Beauty
දුර්වර්ණ දෙතොල්වලට ප්‍රතිකාරයෙන් පසු සුන්දර පෙනුමක්…
කොයිතරම් නම් පාට ආලේප කර පිට පෙනුම ලස්සන කරන්නට සිතුවත් ඇත්තටම ඔබේ දෙතොල් දුර්වර්ණ නම් ඔබ කොයි තරම් නම් කනස්සල්ලෙන් සිටීද? ඒකට හේතුව දෙතොල් දුර්වර්ණ වූ පසු කොතරම් පාට ආලේපන භාවිතා කරත් සුන්දර සියුමැලි දෙතොලක පෙනුමක් ඒ තුළින් ඔබට නොලැබීමයි.
එවැනි අයෙකුට නිවසේදීම ඉතා පහසුවෙන් දෙතොලේ මැරුණු සම ඉවත් කර දී දීප්තිමත් සුන්දර දෙතොලක හිමිකාරිත්වය ලබා දෙන ක්‍රමවේද දෙකක් පිළිබඳව අපි අද ඔබට කියන්නෙමු.
දෙතොල්වලට බේබි ඔයිල් ගල්වා කුඩා පිරිසිදු තුවා රෙදි කැබැල්ලකින් පිරිමදින්න. පිරිමැදීමේදි වක්‍රාකාරව පිරිමදින්නට මතක තබා ගත යුතුය. ඉන් අනතුරුව දෙතොලේ ලිප් බාම් වර්ගයක් ආලේප කර ගන්න. සතියකට වරක් මේ ආකාරයෙන් ඔබ දත් මදිනා බුරුසුවෙන් ඉතා සියම් ලෙස උඩු අතට දෙතොල් පිරිමදින්න. මෙහිදි ඉතා පහසුවෙන් ඔබේ දෙතොලේ මැරුණු වියලි සම ඉවත් වී ක්‍රමයෙන් දුර්වර්ණ ගතිය දුරලයි.
සමට ගල්වන ආලේපන වර්ග නිසි අයුරින් ඉවත් නොවුනු කළ ද ක්‍රමයෙන් සම දුර්වර්ණයන්ට හැඩ ගැසේ. එසේම තොල් පාට ආලේපනද අවශ්‍යතාවයෙන් පසු ඉවත් නොකළ හොත් අනිවාර්යයෙන්ම ඔබ නොදැනුවත්වම දුර්වර්ණ වේ. එසේ නම් ඔබ කළ යුත්තේ දෙතොල්වලට පාට ආලේපන භාවිතා කිරීමෙන් පසු ක්ලෙන්සර් වර්ගයක් ගෙන පුළුන් කැබැල්ලක පොගොවා තොල් ආලේපන හොඳින් ඉවත් කර ගැනීමයි. නැතිනම් ක්‍රමයෙන් ඔබේ තොල් වියලී දුර්වර්ණවී අවලස්සන විය හැකිය.
(under the courtesy of goodhousekeeping.lk web)