තද රතු පැහැයෙන් යුත් දෙළුම් අනුභව කරන්න වයස් භේදයකින් තොරව බොහෝ දෙනා කැමැතියි. ඒ වගේම පලතුරු අතර සෞඛ්‍යමත් පලතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැකියි. දෙළුම්වල ශරීරයට හිතකර සංයෝග රැසක් අන්තර්ගතයි. එය ආහාරයට ගැනීමෙන් බොහොමයක් රෝග වළක්වා ගැනීමටද හැකියාව ලැබෙනවා.
දෙළුම් ග්‍රෑම් 100ක ගුණ
ප්‍රෝටීන් ගෑම් 1.6
ජලය ග්‍රෑම් 78
ශක්තිය කි.කැලරි 65
මේදය ග්‍රෑම් 0.1
කාබෝහයිඩේ්‍රට් ග්‍රෑම් 14.5
කැල්සියම් මි.ග්‍රෑම් 10
පොස්පරස් මිලි ග්‍රෑම් 70
යකඩ මි. ග්‍රෑම් 0.3
තයමින් මි. ග්‍රෑම් 60
රයිබොප්ලෙවින් මයිකේරා ග්‍රෑම් 100
විටමින් සී මිලි ග්‍රෑම් 16
දෙළුම් යුෂය විටමින් හා ඛනිජවලින් පොහොසත් අතර ඖෂධීය ගුණයෙන්ද අනුණයි. පැසුණු දෙළුම් ගෙඩියේ මාංසලමය බිජ එලෙසම ආහාරයට ගත හැකි අතර නැතහොත් මාංසලය මිරිකා රසවත් පලතුරු බිමක් ලෙසද සාදා ගත හැකිය.
දෙළුම්වල ඖෂධීය ගුණ ගතහොත් දෙළුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධ ගුණ අන්තර්ගතයි.
දෙළුම්වල ඇති බැක්ටිරියා නාශක ගුණ නිසා ඇස්රෝග සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් සේදීම, තැවීම සිදු කරනු ලබයි. දෙළුම් යුෂ ආහාර අජීර්ණය සඳහා ගුණදායකයි. දෙළුම් යුෂයේ ඇති විශ්මිත ගුණය නම් ශරීර ගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී ෙසෙලයකට හානි නොකර වෛරස් මර්ධනය කිරීමේ හැකියාවක් පැවතීමයි. මේ නිසාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී බොහෝ ප්‍රතිකාර සඳහා දෙළුම් ශාකයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගැනේ. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී වැදගත් ඖෂධයක් ලෙස දෙළුම් පිළිගැනේ.
එමෙන්ම දෙළුම් ආහාරයට එක්කර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටද හැකිය. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව පාලනය, හෘදයේ ඇති කරන එල්ඩීඑල් කොලෙස්ටරෝල් අඩු කිරීමද මෙමගින් සිදු කරනවා. දෙළුම් ආහාරයට ගැනීමෙන් මතකය වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක තබයි.