ඇතුළුවන ගැහැනු ආත්මයක් සිටිනා බව මට දෘශ්‍යමාණ විය. මා සන්නිවේදනය කරනා ක්‍රමයක් තිබෙනා බැවින් ඇයගෙන් තොරතුරු විමසා සිටියෙමි. ඇය නමින් මානෙල්ය. ඇයගේ ස්වාමියා හදිසි අනතුරකින් මරණයට පත්ව ඇත. නිහාල් මානෙල් සමඟ මිතුරු වී හොර රහසේ වසර දෙකක් පමණ අඹුසැමියන් ලෙස දිවි ගෙවා ඇත. මෙම සම්බන්ධය දැනගත් නිහාල්ගේ දෙමාපියන් ඔහුට විවාහ යෝජනා ගෙනාවත් මානෙල් හ`ඩා වැලපී එයට හරස් වී ඇත. මානෙල් විවාහක කතක් බැවින් ද නිහාල්ගේ දෙමාපියන් එයට අකමැති බැවින්ද නිහාල් මානෙල් අතහැර යශෝධාව විවාහ කරගෙන තිබේ. විවාහයෙන් මාස දෙකකට පසු නැවත නිහාල් හොර රහසේ මානෙල් සොයාගෙන ගොස් ඇත. එහි ප්‍රතිපලයක් ලෙස මානෙල් ගැබිනියක් වූ අතර එය දැනගත් නිහාල් කෝපාවිෂ්ඨව නැවත වරක් මානෙල්ව අතහැර ගොස් ඇත. නිහාල්ට දැඩි ලෙස ආදරය කළ අසරණ වූ මානෙල් හැඩූ කඳුළින් යුතුව දිවි ගෙවූ අතර දරු ප්‍රසූතියේදී මානෙල් දරුවාද සමඟ මිය ගොස් ඇත. චුති සිතේදී නිහාල් පිළිබඳ වූ වෛරී ආදරය නිසාවෙන් ඇය මරණෙන් මතු නිහාල් ළඟම ප්‍රේතියක වී උපන්නාය. යශෝධාට කිසියම්ම කරදරයක් නොකරන මානෙල් නිහාල්ට ඇති තදබල ඇල්ම නිසාවෙන් නිහාල්ට දරුගැබක් හදන්නට උපකාරී වෙන සක්‍රිය පුරුෂ ධාතු උරා බොමින් ඔහු ඇසුරේම පසු වුණාය. විටක වෛරී සිත පහළ වී රාත්‍රීයේදී නිහාල්ගේ ගෙල මිරිකන ඇය ඔහු කෑගසමින් දඟලන විට අනුකම්පා සිත්පහල වී ගෙල අතහැර ඔහු ඇසුරේම පසුවුණාය. කොපමණ උත්සාහ කළද නිහාල් සහ යශෝධාට දෙමව්පියන් වන්නට නොහැකි වූ බාධාව හරිහැටි අඳුනාගත් මා, මේ සියලු කාරණා සත්‍ය දැයි නිහාල්ගෙන් පෞද්ගලිකව විමසා සිටිය විට.... ඔහු කුඩා දරුවෙකු මෙන් අඬමින් ඒ සියලු කාරනා සත්‍ය යයි පිළිගනු ලැබූ හෙයින්.,. ශ්‍රද්ධාව මුල් කොට ගෙන ශීලයෙන් යුතුව මානෙල්ට පිං පෙත් පමුණුවමින්, කිරීමට අවශ්‍ය බොදු පිළිවෙත් නියම කොට, මානෙල්ට ධර්මය අවබෝධ කර දී උසස් ආත්මයකට යන්නට මඟපෙන්වා ඇය බලවත් බෝධිස්ථානයකට බාරකිරීමට අවශ්‍ය කටයුතු පිළියෙල කොට දුනි. යශෝධා සහ නිහාල් දැන් කාලය ගත කරන්නේ ඉතා සතුටෙනි. එයට හේතුව නම් ඇය දැන් සයමස් ගැබිනියක් වීම නිසාවෙනි.